IMG-LOGO

ජාතික අනු කමිටුවේ යෝජනා ලබන මස මැති සබයට

 

(සුජිත් හේවාජුලිගේ)

මෙරට ආර්ථික ස්ථායීකරණයට වැදගත් වන  නීති සහ   යෝජනා ලබන මස අගදී පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරන බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 

ඔහු මෙසේ පැවසුවේ එම කමිටුව පාර්ලිමේන්තුවේදී පසුගිය 15 වැනිදා රැස්වූ අවස්ථාවේදීය.

විශේෂයෙන් රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්වීමට හේතුවූ කරුණු මොනවාද ඒ් සඳහා  නීතියේ අඩුපාඩු තිබේද යන්න සාකච්ඡා කිරිම  වැදගත් බවද සභාපතිවරයා  මෙහිදී පැවසීය.

රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා දේශීය සහ ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමේදී මෙරට නීති පද්ධතිය තුළ ඇති කළ යුතු වෙනස්කම් පිළිබඳව  මෙහිදී  විද්වත්හු කමිටුවට පෙන්වා දුන්හ.

මහ බැංකුවේ කාර්යභාරය, මහාභාණ්ඩාගාරයේ කාර්යභාරය හා වගවීම, ආණ්ඩුවේ කාර්යභාරය හා වගවීම, රාජ්‍ය නිලධාරින්ගේ දේශපාලනඥයන්ගේ සහ ඔවුන් සමග ගනු දෙනු කරන ව්‍යාපාරික ප්‍රජාවගේ වගවීම පිළිබඳවද  මෙහිදි සාකච්ඡා කෙරිණ.



අදහස් (0)

ජාතික අනු කමිටුවේ යෝජනා ලබන මස මැති සබයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site