ජාතික මහ කී‍්‍රඩා උළෙලේ පාපැදි තරගය ජයග‍්‍රහණය කරමින් එහි රන් පදක්කම දිනාගැනීමට පළපුරුදු පාපැදි ශූරයෙකු වන ජීවන් ජයසිංහ සමත් විය. තිස් නම වැනි වරටත් පැවැත්වෙන ජාතික මහා කී‍්‍රඩා උළෙලේ පාපැදි තරගය කතරගමදී අද (29 වැනිදා) පැවැත්විණ.
කාන්තා පාපැදි තරගයේ රන් පදක්කම දිනා ගැනීමට බස්නාහිර පළාතේ නිලූකා ශ්‍යාමලී සමත් වූවාය.
ජීවන් ජයසිංහ වසර 2011 දීත් ජාතික කී‍්‍රඩා උළෙලේ පාපැදි තරගයේ රන් පදක්කම දිනාගත් කී‍්‍රඩකයාය. 2012 වසරේදී ඔහු හිමිකර ගත්තේ ජාතික කී‍්‍රඩා උළෙලේ පාපැදි තරගයේ අටවැනි ස්ථානයයි.
කිලෝමීටර 160 ක දුරක් පැය 4 විනාඩි 12 කට ගෙවා දමමින් තරගය ජයගත් ජීවන් ‘ලංකාදීපය’ ට පැවසුවේ මාර්ගය හොඳ මට්ටමක පැවතියත් සුළඟ ධාවකයන්ගේ ප‍්‍රතිවිරුද්ධ දිශාවට හමායාම නිසා ඉදිරියට පැදයාම වඩාත් දුෂ්කර වූ බවයි. ගුවන් හමුදාවේ සේවය කරන ඔහු මේ වනවිට ප‍්‍රධාන පෙළේ පාපැදි තරග රැසක ජයග‍්‍රාහකයා වී සිටින අතර 28 හැවිරිදි තෙදරු පියෙකි.
පිරිමි තරගයේ ප‍්‍රතිඵල
1. ජීවන් මංජුල ජයසිංහ (බස්නාහිර - පළාත - පැය 4 විනාඩි 11 තත් 53)
2. ඩබ්. ඞී. බී. වර්ණකුලසූරිය (වයඹ පළාත - 4:11.53)
3. නලින්ද අමිල කුමාර (උතුරුමැද පළාත - 4:11.53)
4. දර්ශන ප‍්‍රසාද් (වයඹ - පළාත - 4:11.54)
5. ස්ටීව් නුගේරා (බස්නාහිර - පළාත - 4:13.34)
6. සරත් කුමාර (බස්නාහිර - පළාත - 4:13.34)
7. බී. ඩබ්. පුෂ්පකුමාර (උතුරුමැද - පළාත - 4:14.09)
8. දිනේෂ් ධනුෂ්ක (බස්නාහිර - පළාත - 4:14.09)
9. බී. ජේ. කේ. කරුණාරත්න (උතුරුමැද - පළාත - 4:14.11)
10. ජනක හේමන්ත කුමාර (බස්නාහිර - පළාත - 4:15.32)
කාන්තා පාපැදි තරගයේ ප‍්‍රතිඵල
1. නිලූකා ශ්‍යාමලී (බස්නාහිර පළාත - පැ 1 වි. 44.59)
2. යූ. ඞී. ශි‍්‍රයාලතා වික‍්‍රමසිංහ (උතුරු මැද පළාත)
3. දිනේෂා දිල්රුක්‍ෂි (වයඹ පළාත)
4. සුදාරිකා පි‍්‍රයදර්ශනී (වයඹ පළාත)
5. ප‍්‍රසාදිකා ද සිල්වා (බස්නාහිර පළාත - පැ 1:45.11)
6. ඞී. අයි. රණසිංහ (උතුරු මැද පළාත - 1:45.27)
7. මනෝමි කුමාරි (නැගෙණහිර පළාත - 1:48.29)
8. කේ. පුෂ්පරාණි (දකුණු පළාත - 1:50.36)
9. ආර්. එම්. රූපවතී (නැගෙණහිර පළාත)
10. එච්. ඊ. සෙනෙවිරත්න (උතුරු මැද පළාත - 1:51.19)
(ඡයාරූප: පාලිත ගුණසේන)
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික කී‍්‍රඩා උළෙලේ පාපැදි ශූරයා ජීවන් - ශූරිය නිලූකා