IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘ජාතික ආණ්ඩුව සෙල්ලම් ගෙදර වගේ‘

ජාතික ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ තව දුරටත් ජාතික විධායක සභාවේ රැඳී සිටිනවාද නැද්ද යන්න ගැන අද (23) තීරණයක් ගන්නා බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ජවිපෙ මූලස්ථානයේ පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

ජනපතිවරණ සමයේ දුන් පොරොන්දුවලට පටහැනිව ඇමැති මණ්ඩල සංඛ්‍යාව බෙහෙවින් වැඩි කර ඇතැයිද ඒ තත්ත්වය යටතේ ජවිපෙට ජාතික විධායක සභාවේ රැඳී සිටිය හැකිද යන්න ගැන තීරණයක් ගන්නා බවද ඔහු කියයි.

ශ්‍රීලනිපයේ පිරිසක් ජාතික ආණ්ඩුවට එක්ව සිටියදී නිමල් සිරිපාල ද සිල්වා මහතා විපක්ෂ නායක ලෙස ක්‍රියාකරන ආකාරය ගැනද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන බව ඔහු පවසයි.

 

වීඩියෝ - සනත් ඩෙස්මන්



අදහස් (0)

‘ජාතික ආණ්ඩුව සෙල්ලම් ගෙදර වගේ‘

ඉසුරන්දි Monday, 23 March 2015 07:23 AM

බලලෝභීකමින් මත්වූ කිසිම දේශපාලකයෙක් තමන්ගේ පුටුව හැර දමා නොයන බව ඒකාන්තයි.(ත)

:       0       0

නාරද Monday, 23 March 2015 07:30 AM

පේන කිව්වා වගේ කියන්නේ. මේ ගොල්ලෝ වැඩි කල් ඉන්නේ නෑ. (ත)

:       0       0

දුමින්ද Monday, 23 March 2015 07:39 AM

ජාතික විධායක සභාවේ මොකද වුණේ? කතා කළා පමණයි කළේ. (ත)

:       0       0

දීපාල් Monday, 23 March 2015 07:46 AM

විපක්‍ෂ නායක කම ඇමති කමකට වඩා අගමැතිට සමාන පහසුකම් ලැබෙන තනතුරක් (ත)

:       0       0

චමි Monday, 23 March 2015 06:40 PM

අනේ යන්න එපා පැටියෝ , ඔයා තමා අපේ සෙල්ලම් ගෙදර ලොකු පුතා .((නදී)

:       0       0

කසුන් Monday, 23 March 2015 08:47 AM

දැන් සනීපද දන්නෙ නෑ නේ ? (ම)

:       0       0

ප්‍රකාශ් Monday, 23 March 2015 10:02 AM

දැන් ඉතින් තවත් කුමන්ත්‍රණයක් කළා නම් හරි.අනුරලගේ කට්ටිය හැමදාම කරන්නේ ඔය ටිකනේ.ඔය විධායක සභාවත් එකම ජාතියේ ද්‍රෝහීන් ඉන්න තැනක්නේ.දැන් ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වාගේ ඉන්න එකයි. (බ)

:       0       0

අතුල Monday, 23 March 2015 10:04 AM

දෙගොල්ලොම කම්බ හොරු රටේ ජනතාව දෙනවත් තේරුම් ගතයුතුයි , ජවිපෙ නොහිටින්න මුන් මේවගේ තත්වයටවත් රට තියන්නේ නැහැ අපේ සමහර කොමෙන්ට්ස් දාන අය හිතන් ඉන්නේ මහින්ද යවපු එකට තරහෙන් වගේ රට ගොඩ ගන්න බැරි විදිහට විකුණන් කාලා රටේ පරම්පරා 3 ක් හිඟා කනවා මෙයාලට හිරිකිත නැද්ද මෙහෙම ඉන්න (බ)

:       0       0

අංජන Monday, 23 March 2015 10:10 AM

මෙයා කියන ඒවාට කොහෙන් හිනා වෙන්නද මන්ද, කුම්බලා මාළු කෑවනම් විදවපන් පුසෝ තමයී අපිට කියන්න තියෙන්නේ, මෙයාට ඇත්තේ මෙයීන් අයින් වීම නොව ඇතුලේ ඉඳගෙන සටන් කීරීම වේ (බ)

:       0       0

අනුර පනාගොඩ Monday, 23 March 2015 10:30 AM

රෙදි ඇඳගෙන ඉන්න පුලුවන්නම් තව ඉන්න මහත්තයෝ (ම)

:       0       0

සම්පත් වන්නිආරච්ච Monday, 23 March 2015 10:33 AM

ජේවීපී නායකයින් සිය අනුගාමිකයින් හා පාක්ෂිකයින් හැමදාම රැවටීමට කටයුතු කළා. 1994 චන්ද්‍රිකාට ඡන්දය දෙන්න කිව්වා. 2005 දි මහින්දට දෙන්න කිව්වා. 2010 දි මහින්දට එරෙහිව පොන්සේකාට දෙන්න කිව්වා. 2015 දි මෛත්‍රීට දෙන්න කිව්වා. ජනතාවට හැමදාම රැවටෙන්නත් බෑ. දැන් දැන් ජේවීපී නායකයින් ඇමතිකම්වල හා අධිපතිකම්වල සුවඳ සොයා යන බව පේනවා. ඊට හොඳම උදාහරණය නන්දන ගුණතිලක මහතා. (නදී)

:       0       0

දයා Monday, 23 March 2015 10:54 AM

ඔයගොල්ලෝ කුණුමණේ අදින්නේ , දැන් ආණ්ඩුවට ගිහින් තියෙන්නේ කවදු කැබිනට්ටුවත් ගඳයි (අ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 23 March 2015 11:50 AM

මල්ලි උඹල ගත්ත උත්සාහය ටිකක් සාර්ථකයි. හැබැයි මේ හොරු රැළට නැවත පට්ටම් දීපු එකට නම් අපි එකඟ නැහැ (නදී)

:       0       0

කුමාරන් Monday, 23 March 2015 12:03 PM

බැඳ ගත්තු බෙරේ ගහනවා . (අ)

:       0       0

අනිල් පෙරේරා Monday, 23 March 2015 12:19 PM

මෙයා මේ ටිකට පිම්බිලා තියෙන තරමට කොහෙද ඕක දාල යන්නේ? ඔය බයිලා කිය කියා සැප ගන්න ජොබ් එක මෙයා අත අරීද? බලමු (අ)

:       0       0

රොහාන් Monday, 23 March 2015 12:44 PM

සම්පත් වෙනසකටත් එක්ක මේ පාර මහා මැතිවරණය ජේවීපී දිනවමු දිනවල බලමු මේ හැම දෙනාගේම වෙනස. බලමු ජේවීපී මේ අය නොකරන හරිය කරයිද කියලා. අපි හැමදාම මේ අය කියන අයට දුන්න මිසක් මේ අයට දුන්නේ නැහැ නේද. (නදී)

:       0       0

මොරිස් Monday, 23 March 2015 01:41 PM

ඇමතිකම් වල සුවඳ සොයා ගියේ හෙළ උරුමයේ, එ.ජා. පෙ. නායකයන් සහ මේ දැන් ශ්‍රී ල නි පයේ නායකයන්. ජ වී පෙ ට ඇමති කමක් අවශ්‍ය නම් කියන පරක්කුව විතරයි ඒ වගේම ඒ අය සුනාමි සහන මණ්ඩලය සම්මත කරන වෙලාවේ ඇමතිකම් හා උප ඇමතිකම් අතහැරලා ආණ්ඩුවෙනුත් එලියට බැස්සා. නන්දන පක්ෂයෙන් ඉවත් කලේ විමල්ටත් පෙර. අයින් වෙලා ගියාට පස්සේ ඒ අයට ඕන දෙයක් කරගෙන ජිවත් වෙන්න පුළුවන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site