IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ජැකලයින්ටත් Film Fare

11018800_990199977680458_5935335416448358546_n-(1)

Film Fare සම්මාන උළෙල කියන්නෙ බොලිවුඩයේ තරැ මංගල්‍යය. මේ තරැ මංගල්‍යය පසුගිය සතියේදී සුපුරැදු පරිදි පැවැත්වුණා. බොලිවුඩයට මේක හරිම සොඳුරැ අත්දැකීමක් බව කොයි කවුරැත් දන්නවනෙ. බොලිවුඩයේ විතරක් නෙවෙයි ලොව පුරා මේ තරැ තම අණසක පතුරවන්නෙ නොසිතන විදිහට. මේ අය ගැන කතා නොකරන කෙනෙක් නැතිවෙන තරම්. ඒ වගේම තමයි මෙවර Film Fare සම්මාන උළෙල අපිට වැදගත් වෙන කාරණයකුත් තියෙනවා. ඒ තමා එහිදී සම්මානයට පාත්‍ර වූ නිළියකට මේ භූමියෙත් හිමිකමක් තිබීම. ඇය තමයි ජැකලයින් ෆර්නැන්ඩස්. ජැකලයින් බොලිවුඩයට පායපු තරැවක් වුණාට එයාගේ මුල් ගම්බිම් මේ පුංචි දිවයිනේ කියන්නත් ඔබ දන්නවා.


deshaya-20151214- Jacqueline-Fernandez4කොහොම වුණත් බොලිවුඩ් තරැවල සිහිනයක් තමයි Film Fare සම්මාන උළෙලේදී සම්මානනීය නළුවෙක් හෝ නිළියක් වෙන එක. එය ඔවුන්ගේ සිනමා හැරවුම් ලක්‍ෂ්‍යයක්. ජැකලයින් ෆර්නැන්ඩස් ඒ කඩඉමත් ජයගත්තා. Film Fare Glamour and Style සිනමා උළෙලේදී Emerging Face of Fashion සම්මානය දිනාගනිමින් ජැකලයින් ප්‍රථම Film Fare සම්මානය ලබා ගන්නවා. 


1985 අගෝස්තු මස 11 වැනිදා ජැකලයින් උපත ලබන්නේ බහරේනයේදී. ඇගේ පියා ශ්‍රී ලාංකිකයකු වන අතර මව මැලේසියානු කාන්තාවක්. මේ වෙද්දි ඇය බොලිවුඩයේ සුපිරි තාරකාවක් වුණාට එයා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන උපාධිධාරිනියක්. එයා මුල්ම රුකියාව විදිහට කරන්නෙත් රෑපවාහිනී මාධ්‍යයේ රුකියාවක්. අධ්‍යාපනයට වගේම එයාට රංගනයටත් හිත ඇදී යන්නෙ තමන්ගේ හිතටත් නොදැනීමයි. ඊට නිරෑපණ ක්‍ෂේත්‍රය ඇයට හොඳ අත්වැලක් වෙනවා. 2006 වසරේදී Miss Universe තරගයෙන් ජයග්‍රහණය කරන ජැකලයින් 2009 වසරේදී සිය රංගන දිවිය ආරම්භ කරනවා. 


පළමු චිත්‍රපටය වූ “Murder 2" දෙස් විදෙස් රසිකයන් අතර මහත් ජනාදරයට පත්වීමත් ඇය ලද භාග්‍යයක්. පසුව රංගනයෙන් දායක වූ “House Full 2" සහ “Race 2* ඒ විතරක් නෙවෙයි ජැකලයින් IIFA සම්මාන උළෙලේදී හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනා ගැනීමට හැකි වුණේද මේ චිත්‍රපට දෙකේ සාර්ථකත්වය හේතුවෙන්.


ජැකලයින් බොලිවුඩයේ විතරක් නෙවෙයි හොලිවුඩයෙත් ජනප්‍රිය තාරකාවක්. සම්මානය අතැතිව ඇය සඳහන් කළේ ඇයට අතදුන් හැමදෙනාටම මේ සම්මානය හිමිවන බවයි. ඇය සිය ට්විටර් ගිණුමෙත් මේ ගැන සටහනක් තබන්න අමතක කරන්නෙ නැහැ. ලංකාවෙත් ඉන්දියාවට ගියෙත් තමන්ගෙ නිළි සිහිනය සැබෑ කරගන්න කියලයි ඇයනම් පවසන්නෙ. ඒ ජැකලයින් ෆර්නැන්ඩස්.


මෙවර Film Fare සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූ අනෙක් බොලිවුඩ් සුපිරි තරැ ගැනත් සඳහන් නොකළොත් ඒක අඩුවක් වෙයි. Most Glamorous Star (Male) සම්මානය දිනා ගත්තේ මුළු ලොවක් ආදරය කරන බොලිවුඩයේ කිං ඛාන් නැත්නම් ෂාරැක් ඛාන්. සුපිරි නිළි දීපිකා පදුකෝන් Most Glamorous Star (female) සම්මානය දිනා ගන්නවා. ඒ අනුව ෂාරැක් සමඟ දීපිකා බොලිවුඩ් සිනමාවේ වසරේ ආකර්ෂණීයම චරිත බවට පත් වුණේ එහෙම. ඒ වගේම Global Icon of the year සම්මානය දිනා ගැනීමටත් ෂාරැක් සමත් වුණා. ආරම්භයේ සිටම ඈ දවස දක්වාම තමන්ගෙ දක්ෂතාවත් ජනප්‍රියත්වයත් නොනැසී පවත්වා ගැනීමට සමත් වුණ කෙනෙක් තමයි ඔබේ සිහිනයේ පවා රුඳී සිටින ෂාරැක් කියන්නෙ. තමන්ගේ මව් රටේ විතරක් නෙවෙයි ලොවපුරා ජනප්‍රියත්වයට පත්වීම කියන්නේ භාග්‍යයක් නෙවෙයිද? ඒ අත්දැකීම කෙනෙක් මොනතරම් කුල්මත් කරනවද?


මේ අය විතරක් නෙවෙයි අනිල් කපූර්, ඓශ්චර්යා රායි, අභිෂේක් භච්චන්, රන්වීර් සිං, ආලියා ඛාන්, සෝනක්‍ෂි සින්හා, සෝනම් කපූර් යන බොලිවුඩ් තරැත් මෙවර Film Fare සම්මාන රාත්‍රියේදී සම්මානනීය නළු නිළියන් බවට පත්වුණා. ඉතිං මේ වගේ ආකර්ෂණීය තරැවක් වෙන්න කවුද අකමැති නේද? 

 

ඡායාරූප අන්තර්ජාලයෙනි 

 - අාශිකා - 

deshaya-20151214- Jacqueline-Fernandez4 01

deshaya-20151214--Jacqueline-Fernandez5

deshaya-20151214--Jacqueline-Fernandez-6

deshaya-20151214--Jacqueline-Fernandez-5-new

 



අදහස් (0)

ජැකලයින්ටත් Film Fare

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site