IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජාතික ශූරී සචිනි ‘අධිවේගී’ චෙස් ශූරතාව දිනයි

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය තුන්වැනි වරටත් සංවිධානය කළ ජාතික ‘අධිවේගී’ චෙස් ශුරතාවලියේදී ජාතික චෙස් ශූරී සචිනි රණසිංහ විවෘත කාන්තා ඉසව්වේ ශූරතාව දිනා ගත්තාය. විවෘත පිරිමි ශූරතාව දිනා ගැනීමට මොරටුව විශ්ව විද්‍යාලයේ දමිත් කරුණාරත්න සමත්විය. මියුසියස් විදුහලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සචිනි අන්තර්ජාතික චෙස් ප‍්‍රවීණතා සහතිකය (ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය) ලබා සිටින ශ්‍රී ලංකාවේ එකම ක‍්‍රීඩිකාව ද වන්නීය. පිරිමි හා කාන්තා විවෘත ඉසව් දෙකට අමතරව වයස 15 න් පහළ සහ 11 න් පහළ (බාලක/බාලිකා) ඉසව්වලින් ද සමන්විත මෙම තරගාවලිය කොළඹ රාජකීය විදුහලේදී ඊයේ (26) පැවැත්විණ. ජාතික සංචිතයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළු 300 කට වැඩි පිරිසක් සහභාගි වු මෙම තරගාවලියේ විශේෂත්වය වුයේ තරගයක් විනාඩි 10 කට සීමාවීමයි. ස්විස් ක‍්‍රමයෙන් තරග වට හතකින් තරගාවලිය සමන්විත විය. දමිත් තරග වට හත අවසානයේදී ලකුණු 7.0 ක් ලබා ශූරතාව හිමි කර ගත්තේය. සී.එම්. රාජපක්‍ෂ සහ එස්. එස්. පීරිස් පිළිවෙලින් ලකුණු 6.0 බැගින් ලබා අනුශූරතාව සහ තෙවැනි ස්ථානය ලැබුහ. කාන්තා විවෘත ඉසව්වේදී සචිනි ලකුණු 5.0 ක් ලබාගත් අතර එම්.පී. මහේෂිකා ලකුණු 4.0 ක් ලබා අනුශූරතාව හිමිකර ගත්තාය. සමන්ති වෙත්තසිංහට (ලකුණු 3.5) තෙවැනි ස්ථානය හිමිවිය. තරගාවලියේ විවෘත ඉසව්වල ජයග‍්‍රාහී ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට රුපියල් 30,000 ක මුදල් ත්‍යාගයක් ද, වයස් කාණ්ඩවල ජයග‍්‍රාහී කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිනැමිණ. ත්‍යාග ප‍්‍රදානය කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති හා ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති උපාලි ගුණසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණ. අවසන් තරග ප‍්‍රතිඵල: විවෘත පිරිමි 1. දමිත් කරුණාරත්න (මොරටුව විශ්ව විද්‍යාලය, 7.0), 2. සී. එම්. රාජපක්‍ෂ (පේරාදෙණිය විශ්ව විද්‍යාලය, 6.0*, 3. එස්. එස්. පීරිස් (ධර්මපාල, 6.0) විවෘත කාන්තා 1.සචිනි රණසිංහ (මියුසියස්, 5.0), එම්.පී.මහේෂිකා (ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, 4.0*, සමන්ති වෙත්තසිංහ (එයාර්ලංකා, 3.5) 15 න් පහළ (බාලක) 1.සුපුන් අසංත කුරුප්පු (ආනන්ද, 6.5), 2.මයික් ෆැන්සිස් (රාජකීය, 5.5), 3.සමත් තෙන්නකෝන් (5.0) 15 න් පහළ (බාලිකා) 1.නෙලූනිකා මෙත්මාණී (නුගේගොඩ අනුලා, 6.5), 2.ඞී.එම්.කොස්වත්ත (කෑගල්ල ශා.ජෝශප් බාලිකා, 5.5), 3.මනීෂා සචිනි (සිරිමාවෝ බාලිකා, 5.0) 11 න් පහළ (බාලක) 1.මිනුල් දොලූවීර (රාජකීය, 6.0), 2.එස්.අනෝජ්මන් (රාජකීය, 6.0), 3.මොවිදු අනුසර (රාහුල, 6.0) 11 න් පහළ (බාලිකා) 1.දසුනි මෙන්ඩිස් (විශාඛා, 7.0), 2.බිනිඳු සෙනරත් යාපා (විශාඛා, 6.0), 3.ඉසිනි දිල්හාරා වික‍්‍රමසිංහ (මියුසියස් 5.5) ඡායාරූපය: සචිනි රණසිංහ



අදහස් (0)

ජාතික ශූරී සචිනි ‘අධිවේගී’ චෙස් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site