IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ජාතික ලේඛනාගාරයත් ඩිජිටල් වෙයි

(අංජුල මහික වීරරත්න)

ජාතික ලේඛනාගාරයේ විශ්වසනීය ඩිජිටල් කෝෂ්ඨාගාරයක් (Digital Repository) ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජාතික ලේඛනාගාරයේ විශ්වසනීය ඩිජිටල් කෝෂ්ඨාගාරයක් ස්ථාපිත කිරීමේ අදියර - 01 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2021-04-05 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස් වීමේදී අනුමැතිය ලබා දී ඇත. 

යෝජිත ව්‍යාපෘතිය මඟින් ජාතික ලේඛනාගාරයේ මූලික කාර්ය භාරය වන තොරතුරු සංරක්ෂණය සහ ඒ සඳහා ප්‍රවේශ්‍යතාව ලබා දීමට අත්‍යවශ්‍ය වන මෘදුකාංග ස්ථාපිත කිරීම අපේක්ෂා කරනු ලබයි.

 අන්තර් ජාතික අධිලේඛන කවුන්සිලයේ අරමුදලක් මඟින් යුරෝ 7,000 ක ප්‍රදානයක් ජාතික ලේඛනා

ගාරය වෙත ලබා දීමට එකඟතාව පළ කර ඇති අතර, යෝජිත ව්‍යාපෘතියේ වියදමින් කොටසක් ආවරණය කර ගැනීම සඳහා එම මුදල යෙදවීමට සැලසුම් කර තිබේ.

යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් ජාතික ලේඛනාගාරය විසින් මහජනතාව වෙත සලසන සේවාවන් වඩාත් ඵලදායීව භා කාර්යක්ෂමව සැලසීමට හැකියාව ලැබෙනු ඇත. ඒ අනුව, යෝජිත විශ්වසනීය ඩිජිටල් කෝෂ්ඨාගාරය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය 2025-2027 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (3)

ජාතික ලේඛනාගාරයත් ඩිජිටල් වෙයි

saman Wednesday, 18 June 2025 09:35 AM

ඉතා හොඳ වැඩක්.

:       0       4

maalaka Wednesday, 18 June 2025 11:47 AM

මේක දැන් අවුරුදු 20-25කට පෙර වෙලා තියෙන දෙයක්. දැන්වත් යොමු වීම ගැන සතුටුයි.

:       0       0

Weearasingha Wednesday, 18 June 2025 05:32 PM

කැබිනට් අනුමැතිය දීල තියෙන්නේ ගෝඨාභයගේ කාලයේදී...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site