IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජනතාවට බලය බෙදීමක් අවශ්‍ය නෑ

(යොහාන් භාසුර)

මෙරට ජනතාව බලය බෙදීමක් මේ අවස්ථාවේදී බලාපොරොත්තු නොවන බවත් ඔවුන්ගේ අපේක්‍ෂාව රටේ ආර්ථිකය ස්ථාවර කර, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (14) පැවසීය.

බලය බෙදීමේ යෝජනාවලිය කියන කාරණය මේ අවස්ථාවේ අවශ්‍ය දෙයක් නොවන බැවින් බලය බෙදීමේ කාරණය පැත්තකට දමා ප්‍රධානම ප්‍රශ්නය වන ආර්ථිකය නැංවීමේ කටයුත්තට ඝෘජුව මැදිහත්වෙලා සෙසු දේවල් අමතක කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද කී සාගර කාරියවසම් මහතා පැවසුවේ ජනාධිපතිවරයාගෙන් ජනතාව ආර්ථික ගොඩනැගීම බලාපොරොත්තු වන බවත්ය.

රට මේ වන විටත් බංකොලොත්භාවයෙන් මිදි නොමැති තත්වයක් යටතේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම එතරම් ප්‍රඥාඝෝචර දෙයක් හැටියට නොසළකන බව කී කාරියවසම් මහතා රටක් වැටිලා තිබෙන අවස්ථාවක ඒ රට අස්ථාවර කිරීමට විදේශ බලවේග, විවිධ රාජ්‍ය නොවන සංවිධාන උත්සහ දරන්න බව ද සඳහන් කළේය.

අස්ථාවර රටක් තුළ විවිධ කරුණු කාරණා කරමින් අනිසි වාසියක් ගැනීමට උත්සහ කරන පිරිස් සිටින බව ද වැඩි දුරටත් සඳහන් කළේය.   



අදහස් (10)

ජනතාවට බලය බෙදීමක් අවශ්‍ය නෑ

Perera Monday, 14 August 2023 02:47 PM

බලය බෙදාගන්නවාට වඩා ජනතාවට දැන් ඕනෑ තුන්වේලකට බත් බෙදාගන්න විතරයි..

:       0       21

අරවින්ද මොනරවිල Monday, 14 August 2023 02:59 PM

රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලිය එකතුවෙලා ඩබල් ගේමක් ගහනවා. එකෙක් බලය බෙදන්න කතා කරනවා අනිත් එකා බලය බෙදීමට එරෙහිව කතා කරනවා. මුන්ගේ අභිප්‍රාය වෙනවා ඇත්තේ විපක්ෂයේ යම් සමගියක් හො එකමුතු භාවයක් ඇතිවන එක වැලැවීම විය යුතුයි. ඒඋගුලට අහුනොවුනේ ජාතික ජනබලවේගය විතරයි. අනිත් හැම පක්ෂයක්ම කිසිම අවබෝධයක් හො වැඩපිලිවෙලක් නැතුව රනිල් ගහන පදේට නටන නැට්ටුවෝ වෙලා.

:       9       12

සමන් විමල් Monday, 14 August 2023 09:15 PM

රනින් බලයට ගෙන ඒම සදහා ක්‍රියාත්මක වූ පරගලයේ ප්‍රමුඛ කොටස් කරුවන් ජාජා බා

:       0       0

Bamunuarachchi Thursday, 17 August 2023 10:33 AM

මොනරවිල ගොන් පාට් දමන්න එපා ජෙප්පෝත් කියන්නේ 13 දුන්නාට කමක් නැහැ කියලා.

:       0       0

namal Monday, 14 August 2023 03:10 PM

මේ රටේ හින්දු පාලනයක් වෙනම දුන්නොත් ඉන්දියාවේ මුස්ලිම් උදවිය මුහුණදීලා තියන තත්වය තමයි හෙට සිංහල ජනයාටත් වෙන්නේ. හින්දුන් මහා භයානක ජාතියක්... ඔහොම හිටියට.. මේ රටේ ඉන්න කවුරු කවුරුත් මෙයට විරුද්ධ විය යුතුයි .

:       1       9

nanda Monday, 14 August 2023 03:10 PM

සහතික ඇත්ත. රටේ ප්‍රමුඛත්වය දීලා කටයුතු කළ යුතු දේවල් කරන්න. අනවශ්‍ය ප්‍රශ්න මතුකරලා ජනතාව භේද බින්න නොකර...

:       0       10

Achini Monday, 14 August 2023 03:15 PM

රට බංකොලොත් කරපු කට්ටියට දඬුවම් නැද්ද

:       2       8

sene Monday, 14 August 2023 03:26 PM

පෙරේදා හිට්ලර් වැටි තිබුන ආර්ථිකය ප්‍රයෝජනයට ගනිමින් ඒකාධිපති පාලනයක් තුලින් ජාති වාදය තුලින් එම රටම විනාශයට පත්කර දැමිය. අපේ රටටත් ඒ විනාශය දෝ වෙමින් යන්නේ දෝ සිතෙන්නේ මට විතරද ?

:       1       5

Rata Perata Monday, 14 August 2023 06:02 PM

අර ක්‍රිකට් ගහගහ ඉන්න කෙනා එක වචනයක් කියන්නේ නෑ. මොවුන් ඔක්කොම රටේ ජනතාවගේ කරුමෙට ඉපදුණු මිනිස්සු...

:       0       0

සල්ලි Tuesday, 15 August 2023 10:43 AM

මේ මස්තබාල්දුවාගේ දේවල් බලෙන් මිනිස්සුන්ගේ ඔලුවට දාන්න එපා අයියෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 51 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 846 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site