IMG-LOGO

ජාත්‍යන්තර වෙඩි තැබීමේ ඉසව්වක පදක්කමක් ශ්‍රී ලංකාවට

(ටී.කේ.ජී.කපිල )

පළමු වැනි ලෝක ශූරතා ප්‍රායෝගික රයිෆල් සහ කාබයින් පිස්තෝල මාදිලියේ කෙටි රයිෆල් වෙඩි තැබීමේ  තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කයල් ලියනගේ , එම තරගාවලියේ කනිෂ්ඨ අංශයේ තුන් වන ස්ථානය හිමි කර ගනිමින් ලෝකඩ පදක්කම දිනා ගෙන අද(28 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

මෙම තරගාවලිය චෙක් ජනරජයේ ( Czech )   , සනෝයිමෝ ( Znojmo ) නුවර , ලෝකයේ රටවල් 64 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,095 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 10 දින සිට 25 දින දක්වා පවත්වා තිබුණි .

ශ්‍රී ලංකා වෙඩි තැබීම් ඉතිහාසයේ තනි පුද්ගල ක්‍රීඩකයෙකු දිනා ගත් පළමු ජාත්‍යන්තර පදක්කම මෙය බව ශ්‍රී ලංකා ජාතික රයිෆල් සංගමයේ සභාපති රියර් අද්මිරාල් මංජුල දිසානායක මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

කයල් ලියනගේ තවමත් 12 හැවිරිදි වියේ පසුවන , කොළඹ ජාත්‍යන්තර පාසැලක 07 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසැල් සිසුවෙකි .

කයල් මෙම පදක්කම ද රැගෙන අද(28)  දින උදෑසන 09.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු පිළිගැනීමට ඔහුගේ දෙමාපියන් , ඥාතීන් මෙන්ම ශ්‍රී ලංකා රයිෆල් සංගමයේ උසස් නිලධාරීන් පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළට පැමිණ සිටියහ .



අදහස් (5)

ජාත්‍යන්තර වෙඩි තැබීමේ ඉසව්වක පදක්කමක් ශ්‍රී ලංකාවට

බුල්ස් අයි Wednesday, 28 May 2025 12:19 PM

කුසීත මැටිඔලුව ළඟ රස්සාවක් ගන්න පුළුවන්ද දැන්...?

:       3       16

කව්ද බෝයි Wednesday, 28 May 2025 12:35 PM

දශක ගණනාවක් තිස්සේ දේශපාලනයෙන් පෝෂණය වූ පාතාලේ සාමාජිකයෙක් මේ තරඟයට ඉදිරිපත්වුණා නම්, ලොවෙත් නැතිවෙන්න වෙඩි තියලා, රන්-රිදී-ලෝකඩ පදක්කම් ඔක්කෝම අරගෙන, ගුවන්තොටුපොළේ ඉඳන් එන්නේ රිය පෙරහැරෙන්...

:       2       8

රුවන් කල්දේරා Wednesday, 28 May 2025 01:10 PM

ලංකාවේ මේ තියන වෙඩි බැලුවාම පදක්කමක් නොලැබුණොත් තමයි පුදුමේ... මේ කොළු පැටියා පරෙස්සම් කරගන්න වෙයි. පාතාල අයියාලාගෙන් වෙඩික්කරු විදියට ගනීවි... කයිල් දරුවාට ලස්සන අනාගතයක් පතමු..

:       1       11

ජිල්බු Wednesday, 28 May 2025 01:37 PM

කතාව ඇත්ත... රුවන් කල්දේරා, කල්දේරම් බත තමයි නැත්තම්...!

:       1       12

fairoos Wednesday, 28 May 2025 05:38 PM

සුබ පැතුම්...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 608 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site