ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ (2012) මැරතන් ඇවිදීම හා පාපැදි තරග මාලාව හෙට සහ අනිද්දා (16-17) අනුරාධපුරයේදී පැවැත්වේ. මෙවර ජාතික මහ ක‍්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ 38 වැනි වතාවටය.
මේ සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් එක් ක‍්‍රීඩා ඉසව්වකට 90 බැගින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 540 දෙනෙකු සහභාගි වෙති. අනුරාධපුරය ”වලිසිංහ හරිස්චන්ද්‍ර” උද්‍යානය අසළින් තරග ඉසව් ආරම්භ කෙරේ.
තරග මාලාවේ 10 වැනි ස්ථානය දක්වා පැමිණෙන ඉසව් ජයග‍්‍රහකයන්ට රුපියල් 25,000 සිට මුදලින් තෑගි ප‍්‍රදානය කෙරේ. මැරතන් තරගාවලිය සඳහා නෙස්ලේ ලංකා (නෙස්ටමෝල්ට්) සමාගම අනුග‍්‍රහය දක්වයි.
තරග මාලාවට සහභාගිවන සියළු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා අවශ්‍ය සියලූ පහසුකම් ක‍්‍රීඩා අමාත්‍යාංශය සපයයි.
38 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ මැරතන්, ඇවිදීම, පාපැදි තරග මාලාව පැවැත්වෙන ආකාරය
* ජුනි 16
ඇවිදීමේ තරගාවලිය - ආරම්භය පෙරවරු 5.45 ට
ගමන් මග:- වලිසිංහ හරිස්චන්ද්‍ර උද්‍යානය, ජයන්ති වට රවුම, විවෘත විශ්වවිද්‍යාලය අසළින් නැවත වලිසිංහ හරිස්චන්ද්‍ර උද්‍යානය දක්වා
* ජුනි 16
පාපැදි තරගාවලිය (පිරිමි තරගයේ ආරම්භය පෙරවරු 8.45) (දුර කිලෝ මීටර් 141)
ගමන් මග:- වලිසිංහ හරිස්චන්ද්‍ර උද්‍යානය අසළින්, බසවක්කුලම, මිරිසවැටිය, ලෝලූගස්වැව හංදිය, ඇලයාපත්තුව, දුනුමඩලාව හංදිය, නිකවැව හංදිය, පණ්ඩුලගම, පොතානේගම, කඩතිහ හරහා ජයන්ති පන්සල වටරවුමෙන් හැරී එම මාර්ගය ඔස්සේම වට දෙකක් ගොස් තරගය නිමාවට පත් කෙරේ.
කාන්තා තරගයේ ආරම්භය පස්වරු 3 ට (දුර කිලෝ මීටර් 75)
ගමන් මග:- වලිසිංහ හරිස්චන්ද්‍ර උද්‍යානය, සිංහ කණුව, බසවක්කුලම, ලෝලූගස්වැව හංදිය, ඇලයාපත්තුව, ඉලංදගහවැව, උලූක්කුලම, පොතානේගම හරහා කඩතිහ, ජයන්ති පන්සල වටරවුම හරහා නැවත එම මාර්ගය ඔස්සේ වට දෙකක් ගමන් ගැනීමෙන් තරගය නිමාවට පත් කෙරේ.
* ජුනි 17
මැරතන් තරගාවලිය ආරම්භය පෙරවරු 5.30 ට
ගමන් මග:- වලිසිංහ හරිස්චන්ද්‍ර උද්‍යානය, ජයන්ති වටරවුම, මිරිසවැටිය, ලොලූගස්වැව හංදිය, ඇලයාපත්තුව, ඔයාමඩුව දැයට කිරුළ භූමිය හරහා නැවත එම මාර්ගය ඔස්සේ වලිසිංහ හරිස්චන්ද්‍ර උද්‍යානය දක්වා
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික මහා කී‍්‍රඩා උළෙලේ මැරතන් ඇවිදීම-පාපැදි තරග හෙට-අනිද්දා