අනුරාධපුරයේදී මෙම 20 සහ 21 යන දිනවලදී පැවැත්වීමට නියමිතව තිබූ ජාතික පාපැදි ශූරතාවලිය කල් දැමූ බව එහි සංවිධාන කටයුතු මෙහෙයවන අනුරාධපුර දිස්ති‍්‍රක් පාපැදි සංගමය පවසයි.
තරගාවලිය අගෝස්තු මස 17 සහ 18 යන දිනවල අනුරාධපුරයේදීම පැවැත්වෙන අතර තරගාවලිය කල් දැමීමට හේතු වූයේ අනුරාධපුර ඇසළ පෙරහර එම දිනවලදීම යෙදී තිබීම සැළකිල්ලට ගෙන බව අනුරාධපුර දිස්ති‍්‍රක් පාපැදි සංගමයේ ලේකම් උපුල් චන්දන මහතා ”ලංකාදීප” යට පැවැසීය.
ජාතික පාපැදි අතුරු කමිටුවේ අධික්ෂණයෙන් සංවිධානය කෙරෙන මෙවර ජාතික පාපැදි ශූරතාවලිය සඳහා අනුග‍්‍රහය දැක්වීම කී‍්‍රඩා අමාත්‍යාංශය ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.
ජාතික කී‍්‍රඩා සංගම් වාර්ෂිකව සංවිධානය කරන ජාතික ශූරතාවලි සඳහා අනුග‍්‍රාහකයන් සොයා ගැනීම එහි ප‍්‍රධානීන්ගේ වගකීමක් බව මීට පෙර පැවැති ජාතික කී‍්‍රඩා සංගම් ප‍්‍රධානීන්ගේ හමුවක දී කී‍්‍රඩා ඇමැති මහින්ද්‍රානන්ද අලූත්ගමගේ මහතා ප‍්‍රකාශ කර තිබුණි.
කෙසේ වුවත් තරගාවලියට අනුග‍්‍රහය දැක්වීමට කී‍්‍රඩා ඇමැතිවරයා ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසු අවම අවශ්‍යතා සඳහා අනුග‍්‍රහය දක්වන ලෙස මේ වන විට අනුරාධපුර දිස්ති‍්‍රක් සංගමය පාපැදි අතුරු කමිටුවෙන් ඉල්ලීමක් කර තිබේ.
විනිසුරු දීමනා, පදක්කම් හා රක්ෂණ ආවරණ සඳහා අනුග‍්‍රහය දක්වන ලෙස එහිදී කළ ඉල්ලීම ජාතික පාපැදි අතුරු කමිටුව දැන් සළකා බලමින් සිටින බවත් වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
337
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
210
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික පාපැදි ශුරතාවලිය කල්යයි
ජනුක මලිත් Sunday, 14 July 2013 03:42 PM
අයියෝ මට යන්න වෙන්නෙ නැහැනේ! අගෝස්තු විභාගෙනේ. අපරාදේ! (දී)