IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ජාතික කණ්ඩායම් තෝරා ගැනීම සිදුවන්නේ දොළ පිදේනි අනුවද?

ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායම තව නොබෝ දිනකින් තෝරා ගැනීමට නියමිතය. එහෙත් මෙම කණ්ඩායමේ නායකත්වය සඳහා කී‍්‍රඩකයකු තෝරා ගැනීමේදී ජ්‍යෙෂ්ඨත්වය සහ දක්‍ෂතාව පසෙක දමා, දොළ පිදේනි වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට කනිෂ්ඨ කි‍්‍රකට් තේරීම් කමිටු නිලධාරීන් සූදානම් වන බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ජාතික තේරීම් කමිටු සභාපති අසන්ත ද මැල් මහතාගෙන්  කළ විමසීමකදී ද මැල් මහතා කියා සිටියේ ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම තෝරා ගැනීම සඳහා තමන් කිසි ලෙසකින් සම්බන්ධ නොවන බවයි. ශී‍්‍ර ලංකා 19 න් පහළ සංචිතයේ දැනට සිටින ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයා වන්නේ සනිත ද මැල්ය. වසර 2009 සිටම ශී‍්‍ර ලංකා යොවුන් පිල නියෝජනය කරන සනිත වසර 2010 දී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ වාර්ෂික කි‍්‍රකට් සම්මාන උළෙලේදී වසරේ දක්‍ෂතම නැගී එන කී‍්‍රඩකයා ලෙසද සම්මාන දිනාගත්තේය. ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම සමග විදෙස් සංචාර කිහිපයකටම එක්වෙමින් හොඳ දස්කම් දැක්වූ තුන් ඉරියව් කී‍්‍රඩකයකු වුවද සනිතගේ දස්කම් සහ ජ්‍යෙෂ්ඨත්වයද නොසලකා වෙනත් කී‍්‍රඩකයකුට නායකත්වය දීමට තේරීම් කමිටු නිලධාරීන් සූදානම් වන බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. එම කී‍්‍රඩකයා නායකත්වයට පත්කරන්නේ නම් තේරීම් කමිටු නිලධාරීන්ට හොඳින් සැලකීමට පිටස්තරයකු සූදානමින් සිටින බවත් වාර්තා වේ. තේරීම් කමිටු නිලධාරීන් පසුගියදා ගත් තීරණයකින් කෙරුණේද පිටස්තරයාගේ අරමුණ ඉටුකිරීමට පාර කැපීම බවත් දැනගන්නට තිබේ. 2010 දී එංගලන්තයේ නොදම්ප්ටන්හිදී එංගලන්තයට එරෙහිව පැවැති යොවුන් ටෙස්ට් තරගයේදී ලකුණු 97 කට කඩුලූ 6 ක් දවාගනිමින් ශී‍්‍ර ලංකා යොවුන් පිල ලකුණු 199 ක ජයක් කරා කැඳවාගෙන ගිය සනිත එම තරගාවලියේදීම කාඞීෆ්හිදී පැවැති එක්දින තරගයේදී ලකුණු 23 කට කඩුලූ 3 ක් දවාගනිමින් ශී‍්‍ර ලංකා පිලට ජය මාවත පෙන්වීය. අනතුරුව පසුගිය වසරේ අග භාගයේදී ඉන්දියාවේ සංචාරය කළ ශී‍්‍ර ලංකා 19 න් පහළ පිලටද ඇතුළත් වූ සනිත පසුගිය වසරේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නායකත්වය දරමින් වසර 45 කට පසුව මොරටු රන් හටනේ ජයග‍්‍රහණය ශාන්ත සෙබස්තියන් පිලට අත්කරදීම සඳහා කණ්ඩායම මෙහෙයවීය. වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය අගෝස්තු මාසයේදී  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වෙන අතර ඒ සඳහා 30 දෙනකුගෙන් පමණ සංචිතයක් මේ දිනවල පුහුණු තරග වලට සහභාගි වෙමින් සිටිති.



අදහස් (0)

ජාතික කණ්ඩායම් තෝරා ගැනීම සිදුවන්නේ දොළ පිදේනි අනුවද?

නිශාන්ත Tuesday, 29 May 2012 02:55 PM

සනිත ද මැල් කියන්නේ එක් පැත්තකින් හොද කැප්ටන් කෙනෙක්. අනික අපි හැමෝම දන්නවා SLC කියන්නේ ක්‍රිකට් වලට ගැළපෙන තැනක් නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 3266 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 1124 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 1160 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 1507 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 984 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 596 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 392 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1127 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site