IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘ජීඑස්පී ප්ලස් සහනය ඉක්මනින් ලැබෙන ලකුණු‘

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහි දැන් පවතින යහපත් ප්‍රතිචාරය හේතුවෙන් ඉතා ඉක්මනින් ‘ජී.එස්.පී ප්ලස්‘ සහනය ලබා ගත හැකි වෙතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති වෘත්තීය සමිත නායක හමුවකදී පැවසීය.

විදේශ ඇමැතිවරයා යුරෝපා සංගමය සමග අද හෙට ජී.එස්.පී ප්ලස් සහනය ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවත් එය ලැබීමෙන් රැකියා දස ලක්ෂයේ වැඩපිළිවෙළද ඉක්මන් වන බව අගමැති කීවේය.

ranil_201510010 ranil_2015100101 ranil_2015100102



අදහස් (0)

‘ජීඑස්පී ප්ලස් සහනය ඉක්මනින් ලැබෙන ලකුණු‘

චන්දන Thursday, 01 October 2015 12:03 PM

රට ගැන හිතපු අයට දැන් බඩ ගැන මතක් වෙලා. ඔයාලගේ බඩවල් නම් කවදාවත් පිරෙන්නේ නැහැ. (ර)

:       0       0

ලෙස්ලි ලෝව් මිලානෝ Thursday, 01 October 2015 03:22 PM

ජි එස් පි ප්ලස් සහනය ලැබුනොත් අපි වගේ පිටරට සිටින අයට ලංකාවෙන් එවන එළවලු පවා ලාබෙට ගන්න පුළුවන් වෙනවා .අනෙකුත් අපනයන ප්‍රමාණයද වැඩි වෙන බැවින් රටේ අදායම ඉහල යාමට ඉඩ තිබෙනවා (හේ)

:       0       0

ධම්ම Thursday, 01 October 2015 09:30 AM

ඕක ලැබුනාම කියන්න මෙන්න ලැබුනා කියලා. එතෙක් ඉන්න. (ර)

:       0       0

කුමාර Thursday, 01 October 2015 09:31 AM

තාම ලකුණු විතරයි. වැඩ නැත. (ර) .

:       0       0

ශානක Thursday, 01 October 2015 09:46 AM

තව ගොඩක් දේවල් ලැබෙයි මොහොම යද්දී (ම)

:       0       0

දුමින්ද Thursday, 01 October 2015 09:51 AM

තුන් කල් දැක්ම. (ර)

:       0       0

රුවන් විජේසුරිය Thursday, 01 October 2015 10:10 AM

ඇත්තටම සුබ අනාගතයක් එනවා වගේ දැන්නම්(අ)

:       0       0

දුමින්ද Thursday, 01 October 2015 10:39 AM

එහෙනම් ගොඩක් හොද වෙයි (හේ)

:       0       0

දුමින්ද Thursday, 01 October 2015 10:41 AM

මේ රටේ ජනතාව බඩට නොකා යුද්ධය වෙනුවෙන් බදු ගෙවමින් මහා කැප කිරීමක් කළා . ජනතාවගේ දැන් මේ දුක්කිත කාලය අවසන් කිරීමට කාලය පැමිණ ඇත. තවමත් රටේ 40% කට ආසන්න පිරිසක් කිසියම් ආකාරයක මන්දපෝෂණයෙන් පෙලෙයි. අාහාර නිෂ්පාදන ක්‍රියාවලියට පුළුවන් තරම් ආදාර කරමින් අාහාර මිල 50% කින් වත් අඩුකරන්න (හේ)

:       0       0

සේනක Thursday, 01 October 2015 10:41 AM

විදේශ රටවල ලියාපදිංචි වෙච්ච ගොවීන්ට පොහොර, බීජ නොමිලේ ලබා දෙනවා. ගොවි උපරකන යන්ත්‍ර සුත්‍ර ඉතා අඩු නාමික මිලකට කුලියට දෙනවා. මේ නිසා විදේශ රටවල ගොවීන්ට ශ්‍රමය ඇරුණු විට නිෂ්පාදන වියදමක් ඇත්තෙම නැහැ. මේ නිසා පාරිබෝගික ආහාර මිල ඉතා අඩුයි. ගොවියොත් හොදින් ලාබ ලබනවා. අපේ රටෙත් මෙවැනි අනවශ්‍ය වියදම් අඩු කලොත් මෙවැනි හාස්කම් කරන්නට පුළුවන්. (ර)

:       0       0

නුවන් Thursday, 01 October 2015 10:43 AM

ගරු අගමැතිතුමනි, කැබිනට් සංශෝදනයකින් හෝ ඇමති මණ්ඩලය 20 ට අඩු කරන්න. මේක මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබුන ප්‍රධාන පොරොන්දුවක්නේ. ජාතික ආණ්ඩුවක් හින්ද කාටවත් පනින්න තැනකුත් නැහැ. රනිල් මෛත්‍රී දේපල දැඩි ස්ථාවරයක සිටියොත් මේක පහසුවෙන් කරන්න පුළුවන්. (ර)

:       0       0

සරත් Thursday, 01 October 2015 10:52 AM

රුපියලත් බාල්දු කලානේ. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 366 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1011 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site