IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජැකලින්ට තවත් නඩුවක්

(විමුක්ති එස් රුද්‍රිගු)

බොලිවුඩ් රංගන ශිල්පිනියක මෙන්ම නර්තන ශිල්පිනියක වන නෝරා ෆතේහි  මහත්මිය ශ්‍රී ලංකානු සම්භවයක් ඇති බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ට විරුද්ධව ඉන්දීය රුපියල් කෝටි 200 ක අපහාස නඩුවක් ගොනුකර තිබේ.

තමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම හේතුවෙන් තම රංගන ජීවිතයට හානි වූ බව නඩුව ගොනු කරමින් නෝරා ෆතේහි මහත්මිය පවසා ඇත. තම රංගන ජීවිතය ගොඩනැගී ඇත්තේ ප්‍රතිරූපය මත වීම හේතුවෙන් ෆර්නැන්ඩස්ගේ අසත්‍ය ප්‍රකාශ නිසා තමාට මූල්‍යමය වශයෙන් සහ සමාජයීය වශයෙන් හානි සිදු වූ බව නෝරා ෆතේහි මහත්මිය පෙන්වා දී තිබේ.

ඉන්දීය රුපියල් කෝටි 215 ක මුදලක් කප්පම් ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය මූල්‍ය බුද්ධි ඒකකය සුකේෂ් චන්ද්‍රශේකර්ට විරුද්ධව ගොනු කර ඇති මූල්‍ය විශුද්ධිකරණ නඩුව සම්බන්ධයෙන් පසුගිය වසරේ දෙසැම්බර් දෙවැනිදා නෝරා ෆතේහිගෙන් සහ ජැකලින් ෆර්නැන්ඩස්ගෙන් මූල්‍ය විමර්ශන ඒකකය ප්‍රශ්න කර තිබේ.

ෆර්නැන්ඩස් සහ ෆතේහි යන දෙදෙනාම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස ඔවුන්ගේ ප්‍රකාශ එහිදී ලබා දී තිබුණි.

 



අදහස් (0)

ජැකලින්ට තවත් නඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site