IMG-LOGO

ජනතා ගැටලුවලට විසඳුම් දෙන්න ආණ්ඩුව අසමත් වෙලා

(සුජිත් හේවාජුලිගේ සහ   අංජුල මහික වීරරත්න)

වෘත්තීයවේදීන් පෙන්වා ඡන්ද ලබාගෙන පිහිටවූ ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්නවලට වෘත්තීයභාවයෙන් විසඳුම් සෙවීමට බොහෝ අවස්ථාවල අසමත්වූ බව කෝප් කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පත්කළ මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවැසීය.

මේ ආර්ථික අර්බුදය ඇතිවුණේ  ඒ නිසා  බව පැවසූ මන්ත්‍රීවරයා ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට පැමිණ  පස්සට තල්ලු වීම ගැන  විදේශයන්හි මිත්‍රයන් අද හිනා වෙමින් සිටින බවද   ප්‍රකාශ කළේය.

මේ ගැන  අපිට විශාල ලැජ්ජාවක්  ඇතැයිද ඔහු කීවේය.

විවිධ පෝලිම්වල දුක් විඳින අහිංසක ජනතාවගේ දුක දකිද්දී ඔවුන් එලෙස පෝලිමේ ඉන්නේ ඒ අය  කරපු වරදක් නිසා නොවේ කියලා හැඟෙන විට  තමාට විශාල වේදනාවක් දැනෙන බව පැවසූ චරිත හේරත් මහතා 2008 ඉඳල හිටපු සියලුම මුදල් ඇමැතිවරුන් මුදල් ලේකම්වරුන් , මහ බැංකු අධිපතිවරුන්  ස්වෛරී  බැඳුම්කර ක්‍රියාදාමය ඉදිරියට ගෙන ගොස් ඒ හරහා මූල්‍ය  වෙළෙඳපොළෙන් අධික පොලියට ණය ලබාගත් බවද  ප්‍රකාශ කළේය.


විදේශ මුදල් හොයන්නෙ නැතිව ගත් එම ක්‍රියාමාර්ගය නිසා මේ ප්‍රශ්නය පුපුරා යන තැනට පැමිණි බවද මහාචාර්යවරයා පැවසීය.

රටේ 2019 න්  පසුව පත් වූ මුදල් ඇමැතිවරුන් ලේකම්වරුන් මහ බැංකු අධිපතිවරුන් ඒ කාර්තුවේ සිදුවීම්වලට  වගකිවයුතු බවත්  ඒ අය ආර්ථිකය සම්බන්ධයෙන් නිසි සොයා බැලීමක් නොකළේ යැයි  විශ්වාස කිරීමට සිදුවන බවත් හේරත් මහතා සඳහන් කළේය.

ඉදිරියේදී පුද්ගලයන් විවිධ සංකල්ප ඉදිරිපත් කළ පමණින් ජනතාව ඒවාට ඡන්දය දීම නොකළ යුතු බව පැවසූ මන්ත්‍රීවරයා  සංකල්ප ඉදිරියට ගෙනැවිත්  දිනුවම  අධ්‍යාපනය කෘෂිකර්මය ආර්ථිකය ව්‍යවස්ථාව කරන  පුද්ගලයන්  හෙළිදරව් කරන දේශපාලනයක් මේ රටට අවශ්‍ය බවද  ප්‍රකාශ කළේය.

එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රට කරවන කණ්ඩායම කල්තියා හෙළිදරව් කළ බවත් කොල්වින් ආර් ද සිල්වා ඇන් ඇම් පෙරේරා වැනි විද්වතුන්ද ඒ කණ්ඩායමට ඇතුළත් කෙරුණු බවත් ඔහු කීවේය.

සංකල්ප විතරක් පෙන්නලා පුද්ගලයන්  වහලා කරන දේශපාලනයට ඡන්දය ලබා දිය යුතු නැතැයිද  චරිත හේරත් මහතා සඳහන් කළේය.

නංගි පෙන්නලා අක්කා දුන්නා වගේ විද්වතුන් පෙන්නලා  වෙන මිනිස්සු දාල කෘෂිකර්මය  ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බව පැවසූ මන්ත්‍රීවරයා ඉදිරි කාර්තුවේදී  ප්‍රශ්නය විසඳීමට මේ සභාව එකතුවී වැඩ කළ යුතු බවද පැවසුවේය.



අදහස් (1)

ජනතා ගැටලුවලට විසඳුම් දෙන්න ආණ්ඩුව අසමත් වෙලා

Thilak Wednesday, 08 June 2022 05:04 PM

මේ මනුස්සයාව අගමැති කරමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 354 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 84 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 263 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site