IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජාතික ඖෂධ කෙටුම්පත මැති සබේට

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සඳහා වූ පනත් කෙටුම්පත නොබෝදිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවේ මෙම දැනුම් දීම සිදු කරනු ලැබුවේ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා වූ සංවිධානය වෙනුවෙන් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විවේකා සිරිවර්ධන මහත්මිය විසිනි.

මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් වශයෙන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

මෙම පෙත්සම අගවිනිසුරු මොහාන් පීරිස්, කේ ශ්‍රී පවන් සහ රෝහිනී මාරසිංහ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.



අදහස් (0)

ජාතික ඖෂධ කෙටුම්පත මැති සබේට

පෙරේරා Thursday, 27 June 2013 06:33 AM

කෙටුම්පත් මොකටද රටේ හුඟක් බෙහෙත් ජාතිවත් නැතිකොට? (නි)

:       0       0

මහවැලි Wednesday, 26 June 2013 07:14 PM

දුප්පතාට සතුටුදායක පුවතක්. .මීළඟට එන අමාත්‍ය මණ්ඩල සංශෝදනයේදී ගරු මෛත්‍රිපාල සිරිසේන අමාත්‍ය තුමාව මාරු නොවේවා ! (අ)

:       0       0

රත්න Wednesday, 26 June 2013 04:09 PM

ඕක "අතුරුදහන්වෙලා" කියලා ඇමතිතුමාම නේද කියුවේ? මේ හදිස්සියට කොහෙන්ද ඕක ආපහු හොයාගත්තේ? (නි)

:       0       0

සීල Wednesday, 26 June 2013 09:32 PM

යන්තම් ඇති . දන්නේ නැහැ තිබුනේ කොහෙද කියලා. ඉතින් බොරුවට නම් වැඩ එපා. කරන එක හරියට කරන්න අර මහාචාර්ය බිබිලේ සකස් කලා වගේ. එහෙම නැත්තන් ඕක නිකන් පුස්සක් වගේ වේවි. ඊ ලග කාරනේ තමයි අර දොස්තර කෙනෙක් ලියල තිබුන සදාචාර සමාජයකට 'රෝගී ප්‍රඥප්තියක්' අවශ්‍යයයි කියලා. ඒකත් හදලා බැලුවා නම් හොදා.(නදී)

:       0       0

චාමික Wednesday, 26 June 2013 04:22 PM

නොබෝ දිනකින් නේද? ආයේ අතුරුදහන් වෙනෙ එකක් නැහැනේ. නේද ? (නි)

:       0       0

සිල්වා පී Wednesday, 26 June 2013 04:32 PM

පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත් උසාවි යන්න ඕනෙද ? (නදී)

:       0       0

දසුනි Wednesday, 26 June 2013 04:35 PM

හැම දේම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.එතනින් එහාට වෙන දෙයක් නැති එකනේ ප්‍රශ්නේ.මේක රටට අවශ්‍යම මොහොතක්.පලිබෝධ නාශක තහනම් කරන යෝජනාවට මොකද වුනේ?කව්රුහරි දන්නවද? (නි)

:       0       0

පිටබෙද්දර ජයා Thursday, 27 June 2013 03:58 AM

සේනක බිබිලේ මැතිඳුනි ඔබට නිර්වාණයම ක්ශාත් ක්සාත් වෙත්වා.(නදී)

:       0       0

ලාල් ජකර්තා Wednesday, 26 June 2013 06:14 PM

උත්තරීතර මණ්ඩලේ ඉන්න මහත්වරුන් ඔය කියන එක ආයේමත් නැතිකරගන්න එපා හොදේ.(අ)

:       0       0

උපාලි Thursday, 27 June 2013 05:47 AM

රටට ඉතාම වැඩදායක වන මේ පනත දුශිතයන්ගේ බලපෑම නිසා මෙතෙක් ප්‍රමාද වුනා. මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමාට මේක ගෙන්න අවංක උවමනාවක් තිබුන බවත් අපි විශ්වාශ කරනවා. ලේසි නැහැ සෞඛ්‍ය මාෆියාවෙන් ගැලවිලා මේ වගේ දෙයක් කරන එක. මීට උපස්තම්භක වූ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකා පුත්‍ර මහාචාර්ය සේනක බිබිලේ මැතිඳුන් ඔබට දෙව්ලොව සිට ආශීර්වාද කරාවි මේ වැඩේට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site