
(අංජුල මහික වීරරත්න)
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.
බිමල් රත්නායක(ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)ආචාර්ය අනුර කරුණාතිලක(කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික) මහාචාර්ය උපාලි පන්නිලගේ(රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පිඨාධිපති ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික) එරංග උදේශ් වීරරත්න(සමාගම් ප්‍රධාන විධායක නිලධාරී, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික) අරුණ ජයසේකර(විශ්‍රාමික මේජර් ජනරාල්, ජාතික ජන බලවේගයේ විශ්‍රාමික හමුදා සාමූහිකයේ ප්‍රධානී) ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම (සමාගම් අධ්‍යක්ෂ, ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික) ජනිත රුවන් කොඩිතුවක්කු (නාවුක සහකාර ඉංජිනේරු, ජාතික ජන බලවේගයේ ඉංජිනේරු සංසදයේ මෙහෙයුම් කමිටු සාමාජික) පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි (ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාර, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික) රාමලිංගම් චන්ද්‍රසේකර් (පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක)වෛද්‍ය නජිත් ඉන්දික (සමාජ ක්‍රියාකාරී, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු) සුගත් තිලකරත්න (ඔලිම්පික් ක්‍රීඩක) නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර(ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් විධායක සභික) සුනිල් කුමාර ගමගේ (වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ආර්ථික කවුන්සිල සාමාජික, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති) ගාමිණී රත්නායක (හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු) මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ(ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පීඨාධිපති, ඌව පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති) සුගත් වසන්ත ද සිල්වා(සමාජ සේවා නිලධාරී (විශ්‍රාමික), ශ්‍රී ලංකා දෘෂ්්‍යාභාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති)අබුබකර් ආදම්බාවා(දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාශයේ අපේක්ෂක - රුහුණු විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබද විද්‍යාවේදී උපාධිධාරි, අධ්‍යාපනවේදී පශ්චාත් උපාධිදාරි, ලංකා ගුරු සේවා සංගමයේ උප ලේකම්)ආර්. එච්. උපාලි සමරසිංහ (වන්නි මැතිවරණ කොට්ටාශයේ අපේක්ෂක - ජාතික ජන බලවේගයේ වව්නියාව දිස්ත්‍රික් සංවිධායක)
2025 නොවැම්බර් මස 04
75
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජාජබ ජාතික ලයිස්තුව
අමල් Sunday, 17 November 2024 07:08 PM
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...! පුනරුද යුගයේ මාලිමාවට ඡන්දය දුන් ගාල්ලේ එකෙක් රුසියානු තරුණියක් අහුන්ගල්ලේ රියු හෝටලේදී දූෂණය කරලා ! නලින් හේවගේලා අන්න එහෙමයි මුළු පාර්ලිමේන්තුවේම මල් පුප්පන්න යන්නේ...!
Perera Monday, 18 November 2024 03:00 AM
1977 ට පෙර මෙවැනි උගත් බුද්ධිමතුන් පාර්ලිමේන්තුවේ සිටිය බව අපේ වැඩිහිටියන් කියලා තිබෙනවා....
විනිවිද Monday, 18 November 2024 05:21 AM
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හෙවත් සිලින්ඩරය ලද ඔවුන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සඳහා එක්සත් ජාතික පක්ෂය තුළ අපකිර්තියට පත් හෝ පරාජිතයින් නොව එක්සත් ජාතික පක්ෂය සඳහා කැපවන පක්ෂ මාරු නොකරන ලද දූෂිත හෝ අධිකරණ චෝදනා නොමැති අලුත් දෙදෙනෙකු පක්ෂය තුළින් නම් කිරීම තුළ පක්ෂයට නව ඇරබුමක් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් තුළද අලුත් බලාපොරොත්තු ඇතිකළ හැකිවේ. එමෙන්ම ඔවුන්ට පාර්ලිමේන්තු අද්දැකීම් ලබාගැනීමට අවශ්‍ය පසුබිමද ලැබෙනු ඇත. ඔවුන්ට අවශ්‍ය පුහුණුව එහිදී ලැබෙනු ඇත. සියලු දෙනාගේ කැමැත්ත මත අලුතින් දෙදෙනෙකු එක්සත් ජාතික පක්ෂය තුලින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පත් කිරීම මේ අවස්ථවේ සිදුවිය යුතුවේ. මැතිවරණ අවස්ථාවේ හෝ අවස්ථාව අනුව මතුවී දේශපාලකයන් වන චරිත නොව දේශපාලනය පිළිබඳ අවබෝධයක් සහ කියවගත හැකි දෙදෙනෙකු වීම සහ පාර්ලිමේන්තුවට ගොස් පක්ෂ මාරු කරන්නා වූ පුද්ගලයන් නොව නායකත්වයේ විස්වාසය ලබාගත හැකි වීමද වැදගත් වේ...