IMG-LOGO

ජාතික ආණ්ඩුවකට ප්‍රතිපත්තිමය එකඟතාවයක්

(අජන්ත කුමාර අගලකඩ)

ජාතික එකගතා ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර අද(02) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී ප්‍රතිපත්ති ම ය එකඟතාවක් ඇති ව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව ජනාධිපති මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි .

ඒ අනුව ජාතික එකගතාආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු ඉදිරියට ගෙන යාම සදහා ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය ලබාදීමට ද එහිදී එකඟතාවකට පැමිණි බව වාර්තා වේ අඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට මීට පෙර ඉදිරිපත් කළ කරුණු 11ක යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව වාර්තා වේ .

එම සාකච්ඡාව පැය එක හමාරක් පමණ තිස්සේ පැවැත්විණි .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ඇමති මහාචාර්ය ජී එල් පීරිස්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ,ඇමති රමේෂ් පතිරණ ,මහලේකම් සාගර කාරියවසම් ,පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරු ද,සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා පත්කරන ලද කමිටුවේ සාමාජිකයන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා විමල් වීරවංශ ,උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

දෙපාර්ශවයේ එකගතාව මත මීට අදාළ ඒකාබද්ධ නිවේදනයක් අද පස්වරුවේ නිකුත් කිරීමටද එහිදී තීරණය වී ඇත.

 



අදහස් (6)

ජාතික ආණ්ඩුවකට ප්‍රතිපත්තිමය එකඟතාවයක්

ravin Monday, 02 May 2022 02:37 PM

රටට හෙණ ගැහැව්වත් මොකද... ඩීල් එකක් දාගත්තාම ... පරම්පරා ගාණක් ගොඩ.

:       3       17

වර්ණකුලසූරිය Monday, 02 May 2022 03:04 PM

විමල් වීරවංශ මහතා මාධ්‍ය ඉදිරියේ බැසිල් රාජපක්ෂ මහතා ගැන කළ කරුණු පැහැදිලි කිරීමකට අනුව මෙවැනි එකඟතාවකට පැමිණියේ ඇත්තටම ඇඳුම් ඇඳගෙනද කියා අසන්නට අපට සිදුවේ. ශ්‍රී ලංකාවේ දේශපාලකයින් ආත්ම ගෞරවය කියන වචනයවත් අසා තිබේද යන්න සැක සහිතයි...

:       1       18

Dharmatileke Monday, 02 May 2022 03:32 PM

ඔය ජනතා හඬට එකඟවීමක්ද? ඔහෙලගේ මතය ජනමතය නොවෙයි... මැතිවරණය තියන්නේ ජනයාට තෝරන්න... කවුද රට පාලනය කරන්නේ කියලා.

:       2       11

ashok Monday, 02 May 2022 05:05 PM

තවම විහිළු කර කර ඉන්නවා. ජනතාව බඩගින්නේ...!

:       0       6

විපරමා Monday, 02 May 2022 05:40 PM

කිසිම ලැජ්ජාවක් නැති දේශපාලුවන්... මුලුරටම හොරාකාලා ජනතාව පාරට ඇදලා දාපු දූෂිතයන්. මේ අයත් එක්ක මොන ජාතික ආණ්ඩුද? ගේම් ගගහා කල් මරනවා. ලංකාවේ විතරක් නෙවෙයි, පිටරට ජීවත් වෙන සියලුම ජනතාව තරයේම කියා සිටින්නේ දූෂිත පවුල් පාලනේ අයට ඉවත්වෙන ලෙසයි. දැන් බයද කියලා තමයි අහන්න තියෙන්නේ...?

:       0       5

ranjith Monday, 02 May 2022 06:20 PM

ජනතාව රවට්ටන විගඩම්. මේ ඔක්කොම එකයි. බොරුවට ජනතාව ගොනාට අන්දලා ඔහේ රට ගෙනියන්න හදනවා. තරුණයන් ගොනාට අන්දපු කාලෙ නම් දැන් අහවරයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 713 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1124 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site