IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජගත් පුෂ්පකුමාරට හීං හූවක් : විජිතමුණි සෝමවීරගේ කවියෙන් පිළිතුරු දෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ මොණරාගල ප්‍රාදේශී සභා පිට්ටනියේ දැන් පැවැත්වෙන රැලිය නියෝජ්‍ය ඇමති   ජගත් පුෂ්පකුමාර මහතා ඇමතීම ඇරැඹීමත් සමඟ පිරිසක් හූ තබන්නට වූහ.

රැලියේ ඉදිරියේම සිටි පිරිසක් එලෙස හූ තැබූහ.

මේ රැස්වීමේ සංවිධානාත්මක පිරිසක් හූ තියන්නට බලා සිටින බව මෙහි එන්නට පෙරම තමා දන්නා බවත්, රැස්වීමේ සිටින සියයට 95ක් තම ජනතාව බවත්, සංවිධානාත්මක පිරිසක් කරන බාධාවලින් ඵලක් නොවන බවත් පුෂ්පකුමාර මහතා කීවේය.

ඔහුගේ කතාව අවසන් වූ විට විජිතමුණි සොයිසාට ද හූ තැබූහ. හූවට පිළිතුරු ලෙස ඔහු කොළඹ යුගයේ කවියකු වූ සෝමවීර චන්ද්‍රසිරි මහතා කැස්බෑව ආසනයේ එවැනි සිද්ධියක දී කියූ කවියක් කීවේය.

මහින්ද රාජපක්ෂ මහතා ද වේදිකාවේ සිටියි.

රතුගල ආදිවාසී නායකයා පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට වැඳ ආචාර කළේය.



අදහස් (0)

ජගත් පුෂ්පකුමාරට හීං හූවක් : විජිතමුණි සෝමවීරගේ කවියෙන් පිළිතුරු දෙයි

චන්න බුවනක Thursday, 30 July 2015 08:53 PM

ජනතාව හු කියපු එක ගැන නෙවෙයි හොයන්න ඕනි. හු කියන්න හේතුවයි හොයන්න ඕනි.(නදී)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 10:37 AM

ජනතාව ගොනාට අන්දලා දේශපාලනය කරපු කාලේ අවසන් (නදී)

:       0       0

වීරප්පන Thursday, 30 July 2015 11:33 PM

ඇත්තටම මෙහෙම නරියෝ (නදී)

:       0       0

ග්‍රාම්‍යා Friday, 31 July 2015 12:56 AM

සෝමවීර චන්ද්‍රසිරි මහත්තයාගේ කවිය නම් මට අමතක වෙන්නේ නැහැ. නොදන්නා අයට දැන ගන්න යහපත් චේතනාවන් මෙන්න කවිය.(නදී) කොල්ලෙකු උපන්නොත් නරියෙකු හට දාව උපතින් උරුම වෙය් ඌ හට නරි හුව දැන් මෙහි ඉන්න උන් මා හට හු කීව අම්මට කියාලා මකවා ගන් හුව

:       0       0

ප්‍රනාන්දු Friday, 31 July 2015 02:05 AM

ගම්පහ දිස්ත්‍රික්කයේත් දෙනෙක් ඉන්නවා.(නදී)

:       0       0

සහන් Friday, 31 July 2015 02:36 AM

ඔය හූ කියන්නේ ජගත්ලට ,සොයිසලට නොවේ (නදී)

:       0       0

සහන් Friday, 31 July 2015 02:38 AM

ගණන් ගන්න එපා ,සොයිසා මහත්තයෝ මමියක් තමයි ඔබතුමාලා කරතියාගෙන යන්නේ (නදී)

:       0       0

ඩයස් Friday, 31 July 2015 03:30 AM

සන්දානයේ ඇතුලත අර්බුද මෙවායින්ම පේනවා (නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Friday, 31 July 2015 04:51 AM

මේ දෙන්නා පරාද කරන්න ලේසි නැහැ (නදී)

:       0       0

ජෝසප් පෙරේරා Friday, 31 July 2015 05:01 AM

විශ්ව විද්යාල සිසුන්ගේ හූවට ලක්වුන කවියෙක් එයට කවියෙන් ප්‍රතිචාර දැක්වූයේ මෙහෙමයි. 1970 ගනන් වල සිදුවූ මෙම සිද්දියේ කවියා කවුදැයි මතක නෑ. (නදී) ඉපදුනු කෙනෙක් ඇත්නම් නරියට දාව උප්පත්තියෙන් හිමිවෙනවා නරි හූව නරි බල්ලනේ මට මෙතනදි හූ කීව අම්මට කියාලා මකවාගනු හූව

:       0       0

එච් . පෙරේරා Friday, 31 July 2015 08:03 AM

ජනතාවගේ හු හඬවලින් සංග්‍රහ ලබන්න තරං මේ දේශපාලයකයෝ පිරිහිලා. ඔබගේ වටිනා ඡන්දය ජනතාවගේ හු හඬවලින් සංග්‍රහ ලබපු මේ දේශපාලකයන්ට පුදකරනවාද? තීරණය ඔබ අතේ. (හේ)

:       0       0

ද සිල්වා Friday, 31 July 2015 09:09 AM

ඇති හීං හු හඬ අහලා කියල විතරක් බේරුනා. මැරිච්ච අප්පචි වේදිකාවට ගෙනල්ලා තිබෙන්නේ? ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියන්නේ මේකට තමා (නි)

:       0       0

සිල්වා Friday, 31 July 2015 09:18 AM

හු හඬවලින් සංග්‍රහ කරලා මදි. මේ කට්ටිය ඔබගේ වටිනා ඡන්දයෙන් ගෙදරම යවන්න මතක තබාගන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site