IMG-LOGO

2025 අගෝස්තු මස 23 වන සෙනසුරාදා


ජින්ජර් කියන්නෙ බැණුම් ලොරියක්

2016-12-29-ent-88

ප‍්‍රසංග වේදිකාවේ දඟකාර චරිතය ජින්ජර් වයිට් අපි මෙවර සඳැල්ල කතාබහට එකතු කරගන්න හිතුවා. මේ දිනවල රියැලටි අත්දැකීමක් සමගත් එකතු වී ඉන්න ඇය කලකට පස්සේ විද්‍යුත් මාධ්‍යයේ පෙනී සිටීමත් පේ‍්‍රක්‍ෂකයාටත් සුවිශේෂයි. මන්ද ජින්ජර් වයිට් වැඩිපුර මුණ ගැහෙන්නේ ප‍්‍රසංග වේදිකාවෙන් නිසා. කොහොම වුණත් ඇය ඇගේ කලා ජීවිතේ සහ පෞද්ගලික ජීවිතේ තොරතුරු අපට කිව්වේ මෙලෙසින්.

 

ඉතින් කොහොමද ජීවිතේ?

2016-12-29-ent-89ජීවිතේ ඉතින් හැමදාම සුපුරුදු විදිහට ඔහේ ගෙවීගෙන යනවා. වෙනසක් නෑ.

 

ජින්ජර්ව අල්ලගන්න හරි අමාරුයිනේ?

අනේ ලොකු කමකටවත් ආඩම්බරකමකටවත් නෙවෙයි. පසුගිය දවස්වල ටිකක් කාර්යබහුල වුණා. ප‍්‍රසංග කිහිපයකටම විදෙස් ගත වුණා. ඊට අමතරව දෙරණ ඔඪ එකේ ස්ටාර් සිටි රියැලටි වැඩසටහනට සම්බන්ධ වුණා. වැඩ ඔක්කොම එක්ක ගොඩක්ම කාර්යබහුල වුණා.

 

ජින්ජර්ව ගොඩක්ම මාධ්‍යයෙන් දකිනවා අඩුයි. එකපාරටම රියැලිටි එකක් සම්බන්ධ වෙලා මාධ්‍යයේ මූණ පෙන්නන්න හිතුවේ ඇයි?

ඇත්තමට මම මාධ්‍ය තුළින් පෙනී සිටින්නේ ගොඩක් අඩුවෙන්. කලා ජීවිතේ මම වැඩිපුරම පේ‍්‍රක්‍ෂකයා අතරට ගියේ ප‍්‍රසංග වේදිකාවෙන්. ඔඪ චැනල්වලට මාව හුරු චරිතයක් නෙමෙයි.

දෙරණෙන්, මට ස්ටාර් සිටිවලට ආරාධනා ලැබුණ වෙලාවේ මුලදී ටිකක් අකමැති ගතියක් ඇතිවුණත් පස්සේ හිතුණා ජීවිතේට පොඩි වෙනසකටත් එක්ක ආරාධනාව භාරගන්න. මට ඒක ලොකු චැලෙන්ජ් එකක් කියලා හිතුණා. ත්‍මබ එකටත් එක්ක පොඩි ට‍්‍රයි එකක් දීලා බලනවා.

 

ඇත්තටම ජින්ජර් කියන චරිතය මිනිස්සු අතරට එන්නේ කොහොමද?

මම මුලින්ම හිටියේ ජිප්සීස් සංගීත කණ්ඩායමේ සුනිල් අයියලා එක්ක. ඔය ඉන්න අතුරතුර සුනිල් අයියගෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා ප‍්‍රසංග වේදිකාව ගැන. ප‍්‍රසංග වේදිකාවෙ හැසිරෙන්න ඕන විදිහ, සජීවිව වේදිකාව තුළට පේ‍්‍රක්ෂකයාව රඳවා ගන්න ඕන විදිහ. මේ දේවල් ගැන සුනිල් අයියලා හරහා මට ආසාවක් ඇති වුණා. ඒ වගේම මම හොඳ දැනුමක් ලබා ගත්තා. ඒ විදිහට ඒක කාලෙකදී මට හිතුණා ජින්ජර් කියන දඟකාර චරිතය ප‍්‍රසංග වේදිකාවට ගේන්න. ජින්ජර් කියන චරිතය මිනිස්සු අතරට එන්නේ ඔය විදිහට. ඒ වගේම ජින්ජර් කියන චරිතයේ හැරවුම් ලක්ෂය වුණේ ජිප්සීස් සංගීත කණ්ඩායම කිව්වොත් නිවැරදියි. වේදිකාවේ මට ලොකු වෙනසක් කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය මට ලැබුණේ ජිප්සීස් කණ්ඩායමේ සුනිල් අයියගෙන්. මම කලාවට ආවේ ප‍්‍රසංග වේදිකාවේ වෙනසක් කරන්න.

 

කලාව ඇතුළේ ඔබ උත්සාහ ගන්නේ වෙනසක් කරන්නද? එහෙම නැත්නම් මෙන්න මේකයි කලාව කියලා අමුතු තාලේ රැල්ලක් නිර්මාණය කරන්නද?

මිනිස්සු දවස තිස්සේම මහන්සි වෙලා රෑට සංගීත ප‍්‍රසංගයක් බලන්න එන්නේ විඩාවට. ප‍්‍රබෝධයක් ලබා ගන්න. ඒ මිනිස්සු එන්නේ අපිව බලන්න. අපේ ගීත විඳින්න. ප‍්‍රසංග වේදිකාව කියන්නේ ප‍්‍රසංගයක් දෙන්න ඕන තැනක්. නැතුව ඇඟක් පතක් හොල්ලන්නේ නැතුව ඔහේ පිට්ටු ගෙඩි වගේ බලා ඉන්න තැනක් නෙමෙයි. අලූත් විදිහේ මිනිස්සුන්ට හොඳ රසවින්දනයක් දෙන්න පුළුවන් එකම තැන ප‍්‍රසංග වේදිකාව විතරයි.

 

කෑ ගහලා දඟලල වේදිකාවේ උඩ පැනලා සින්දු කියන ගායිකාවක් විදිහට ඔබව පේ‍්‍රක්‍ෂකයාගෙන් පේ‍්‍රක්‍ෂකයාට වැළඳගන්න විදිහ වෙනස්. මේ දේවල් එක්ක ඔබට දෝෂාරෝපණය එන්න වුණ අවස්ථා තියෙනවා නේද?

අම්මෝ.... ජින්ජර් කියන්නේ දෝෂාරෝපණ ලොරියක්. මට ජනප‍්‍රියත්වය ලැබිලා තියෙන්නේ කවුරුත් හොඳ කියලා නෙමේ. මට බැනලම තමයි මිනිස්සු දැන ගත්තේ ජින්ජර් කියලා චරිතයක් ඇවිත් ඉන්නවා කියලා. ‘‘අර පිස්සු කෙලින එකියක් ඉන්නවා කියලා තමයි මාව මිනිස්සු සොයන්න ගත්තේ’’ ජීවිතේ අපි අලූත් දෙයක් කරන්න යනවා කියන්නේ කුණු කාණුවක ඔළුව දාගන්නවා වගේ වැඩක්. අන්තිමේදී එළියට එන්න වෙන්නේ කුණු ඔක්කොම ගාගෙන තමයි. මට එන ගල් මුල් මම භාරගන්නේ නැහැ. මම ඒ දේවල්වලට සැලෙන්නෙත් නැහැ. මම නිරුවතින් වේදිකාවට එන්නේ නැහැනේ. ඒ නිසා මට ලැජ්ජාවක් නැහැ. මම කතා කරන්නේ අඩුවෙන්. මම ඔය බර වචන දාලා කතා කරන්න දන්නේ නැහැ. කෙල්ලෝ කොල්ලෝ කථා කරන අමු භාෂාව ප‍්‍රසංග වේදිකාවට ගෙනාවේ මම. පොඞ්ඩක් දඟලලා වේදිකාවේ සින්දු කියන්න ගත්තම මුලදි මිනිස්සු මට නොයෙක් දෝෂා රෝපණ එල්ල කළා. තව දෙයක් තමයි මම වේදිකාවට ඇවිල්ලා සින්දුවක් කියලා උඩ පැනලා යන නිකම්ම නිකන් ගායිකාවක් නෙවෙයි. සමාජයේ සිද්ධ වෙන අසාධාරණකම් මිනිස්සු ඉදිරියේ කියන්න උත්සාහ කරන චරිතයක් මම. ගීතයෙන් උනත් මම කියන්නේ මේ සමාජයේ මිනිස්සු ගැන. මම සීනි බෝල චරිතයක් නෙමෙයි. මම වේදිකාවේ රැඩිකල් චරිතයක්.

 

ඔබ කාන්තාවක් විදිහට මිනිස්සු කරන දෝෂාරෝපණ හිනා වෙලා දරාගන්නේ කොහොමද?

දෝෂාරෝපණ වැඩියෙන්ම එන්නේ රසිකයන්ට වඩා අපේ වටේ ඉන්න මිනිස්සුන්ගෙන්මයි. මම ඒක දන්න නිසා මට එන ගල් මුල් කට කතා මම භාර ගන්නේ නැහැ. මම සල්ලිවලට වඩා හොඳට මිනිස්සු හම්බ කරලා තියෙනවා. මොකද මගේ න්‍දඉ එක පටන් ගන්නෙත් මිනිස්සු එක්ක, න්‍දඉ එක අවසන් කරන්නෙත් මිනිස්සු එක්ක. ඔය දෝෂාරෝපණ එල්ල කරන අය මට මූණට කියන්නේ නැහැනේ. වටෙන් ගොඩෙන් එන ඒවා මම ගණන් ගන්නේ නැහැ.

තව දෙයක් දෝෂාරෝපණ ගල් මුල් එන්නේ නැත්නම් ජීවිතේ කිසි ගැම්මකුක් නැහැනේ.

 

ඔබ ක්ෂේත‍්‍රයට එන්නේ වේග රිද්ම ගීත එක්ක. ප‍්‍රසංග වේදිකාව හරහා මේ ීඑහකැ එක වෙනස් කරලා ශාස්ත‍්‍රීය ගීතයක් ගායනා කරොත්?

මම ශ‍්‍රාස්ත‍්‍රීය ගීත ගායනා කරන්න හරිම ආසයි. මම ගෙදර ඉන්න වේලාවට අහන්නේ ශ‍්‍රාස්ත‍්‍රීය ගීත. මම ශාස්ත‍්‍රීය ගීතයක් ගායනා කළොත් පේ‍්‍රක්‍ෂකයා මගෙන් බලාපොරොත්තු වෙනදේ නැති වේවි කියලා හිතෙනවා. මම පිළිකා රෝගී දරුවන්ට ගීතයක් කළා. ඒ ගීතය නම් ශ‍්‍රාස්ත‍්‍රීය පැත්තට ටිකක් බරයි.

 

ජින්ජර් සමාජ සේවයටත් හරියට කාලය කැප කරනවා කියන්නේ ඇත්තද?

මම අර දේවල් කළා, මේවා කළා කියලා සමාජ බෙඞ් අඩවිවල, ෆේස් බුක්වල දාන්නේ නැහැ. මම එහෙම ජනප‍්‍රිය වෙන්න ආස නැහැ. රණවිරුවන් වෙනුවෙන්, පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් මට පුළුවන් හැකි අයුරින් ගොඩක් දේවල් කරනවා. ඒ අයව බලන්න යනවා. මම හිතන්නේ අපි කරන දේවල් අපේ හිතේ තිබුණම ඇති. සමාජයට ඒ දේවල් දීලා මම ‘‘පොරක්’’ වෙන්න කැමැති නැහැ.

 

ඔබ සංගීතය පිළිබඳ කොයිතරම් දුරට හැදෑරීමක් කරලා තියෙනවාද?

මගේ සංගීත පාසල වුණේ ජිප්සීස් කණ්ඩායමේ සුනිල් අයියා. මම මුලින්ම කරලියට ආවේ මගේ හැකියාවෙන්. පසුව හැදෑරීමක් කළා. මොකද මම ප‍්‍රසංග වේදිකාවේ ගායිකාවක් පමණයි නිසා. මම ශ‍්‍රාස්ත‍්‍රීය ගීත කිව්වනම් මට අනිවාර්යෙන්ම හදාරන්න වෙනවා. මම මාධ්‍යට නොකියපු දේවල් ගොඩක් තියෙනවා. සමහරු හිතනවා මම ෆීල්ඞ් එකට අහසින් වැටිච්ච කෙනෙක් කියලා. ප‍්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක මහත්මිය මගේ ළඟම ඥාතිවරියක්. මම උඩින් පාත්වුණ කෙනෙක් නෙමෙයි. මේ හැකියාව මට ලැබුණේ මගේ පවුලෙන්මයි. මගේ පවුල කලා පවුලක්. සමහර වේලාවට සුජාතා මහත්මිය අහනවා ඇයි මං ගැන වැඩිය කියන්නේ නැත්තේ කියලා. මම එතුමියට ගොඩක් ගරු කරනවා. මම කොතැනකදීවත් මමයි චණ්ඩියා කියලා කියන්නේ නැහැ. මම මගේ ගමන ආවේ මගේ උත්සාහයෙන්. මේක මගේ නෑ පරපුරගේ නම විකුණගෙන ආපු ගමණක් නෙමෙයි. ඒ නිසා මට මං ගැන ගොඩක් සතුටුයි.

 

වර්තමානයේ අඬන කලාවේ රැුල්ල ගැන දඟලන කලාව එක්ක ඉන්න ජින්ජර් මොකද කියන්නේ?

ඒ ගැන හරිම දුකයි. සංගීතය කියන්නේ ඔසුවක් හා සමානයි. සමහර විෂුවල් තියෙනවා බලන්න බෑ අප්පිරියයි. පිරිමි හොටුපෙරාගෙන අඬනවා. ඉස්සරත් අපේ සංගීත ප‍්‍රවීණයෝ විරහ ගීත කිව්වා. හැබැයි හොටුපෙරාගෙන ඇඬුවේ නැහැ. අද ගොඩක් තරුණ අය හිතනවා ඇඬුවොත් තමයි සින්දුව ජනප‍්‍රිය කරගන්න පුළුවන් කියලා. ඇඬිල්ල මාකට් කිරීම සංගීතය නෙමෙයි. මේ සංගීතය හරිම තාවකාලිකයි. මම කියන්නේ තරුණ පරපුරේ හොඳ දක්ෂයොත් ඉන්නවා. වෙහෙසිලා හොඳ නිර්මාණ කරන්න උත්සාහ ගන්න. කලාව ඇතුළේ ජෝකර්ලා වෙන්න එපා. සමහර සින්දුවල කොල්ලෝ, කෙල්ලෝ අඬන විදිහ දැක්කම මළගෙවල් වලවත් ඒ තරම් අඬනවා මම දැකලා නැහැ.

 

නදීශා අතුකෝරළ

 



අදහස් (0)

ජින්ජර් කියන්නෙ බැණුම් ලොරියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 1681 0
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 183 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 172 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site