ශ්‍රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ ජාතික චෙස් ශූරතාවලියේ (2012) පිරිමි ශූරතාව ඉසුරු අලහකෝන් ද, කාන්තා ශූරතාව සචිනි රණසිංහ ද දිනා ගැනීමට සමත්වුහ. තරගාවලිය බම්බලපිටිය එටිසලාට් සමාගම් ශාලාවේදී පසුගියදා (1) නිමාවිය.
අන්තර්ජාතික චෙස් ප‍්‍රවීනතා සහතිකය (ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය) ලබා සිටින ශ්‍රී ලංකාවේ එකම ක‍්‍රීඩිකාව වන සචිනි කාන්තා ශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාවද මෙයවේ. කොළඹ මියුසියස් විදුහලේ ඉගෙනුම ලබන ඇය පසුගිය වසරේ මෙන්ම 2009 වසරේද ශූරතාව දිනාගෙන තිබේ.
නාවික හමුදාවේ ඉසුරු අලහකෝන් ජාතික ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය වන අතර ඔහු තරග වට 13 අවසානයේදී ලකුණු 9.0 ක් ලබා ජයග‍්‍රාහකයා විය. පසුගිය වසරේ පැවැති තරගාවලියේ පස්වැනි ස්ථානයට පත් වු ඉසුරු මෙවර ජයග‍්‍රාහකයා බවට පත්වීම කැපී පෙනේ.
අවසන් තරග ප‍්‍රතිඵල:
පිරිමි
1.ඉසුරු අලහකෝන් (9.0), 2.ජී.සී.අනුරුද්ධ (8.0), 3.චාමික පෙරේරා (8.0), 4.දුලාන් එදිරිසිංහ (8.0), 5.වී.කේ.කොග්ගල (7.5), 6.එම්.ජයසුන්දර (7.5), 7.ආර්.එස්.කළුගම්පිටිය (7.5), 8. ඕෂින් ද සිල්වා (5.5), 9.සුනිල් වීරමන්ත‍්‍රී, සමිත් මධුමාද (5.5) 11. සී.සාරංග (5.0), 12. ප‍්‍රසන්න කුරුකුලසුරිය (5.0), 13. චන්දන විජේකෝන් (5.0), 14.කසුන් විමලසුරිය (4.0)
කාන්තා
1.සචිනි රණසිංහ (9.5), 2. ප‍්‍රමෝද්‍යා සේනානායක (8.5), 3. වයි.මෙත්මාලි (8.5), 4. දිනුෂ්කි පේ‍්‍රමනාත් (8.5), 5. ඒ. කේ. චන්ද්‍රසිරි (8.5), 6. අයි. යු. බස්නායක (7.5), 7.මනීෂා සචිනි ගුණරත්න (7.0), 8.පංචාලි පෙරේරා (6.5), 9.ඞී.එස්.කහඳ (5.0), 10. මිහිරාණී ජයතිලක (5.0), 11.කේ.ටී.චංකාමී (4.5), සයුරි සුමිත‍්‍රාරච්චි (4.5), 13. සලිනි ද සිල්වා (4.0), 14.මලිති නවරත්න (3.5)
එටිසලාට් දුරකතන සමාගමේ ප‍්‍රධාන නිලධාරී දුමින්ද රත්නායක මහතා විසින් ඉසුරු අලහකෝන්ට සහ සචිනි රණසිංහට ශූරතා පිරිනමන ලද අයුරු. ලේකම් ලක්‍ෂමන් විජේසුරිය මහතා ද මෙහි සිටියි.

2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික චෙස් ශූරයා ඉසුරු : ශූරිය සචිනි