IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජාතික රෝහලේ ගිලන් රථ 11ක් ගිලන් වෙලා

(විමුක්ති එස් රුද්‍රිගු)

කොළඹ ජාතික රෝහලේ ගිලන් රථ 13 ක් තිබුණත් හොඳ තත්ත්වයේ තිබෙන්නේ ෆෝර්ඩ් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ දෙකක් පමණක් බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

එසේම කොළඹ ජාතික රෝහලේ ප්‍රවාහන කටයුතු සඳහා තිබෙන්නේද වසර 20 කට වඩා පැරණි වාහන 3 ක් පමණක් බවත් එම වාහන නිතර නිතර කාර්මික දෝෂයන්ට ලක් වීම හේතුවෙන් වැඩි කාලයක් තිබෙන්නේ ගරාජයේ බවත් එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

ඒ හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රවාහන කටයුතු අඩාල වී තිබෙනවා පමණක් නොව එම වාහන නඩත්තු කිරීම සඳහා විශාල මුදලක්ද වැය කිරීමට සිදුව ඇති බව එම ප්‍රකාශකයා පැවසුවේය.

කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩලය 11000 ක් පමණ වන බවත් දිනකට 8000 ක් පමණ රෝගීන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ වනවිට පොදු ප්‍රවාහන සේවයක් නොමැති වීම හේතුවෙන් කාර්ය මණ්ඩලය සහ රෝගීන් ගැටලු රාශියකට මුහුණපා සිටින බව එම ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු විවිධ රාජ්‍ය අංශවල දේශපාලන පත්වීම් ලබන්නන්ට සුවිශේෂී වරප්‍රසාද යටතේ සුඛෝපභෝගී මෝටර් රථ හිමි වී තිබෙන බවත් රටට විශාල සේවයක් කරන කොළඹ ජාතික රෝහලේ ප්‍රවාහන සේවය පණ අදිමින් සිටින බවත් එම ප්‍රකාශකයා පැවසුවේය.

 



අදහස් (1)

ජාතික රෝහලේ ගිලන් රථ 11ක් ගිලන් වෙලා

Hafeel Friday, 13 October 2023 02:35 PM

මේ නිසාද පොහොට්ටුවේ මී හරකුන් සෞඛ්‍ය ඇමැති කෙහෙලියව විශ්වාස භංගයේදී දිනවූවේ...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site