IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජාතික තරුණ ප්‍රතිපත්තියට අදහස් කැඳවීම ඇරැඹේ

(අංජුල මහික වීරරත්න)

අනාගතයට ගැලපෙන තාරුණ්‍යයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සම්පාදනය කෙරෙන ජාතික තරුණ ප්‍රතිපත්තිය සඳහා පුරවැසි අදහස් සහ යෝජනා කැඳවීම ආරම්භ කර තිබේ.

ඒ අනුව, සිය අදහස් සහ යෝජනා 2025 නොවැම්බර් 20 වන දිනට පෙර තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ලබා දී ඇති

වට්ස් ඇප් අංක   -  0771806878

ෆේස්බුක් ගිණුම         -  National Youth Policy 2025

ඊමේල්             - [email protected]

දුරකථන අංක       - 011 2697934

ෆැක්ස් අංක - 011 2688836 වෙත හෝ 

ලේකම්, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, 

අංක 09, පිලිප් ගුණවර්ධන මාවත, 

කොළඹ 07 

ලිපිනයට ලිඛිතව යොමු කරන ලෙස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය දැනුම් දෙයි.

මෙරට තීරණ ගැනීමේ ක්‍රියාවලියේ  තාරුණ්‍යයේ නියෝජනය අවම මට්ටමක පැවතීම ඇතුළු මේ වන විට පවතින තරුණ ප්‍රතිපත්තියේ පසුගාමී ලක්ෂණ හේතුවෙන් නව ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව හඳුනා ගනිමින් සකස් කෙරෙන මෙම නව ජාතික තරුණ ප්‍රතිපත්තිය 2026 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය හා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එක්ව 

ඊට අදාළ විෂය ප්‍රවීණයන්ගේ සහ විද්වතුන්ගේ දායකත්වයෙන් සකස් කෙරෙන ජාතික තරුණ ප්‍රතිපත්තිය සඳහා අදහස් සහ යෝජනා ලබා දීමට සියලුම පුරවැසියන්ටද අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයක් වන අතර, ශ්‍රී ලංකාවේ සියලුම තරුණ තරුණියන් ආවරණය වන පරිදි තරුණ ශ්‍රම බලකාය සවිබල ගැන්වීම සහ මනා පෞරුෂයෙන් යුත් නායකත්වයක් සහ නිර්මාණශීලි තාරුණ්‍යයක් ගොඩනැඟීම මෙහි අරමුණ බව අමාත්‍යංශය කියයි.

 

 



අදහස් (0)

ජාතික තරුණ ප්‍රතිපත්තියට අදහස් කැඳවීම ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 73 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 874 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site