ශ්රී ලංකා නිදහස් පක්ෂය අද (22) සවස ආණ්ඩුවට එකතුවන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කළුතරදී ප්‍රකාශ කළේය.
ජාතික රජයක් පිහිටුවීම මෙම එක්වීමේ අරමුණ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමැතිධූර කිහිපයක් ලබාදීමට ඉඩ ඇති බවත් දැනගන්නට ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලබන බ්‍රහස්පතින්දා චීනය බලා යාමට පෙර ජාතික රජයක් පිහිටුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.
ජාතික රජයක් පිහිටවීමෙන් පසු මහා මැතිවරණය ජූනි මාසයේ පැවැත්වීමටද බොහෝ දුරට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
914
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
625
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජාතික ආණ්ඩු බබා අද බිහිවේ?
ශාන් Sunday, 22 March 2015 07:40 AM
රාජිත පොඩ්ඩක් කට වහගෙන ඉන්නවනම් හොදයි. කැපී පෙනෙන රෝගය එච්චර හොඳ දෙයක් නෙමෙයි. (බ)
පාලිත ප්‍රනාන්දු Sunday, 22 March 2015 08:01 AM
මොන ජාතික ආන්ඩු හැදුවත් කමක් නැහැ සිංහලයගේ අනාගත අයිතියත් බොදු අයිතියත් රැකෙන පරිදි ආණ්ඩුව සකස් විය යුතුයි. (නදී)
සසංක Sunday, 22 March 2015 10:22 AM
බළලා මල්ලෙන් එළියට(දිල්)
නෙල්කා Sunday, 22 March 2015 10:41 AM
දැන් අප්‍රේල් වලින් ජුනි වලට කල්ගියාද? (නි)
ඇසළ Sunday, 22 March 2015 10:43 AM
ආඩි හත් දෙනාගේ කැඳ හැලිය වගේ හිටියි. උතුර කොහොමත් වෙන් කරලා දෙයි හෙමින් හෙමින්. දෙපැත්තේ අදහස් කොහොමත් එ්කට ගැලපෙන්නේ නැහැ. අන්තිමට වෙන්නේ ඡන්දෙදි වෙනම පක්ෂයක් පිහිටවල හිටපු ජනාධිපති තුමා නැවත බලයට එන එක. (නදී)
ජයන්ත Sunday, 22 March 2015 11:51 AM
දැන් බලමුකෝ කට්ටියගෙම රට හැදීමේ උනන්දුව! (නි)
බණ්ඩාර Sunday, 22 March 2015 12:37 PM
මහජන ඡන්දයකින් තොරව කොහොමද ඔයවැනි තීරණයක් ගත්තේ? ජනතාව ඡන්දෙ දුන්නේ පවතින රජයට. දැන් කොහොමද ඒක වෙනස් කරන්නේ හිතුමනාපෙට. (නි)