IMG-LOGO

ජාතික ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරග නොවැම්බරයේදී

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ ඉල්ලීමක් සලකා බලමින් 38 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා  තරගාවලිය නොවැම්බර් මාසය දක්වා කල් දැමීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව ජාතික ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා ඉසව් ලබන නොවැම්බර් 30, දෙසැම්බර් 1, 2 යන දිනවල කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට දැන් තීරණය කර ඇතැයි ‘ලංකාදීප’ය කළ විමසුමකදී ක‍්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ සජිත් ජයලාල් මහතා පැවැසීය. ඒ මහ ක‍්‍රීඩා උළෙලේ සෙසු සියලූ ක‍්‍රීඩා ඉසව් පවත්වා අවසන් කෙරෙන බවත් ඒ මහතා පැවැසීය. මේ වසරට නියමිත 32 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙල මීට පෙර අවස්ථා දෙකකදීම කල් දැමීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කළේය. මුලින්ම ජාතික ක‍්‍රීඩා උළෙල පැවැත්වීමට යොදාගෙන තිබුණේ ලබන අගෝස්තු 24, 25, 26 යන දිනවල අනුරාධපුරය ජාතික ක‍්‍රීඩා සංකීර්ණයේදීය. එහෙත් එම දිනවල කොළඹදී යෙදෙන ආසියානු දැල්පන්දු ශූරතාවලිය සැලකිල්ලට ගත් ක‍්‍රීඩා අමාත්‍යාංශය ජාතික ක‍්‍රීඩා උළෙල සැප්තැම්බර් 7, 8, 9 යන දිනවලට කල් දමනු ලැබීය. මලල ක‍්‍රීඩා සංගමයේ ඉල්ලීමක් සලකා බලමින් නැවත වතාවක් ක‍්‍රීඩා උළෙල කල් දැමීමට ක‍්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ලබන පෙබරවාරි මාසයේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ තේරීම් තරගාවලියක් ලෙස යොදා ගැනීම සඳහා ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා ඉසව් ලබන දෙසැම්බර් කාලසීමාවේදී පැවැත්වීම වඩාත් යෝග්‍ය බව මලල ක‍්‍රීඩා සංගමය පෙන්වා දී ඇතැයිද වාර්තාවේ. සාග් ක‍්‍රීඩා උළෙල ළංවෙද්දී ඒ වෙනුවෙන් තවදුරටත් විශේෂ තේරීම් පවත්වා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙහෙසට පත් කරනවාට වඩා මෙම ප‍්‍රධාන තරගාවලි තේරීම් තරග ලෙස සලකමින් ශ්‍රී ලංකා සාග් මලල ක‍්‍රීඩා සංචිතය තේරීම් වඩාත් සුදුසු බව එහිදී මලල ක‍්‍රීඩා සංගමය අවධාරණය කර ඇතැයිද වාර්තාවේ.



අදහස් (0)

ජාතික ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරග නොවැම්බරයේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 74 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 48 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 199 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site