IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනතා මතය දැන ගන්න මැතිවරණයකට යමු

(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාව දරන මතය දැනගැනීමට අනිවාර්යෙයෙන්ම මැතිවරණයක් පැවැත්විය යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹදී පැවසීය.

ආණ්ඩුව ගෙනයන මර්ධනකාරී වැඩපිළිවල සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රතිචාරය දැක්වීමට අවස්තාවක් ලබා දිය යුතු බවත් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.

එසේ නොමැතිව ඡන්ද කල් දැමීමේ ප්‍රතිවිපාක ආණ්ඩුවට ඉදිරියේදී භුක්ති විදිමට සිදුවනු ඇති බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්්‍යාලයේ පැවති මාධය හමුවකදී ඔහු පැවසීය.

ඉන්දියානු ණය වැඩපිළිවල යටතේ (ක්‍රෙඩිට් ලයින්) වෙනුවෙන් ලැබෙන ණය මුදලින් අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ මිලදි ගන්නවා වෙනුවට පොලිස් ජිප් රථ ලබා ගැනීමේ සූදානමක් ඇතැයිද මන්ත්‍රීවරයා එහිදි කීවේය.

ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රවය සහ සහන ලබා දීම වෙනුවට මර්ධනය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ අරුමුණ බවට මින් පැහැදිලි වන බවත් ඔහු තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගයේ බණ්ඩාරගම ආසන සංවිධායක පරිසරවේදී නයනක රන්වැල්ල මහතාද මෙහිදී අදහස් දැක්වීය.

 



අදහස් (7)

ජනතා මතය දැන ගන්න මැතිවරණයකට යමු

gamsaba Tuesday, 01 November 2022 09:51 PM

ඔව් අපි මැතිවරණයකට යමු. ... අනිවාර්යයෙන්ම.

:       12       7

PereraWednesday, 02 November 2022 09:42 AM

ආයේ ලංකාවේ මැතිවරණ තියන්නේ නැහැ.

:       3       2

de silva Wednesday, 02 November 2022 01:19 AM

අලුත් මැතිවරණයකට ගියොත් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුගෙන් අවම වශයෙන් 70% වත් දේශපාලනයෙන් ජනතාව විසින් විශ්‍රාම යවනවා අනිවාර්යයෙන්ම. ඔවුන් කැමති වෙයිද මේකට? එම නිසා වැඩිලා සිටින මොවුන් මොන බොරුවක් හරි කිය කියා බඩගාමින්, දණගාමින් ලබන අවුරුදු 2 තුළ සංවිධානය වෙනවා මේ අවස්ථාවේ. සමහරු කියනවා ලබන අය වැය පරාද කරලා ආණ්ඩුව ගෙදර යවනවා කියලා. මම නම් හිතන්නේ නැහැ එහෙම වෙයි කියලා. ස්වාධීන වෙලා හිටියත් විරුද්ධපක්ෂහෙිටියත් සියලුදෙනාම එකතුවෙලා අයවැය දිනවනවා. ඔක්කොම හොරු. ඔක්කොම යාලුවෝ. අපට මේ දුක තව අවුරුදු 4-5 ක් කරගහන්න වෙනවා.

:       0       11

Sriyan Lanka Wednesday, 02 November 2022 05:48 AM

එක්සත් ජාතික පක්ෂය රට පාලනය කරන යුගයේදී, එම රජයට විරුද්ධව විශාල මහජන විරෝධතා පැවැත්වුණා ...... ඒ කාලයේදී නම් අපේ ගරු මන්ත්‍රිතුමා මෙහෙම කිව්වේ නැහැ, මැතිවරණය කල් දැමීමට තමයි මෙතුමා මහන්සි ගත්තේ ... !

:       2       4

Lanka Wednesday, 02 November 2022 06:10 AM

රාජපක්ශලාට තියෙන කැමැත්ත තම තමා උඹටත් තියෙන්නේ.

:       0       7

fairoosWednesday, 02 November 2022 12:34 PM

බයි වහල්ලුන්ට තාම මදි. තව පොඩ්ඩක් රට බංකොලොත් උනාට පස්සේ චන්දයක් තියමු නේද ?

:       0       0

Saththaya Wednesday, 02 November 2022 08:30 AM

ඔව් , දැනට සුදුසුම දේ ,බඩගින්න නිවන්න, හොදටම හාරන්න පුළුවන් කෙනෙක් තෝරමු. ජයවේවා!

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site