IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජාතික චෙස් ශූරතාවලිය අද සිට

ශ්‍රී ලංකා චෙස් සම්මේලනය මෙහෙයවන ජාතික චෙස් ශුරතාවලිය (2012) අද (23) ඇරැඹෙයි. තරගාවලිය මෙම 24, 25, 29, 30, 31 සහ අපේ‍්‍රල් මස 1 වැනිදා දක්වා බම්බලපිටිය එටිසලාට් සමාගම් ශාලාවේදී පැවැත්වේ. තරගාවලිය තරග වට 13 කින් සමන්විතය. මෙවර පිරිමි ශුරතාව සදහා තරගකරුවන් 14 දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර පසුගිය වසරේ ශුරතාව ලාබාල කී‍්‍රඩක චාමික පෙරේරා දිනා ගත්තේය. මහනුවර ත‍්‍රිත්ව විදුහලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි චාමික, එහිදී ජාතික ශූරතාව දිනාගත්තේ පළමු වරටය. විදෙස් ගතව සිටි පිඬේ මාස්ටර් තත්ත්වය හිමිකර ගෙන සිටින සුනිල් වීරමන්ත‍්‍රී සිවු වසරකට පසුව මෙවර ජාතික තරගාවලියට එක්ව සිටිති. ජාතික තරගාවලියට සුදුස්සන් තේරීමේ තරගාවලිය ජය ගත් රජින්ද්‍ර කළුගම්පිටිය ඇතුළු ක‍්‍රීඩකයෝ 14 දෙනෙක් පිරිමි ශුරතාව සඳහා මෙවර තරග කරති. අන්තර්ජාතික චෙස් ප‍්‍රවීනතා සහතිකය (ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය) ලබා සිටින ශ්‍රී ලංකාවේ එකම ක‍්‍රීඩිකා සචිනි රණසිංහ පසුගිය වසරේ ශූරියයි. කොළඹ මියුසියස් විදුහලේ ඉගෙනුම ලබන සචිනි 2009 වසරේ ජාතික ශූරතාව දිනා ජාතික ශූරතාව හිමිකර ගත් ලාබාලතම ක‍්‍රීඩිකාව වුවාය. ජාතික කාන්තා තේරීම් තරගාවලිය ජය ගත් මලිති නවරත්න ඇතුළු ක‍්‍රීඩිකාවෝ 14 දෙනෙක් කාන්තා තරගාවලියට සුදුසුකම් ලබා සිටිති. හිටපු ජාතික චෙස් ශුරියක වන පිඬේ මාස්ටර් තත්ත්වය හිමි කර ගෙන සිිටින ප‍්‍රමෝද්‍යා සේනානායක හා දිනුෂ්කි පේ‍්‍රමනාත් ද මෙවර තරගාවලියට නිතරගයෙන්ම ඉදිරිපත්ව සිටීම කැපී පෙනේ. තරගාවලියේ ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පිරිනැමෙන ත්‍යාග මුදල රුපියල් 150,000 කි. ජාතික චෙස් ශුරතාවලියේ තරග කරන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ:- පිරිමි චමික පෙරේරා, සුනිල් වීරමන්ත‍්‍රී, රජින්ද්‍ර කළුගම්පිටිය, ජී. සී. අනුරුද්ධ, ප‍්‍රසන්න කුරුකුලසුරිය, එන්. සී.  ඕ. සාරංග, කසුන් විමලසුරිය, එම්. ජයසුන්දර, ඉසුරු අලහකෝන්, චන්දන විජේකෝන්, ඔෂීන් ද සිල්වා, විදුර කොග්ගල, දුලාන් එදිරිසිංහ, සී. සමිත් මධුමාද කාන්තා සචිනි රණසිංහ, ප‍්‍රමෝද්‍යා සේනානායක, දිනුෂ්කි පේ‍්‍රමනාත්, මලිති නවරත්න, වයි. මෙත්මාලි, සයුරි සුමිත‍්‍රාරච්චි, මනීෂා ගුණරත්න, පංචාලි පෙරේරා, අයි.යු.බස්නායක, ඞී.එස්.කහඳ, සලිනි ද සිල්වා. මිහිරාණී ජයතිලක, කේ.ටී.චංකාමී සහ ඒ.කේ.චන්ද්‍රසිරි



අදහස් (0)

ජාතික චෙස් ශූරතාවලිය අද සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site