IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලිය අද සිට

ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලිය අද (9) සුගතදාස පිටියේදී ආරම්භ වේ. 90 වැනි වරටත් පැවැත්වෙන මෙවර ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලියට තරග නොවදින කිසිදු කී‍්‍රඩකයකු හෝ කී‍්‍රඩිකාවක් ජාතික මලල කී‍්‍රඩා සංචිතයට ඇතුළත් කර නොගැනීමට තීරණයක් ගෙන ඇතැයි ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුනිල් ජයවීර මහතා ”ලංකාදීප”යට පැවසීය. මෙම මලල කී‍්‍රඩා තරගාවලියට සහභාගී නොවී වෙනත් කිසිදු තරගාවලියකදී දස්කම් දැක්වූවත් ඔවුන්ට ජාතික සංචිතයට එන්න හිමිකමක් ලැබෙන්නේ නැහැ. හැබැයි ජාතික තරගාවලියට සහභාගී වී දස්කම් පළ කිරීමට නොහැකි වුණත් අනතුරුව පැවැත්වෙන තරගාවලියකදී දස්කම් දක්වන කී‍්‍රඩකයකුට හෝ කී‍්‍රඩිකාවකට ජාතික සංචිතයට ඇතුළත් වෙන්න වරම් ලැබෙනවා යයිද ජයවීර මහතා වැඩිදුරටත් පැවසීය. තරගාවලිය හෙටත් අනිද්දාත් (10-11) පැවැත්වෙන අතර ලබන අඟහරුවාදා (13) යුද හමුදා මලල කී‍්‍රඩා ශූරතාවලියද ආරම්භ වන බැවින් මෙරට මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට ඉදිරි දින හයක පමණ කාලයක් කාර්යබහුලව ගත කිරීමට සිදුව තිබේ. යුද හමුදා තරගාවලිය ලබන බ‍්‍රහස්පතින්දා (15) දක්වා පැවැත්වෙන අතර එහි විශේෂත්වය ජාතික තරගාවලියට සහභාගී වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් බහුතරයක්ද යුද හමුදාව නියෝජනය කරන්නන් වන බැවිනි. වැස්ස හේතුවෙන් ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලිය පසුගිය නොවැම්බර් 1 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබියදී කල් දමනු ලැබීය. එහෙත් යුද හමුදා මලල කී‍්‍රඩා ශූරතාවලිය හේතුවෙන් එය පැවැත්වෙන දින යළිත් වතාවක් කල් දමනු ලැබීය. මලල කී‍්‍රඩා සංගමය වැස්ස හේතුවෙන් තරගාවලිය මුල් වරට අත්හිටවූ අවස්ථාවේදී තීරණය කළේ සුගතදාස පිටිය යුදහමුදා මලල කී‍්‍රඩා උළෙල සඳහා වෙන් කරවාගත් දින ඒ වෙනුවෙන් ලබා ගැනීමටය. එහෙත් යුද හමුදා මලල කී‍්‍රඩා කමිටුව ඊට මනාපයක් නොදැක්වීම නිසා එම අදහස අත්හැර ගනිමින් ජාතික තරගාවලිය අද සිට පැවැත්වීමට අවසානයේදී තීරණය කෙරිණි. යුද හමුදා මලල කී‍්‍රඩා කමිටුවේ සභාපති ධුරය දරන්නේද ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ වත්මන් සභාපති මේජර් ජනරාල් දයා රත්නායක මහතා විසිනි. රිටි පැනීම (පිරිමි), දුර පැනීම (කාන්තා), කවපෙත්ත විසි කිරීම (කාන්තා), උස පැනීම (කාන්තා), කවපෙත්ත විසි කිරීම (පිරිමි), මීටර 200 (කාන්තා), මීටර 200 (පිරිමි) හා මීටර 10000 (කාන්තා) යන ඉසව්හි අවසන් තරග අද පැවැත්වීමට නියමිතය. අනිද්දා (11) පස්වරු 5ට කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් තරගාවලියේ ජය සංකේත ප‍්‍රදානෝත්සවය පැවැත්වේ. මෙරට මලල කී‍්‍රඩාවේ නිල අනුග‍්‍රාහකයා වන ”ලංකා” බැංකුව තරගාවලියට අනුග‍්‍රහය දක්වයි.



අදහස් (0)

ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලිය අද සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 48 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site