IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ජාතික කනිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලියට අයැදුම්පත් බාර ගැනීම අනිද්දා අවසන්

ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමය මෙහෙයවන ජාතික කනිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලිය සහ ශ්‍රී ලංකා අතර මැදි තරගාවලිය මේ මස 23 සහ 24 දෙදින කැලණිය විශ්ව විද්‍යාලයීය කායවර්ධන ශාලාවේදී පැවැත්වේ. තරගාවලියට සහභාගිවන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් බාර ගැනීම අනිද්දා (21) අවසන්වන බව සංවිධායක කමිටුව පවසයි. ජාතික කනිෂ්ඨ තරගාවලිය 17 න් පහළ සහ 20 න් පහළ (බාලක/බාලිකා) ලෙස වයස් කාණ්ඩ දෙකකින් සමන්විතය. වයස 17 න් පහළ බාලක තරගාවලියට කිලෝග‍්‍රෑම් 45, 50, 56, 62, 69, 77, 84, 95 සහ කිලෝග‍්‍රෑම් 95 ට වැඩි බර පංති ද, බාලිකා තරගාවලියට කිලෝග‍්‍රෑම් 44, 48, 53, 58, 63, 69 සහ කිලෝග‍්‍රෑම් 69 ට වැඩි බර පංති ද ඇතුළත්වේ. වයස 20 න් පහළ තරගාවලිය (බාලක) කිලෝග‍්‍රෑම් 56, 62, 69, 77, 85, 94, 105 සහ කිලෝග‍්‍රෑම් 105 ට වැඩි බර පංතිවලින් පැවැත්වෙන අතර බාලිකා තරගාවලිය කිලෝග‍්‍රෑම් 48, 53, 58, 63, 69, 75 සහ කිලෝග‍්‍රෑම් 75 ට වැඩි බර පංතිවලින් පැවැත්වේ. අතර මැදි පිරිමි තරගාවලියේ බාලක තරග කිලෝග‍්‍රෑම් 56, 62, 69, 77, 85, 94, 105 සහ කිලෝග‍්‍රෑම් 105 ට වැඩි බර පංතිවලින් ද, බාලිකා තරග කිලෝග‍්‍රෑම් 48, 53, 58, 63, 69, 75 සහ කිලෝග‍්‍රෑම් 75 ට වැඩි බර පංතිවලින් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. අයැදුම්පත් ඩබ්ලිව්. ජී. නිහාල් කුමාර, තරගාවලි ලේකම්, ශාරීරික අධ්‍යාපන අංශය, කැලණිය විශ්ව විද්‍යාලය, කැලණිය යන ලිපිනයට යොමු කළ යුතුය.



අදහස් (0)

ජාතික කනිෂ්ඨ බර ඉසිලීමේ තරගාවලියට අයැදුම්පත් බාර ගැනීම අනිද්දා අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 826 0

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2162 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 835 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


සූදු ගැසූ 13ක් මාට්ටු
2025 මැයි මස 10 388 0

කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත


තැනින් තැනට අද තද වැසි
2025 මැයි මස 10 139 0

මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 446 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1347 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 346 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site