IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජාතික ආරක්ෂාවට දේශපාලනේ නෑ

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දැනට ස්ථාපනය කර ඇති කිසිදු හමුදා කඳවුරක් ඉවත් නොකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා නැගෙනහිර පළාතේ ආරක්ෂක තත්ත්වය සොයා බැලීමට ත්‍රිකුණාමලයේදී පැවසීය.

අමාත්‍යවරයා වෙනුවෙන් 22 සේනාංක මූලස්ථානයේදී යුද හමුදා උත්තමාචාරයක්ද නැගෙනහිර නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා උත්තමාචාරයක්ද පැවැත්විණි.

යුද හමුදා කඳවුරු නිරීක්ෂණය කළ අමාත්‍යවරයා ත්‍රිවිධ හමුදා භට පිරිස් අමතමින් කියා සිටියේ පුහුණු අවස්ථා සඳහා පැවති සීමා ඉවත් කරන බවයි. එමෙන්ම ජාතික ආරක්ෂාව වැනි සංවේදී විෂයයක් අවස්ථාවාදී දේශපාලනයට යොදා නොගන්නා බවද ඒ මහතා කීවේය.

DSCN1702 DSCN1712 DSCN1718 DSCN1723 DSCN1724 DSCN1734 DSCN1746 DSCN1752 DSCN9380 DSCN9393 DSCN9395 DSCN9397



අදහස් (0)

ජාතික ආරක්ෂාවට දේශපාලනේ නෑ

අජිත් කරුණාරත්න Sunday, 08 February 2015 04:30 PM

තේහාන්, රතු පළසක් දාන්නේ ගෞරවාන්විත ලෙස පිළිගන්නනේ. (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 08 February 2015 08:32 PM

කොහොමහරි ලංකාව ආරක්ෂා වුණොත් සියල්ලන්ටම ඉදිරි ගමනක් තිබේවි. (නි)

:       0       0

දුමින්ද Monday, 09 February 2015 02:45 AM

ජාතික දේශපාලනය යනු ජාතික ආරක්ෂාවේ පදනමයි (නදී)

:       0       0

නිෂාර්ඩ් ප්‍රීනා Monday, 09 February 2015 03:22 AM

සරලව ජිවත් වෙනවා කියන එකයි. හමුදා උත්තමාචාර සම්ප්‍රදායන් වලට අනුකුල වෙනවයි කියන එකයි පටලවා ගන්න එපා. (නදී)

:       0       0

නුවන් අමරසිංහ Monday, 09 February 2015 03:46 AM

තෙහාන් මෙතුමාට රතු පලස මතින් යන්න තියෙන අඩුව මොකක්ද ? හොරකම් නොකරපු එකද ? තම පුද්ගලික ධනය පවා මහජනයා වෙනුවෙන් විය පැහැදම් කල එකද ? එහෙම නැත්නම් මෙතුමාගේ සීය 1948 දී ලංකාවේ නිදහස වෙනුවෙන් ජීවිත පරදුවට තියා කටයුතු කල එකද ? නිකන් කට තිබුණු පලියට මිනිසුන්ට ගරහන්න එපා (නදී)

:       0       0

රේණු Monday, 09 February 2015 03:49 AM

හමුදාවේ උත්තමාචාරයක් විදියටි රතු පලස් එලන්නේ. ආරක්ෂක ඇමති කියන්නේ හමුදාවන්ගේ ප්‍රදානියා. එතුමා පැදුරු මතින් ගෙන යන්නේ නැහැ. හමුදාවේ සම්ප්‍රදාය තමා උසස් නිලදාරියට උපරිම උත්තමාචාරය දැක්වීම. හමුදාව දක්වන උත්තමාචාර එපා කියනවා නම් එය හමුදාවට කරන මදි පුංචි කමක්. අනික මෙතන වටිනා වදනක් තියෙනවා හමුදාවේ කදවුරු ඉවත්කරන්නේ නැහැ කියන එක. එ්ක ලොකු ශක්තියක් රටට. රට බේරාගත් පවුල් සංස්කෘතියක් ඇති නව රජය ආරක්ෂක ඇමති තුමා දිවිහිමියෙන් සිය කාර්ය කරයි කියා බලාපොරොත්තු වෙනවා. තම දේශපාලන අදිකාරියේ නොගැලපෙන රටට අහිතකර තීන්දු වලදී නිසි දේ කරනු ඇතිය කියා සිතමි (නදී)

:       0       0

රණවක Monday, 09 February 2015 05:40 AM

වර්තමාන ආණ්ඩුවේ එවුන් රට ආරක්ෂා කරන එක බොරුවක්.අපි එදා ඉඳලාම රටේ ආරක්ෂාව සම්බන්දව මේ අය කල කී දේ දන්නවා.රට පාවා දෙන්න නම් හොඳට දන්නවා. (ස)

:       0       0

තේහාන් Sunday, 08 February 2015 11:51 AM

මොකද මේ සරලව ජීවත් වෙනවා කියාපු කට්ටිය රතු පලස් මතින්ම යන්නේ. (නදී)

:       0       0

විරාජ් ඒකනායක Sunday, 08 February 2015 02:21 PM

මොකද රතුපලස මතින් ගියාම වෙන්නේ? ඒකටත් ඊර්ෂ්‍යාව සමහරුන්ගේ... (නි)

:       0       0

විරාජ් ඒකනායක Sunday, 08 February 2015 02:21 PM

මොකද රතුපලස මතින් ගියහම කෑලි අඩු වෙනවද ඕකට තමයි කියන්නේ චින්තන දුබලකම (නදී)

:       0       0

පුෂ්පකුමාර ආරච්ච Sunday, 08 February 2015 02:24 PM

අනේ ටෙහාන් ඔයා වගේ මෝඩයෙක් ඉන්න රටක ඉපදීම මහා පාපයක්. රටේ ආරක්ෂක ඇමති උනාම එහෙම තමයි (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 08 February 2015 04:28 PM

ඇයි තෙහාන් එහෙම කියන්නේ, මවු බිම සිප වැළඳගෙන රටම කාපු නායකයෝ හිටපු යුගයක් තිබුන මතක නැති උනාද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site