IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අද කැබිනට් අනුමැතියට

ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත් කෙටුම්පත අද ඇමති මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරණ බව රජයේ ආරංචි පවසයි. එය හෙට (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ දින සියය වැඩසටහනෙහි දක්වා ඇත්තේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය පෙබරවාරි 06 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරණ බවයි.

ඖෂධ පනත නව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ සම්මතකැර ගැනීම සඳහා එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද අදාල පනත් කෙටුම්පත නීතිපති දෙපාර්තමේන්තුවේ දී අස්ථාන ගතවී තිබිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඖෂධ පනත ක්‍රියාත්මක කිරීමෙන් මෙරට දිළිඳු ජනතාවට විශාල සහයක් හිමිවන බවයි.



අදහස් (0)

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අද කැබිනට් අනුමැතියට

ශිරෝමා Thursday, 05 February 2015 05:26 AM

ඖෂධ මාෆියාවට මේ පනතින්වත් බැට දෙනවානම් ගොඩක් හොඳයි. දුප්පත් අහිංසක රෝගීන් හා ඔවුන්ගේ පවුල්වල අය හූරාකෑම කොයිතරම් සිදුවෙනවද? (නි)

:       0       0

වොල්ටෙර් Thursday, 05 February 2015 05:30 AM

ජය වේවා! සේනක බිබිලේ මහත්මයා පටන්ගත් ජාතික කටයුත්ත මෛත්‍රී ජනාධිපතිතුමාට අවසන් කරන්න ලැබේවා...!!!! (නි)

:       0       0

සත්‍යපාල Thursday, 05 February 2015 06:07 AM

ඉතා වැදගත් පනතක්,මෙය පසුගිය රජයේ පාලනයේ බලපෑම නිසා නීති ගත කරන්න නොහැකි වූ අතර වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අප්‍රතිහත උනන්දුව නිසා දැන් නැවත වරක් පාර්ලිමේන්තු පනතක් වශයෙන් නීතිගත කිරීමට සුදානම් කර ඇති අතර මෙමගින් ඖෂධ නාමයෙන් පමණක් ඖෂධ වට්ටෝරු ලිවිම නිසා අඩුමිලට ඖෂධ මිලදී ගැනීමටත් අත්‍යවශ්‍ය ඖෂධ පමණක් රටට ආනයනය කිරීම නිසාත් පාරිභෝගිකයාට සාධාරණ මිලට ඖෂධ මිලට ගැනීමටත් ඖෂධ ආනයනයට යන අනවශ්‍ය විදේශීය විනිමය යම් ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමටත් මෙමගින් හැකිවන අතර මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේ ගෞවරවය වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට හිමිවිය යුතුය. (දිල්)

:       0       0

සනත් Thursday, 05 February 2015 06:25 AM

අස්ථාන ගත උන එකම ඉදිරිපත් කරනවානම් තමයි වඩාත් හොඳ ..(දිල්)

:       0       0

ජයසේන Thursday, 05 February 2015 07:51 AM

දැන්වත් බෙහෙත් වල මිල අඩු වෙයිද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site