IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජාත්‍යන්තර සංවිධානවලට බනින්න එපා

 

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ මන්ද පෝෂණය සහ දරිද්‍රතාව පිළිබඳව ජාත්‍යන්තර සංවිධාන සහ දේශීය විශේෂඥායන් කරන ප්‍රකාශ වැරදිනම් රජයේ මන්ත්‍රීවරුන් කළ යුත්තේ සමීක්‍ෂණ කර වාර්තා ඉදිරිපත් කිරීම බවත් එවැනි ප්‍රකාශ කරන සංවිධාන විවේචනය කිරීමෙන් පළත් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (5) පැවසීය.

කුසගින්න, මන්ද පෝෂණය සහ ගැඹුරු දරිද්‍රතාවේ ඉහළට තල්ලු වෙමින් සිටින ශ්‍රී ලංකාවේ ජනතාවට සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය නැති තරම් බව ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානය ප්‍රකාශ කර ඇති බව කී ඩිලාන් පෙරේරා මහතා ගමට ගියාම පැහැදිළිවම කුසගින්න, මන්ද පෝෂණය සහ දරිද්‍රතාව දැකයි හැකි බව ද සඳහන් කළේය.

සෞඛ්‍ය ඇමතිතුමා රෙද්දයි බැනියමයි ඇදගෙන පාර්ලිමේන්තුවේ ඔලුවෙන් හිටගන්න දේශපාලන හෙලුව ලෝකයට නොපෙන්වා ජාත්‍යන්තර සංවිධානය සහ දේශීය විශේෂඥායන් ඉදිරිපත් කරන කාරණාවලට අවධානය යොමු කළ යුතු බවත් මෙවැනි ප්‍රකාශ කරන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ සංවිධානය වැරදි යැයි ප්‍රකාශ කරන බවත් ඩිලාන් පෙරේරා මහතා කීය.

නිදහස ජනතා සභාවේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (5) එසේ පැවසීය. 



අදහස් (3)

ජාත්‍යන්තර සංවිධානවලට බනින්න එපා

කිරි පුතා Wednesday, 05 October 2022 06:07 PM

ජාත්‍යන්තර සංවිධාන කරන්නේ වෙනම ගේම් එකක් බව ඉතා පැහැදිලියි නේද? විපක්ෂයේ ඉන්නකොට මෙයාලාට ඒවා පේන්නේ නෑ. එම සංවිධාන එකතු වී අපේ රට හිඟන තත්ත්වයකට දාලා ඔලුව උස්සන්නම බැරි තැනකට අදින්නයි හදන්නේ... දෙමළ ඩයස්පෝරාව මේ පිටුපස නෑයි කියන්න බෑ...

:       7       3

Dinesh Thursday, 06 October 2022 08:36 AM

ඉතින් සාක්ෂි සහිතව ඔප්පු කරන්නකෝ ඒ සංවිධාන වැරදි කියලා .ඔයා මාර කඩේ යාමක් යන්නේ නේද

:       0       1

Perera Thursday, 06 October 2022 02:47 AM

එහෙම වාර්තා සකස් කරන්න පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්රීලාගෙන් වැඩි දෙනාට අකුරු ලියන්නවත් පුලුවන්ද දන්නේ නැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site