
(රංජිත් රාජපක්ෂ)
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැමිණෙන අයුරු අප කැමරාවේ සටහන් විය.
කොළඹ සිට හැටන් දක්වා පැමිණිමට ප්‍රමාණවත් ලංගම සහ පෞද්ගලික බස් රථ නොමැති විම නිසා ඇතැම් පිරිස් එක් වි කුලි පදනම මත බස් රථ රැගෙන හැටන් දක්වා පැමිණෙන අයුරුද දක්නට ලැබුණි.
ජනාධිපතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරිමෙන් අනතුරුව යලිත් සේවා ස්ථාන වෙත යන බවයි එම පිරිස කියා සිටියේ.

COMMENTS
මේ මිනිස්සු පට්ට අහිංසක ඒ වගේම මෝඩ මිනිස්සු .. මෙයාලාව කමයි දදේශපාලකයෝ රවට්ටන්නේ
මේ එන්නෙ ගඳ ගහන මේ මජර ක්‍රමය වෙනස් කරන්න බව ඉර හඳ වගේ විශ්වාසයි, ඒක සහතිකවම අවසන් වන බව හොඳාකාරව දන්නා නිසා තමයි මේ අසාමාන්‍ය උනන්දුව
රංචු ,පවුල් සහ කල්ලි හැදිල මෙතෙක් ආණ්ඩු වෙනුවට කල වරිග සභා වලට අවසන් ප්‍රහාරය එල්ල කර ජනතා පාලනයක් උදාවන බව ස්ථිරවම දන්නා නිසයි මේ උනන්දුව
අනේ සංසාරේ බස් නැවතුම්පොලක හැටි. අපි කොතනද ඉන්නේ. රට ආපස්සට ගිහින්. කුණු, පෝස්ටර්, බුලත් කෙල, දිරපු ටකරං මඩු. පොලොතින් වහලවල්. අප්‍රිකාවේ නොදියුණු රටවල් දැන් මිට වඩා හොදයි. ජාතියක් විදිහට ලැජ්ජාවක් නෑ. සතයක් යන්නේ නෑ. අඩුම ගානේ බුලත් කෙල ගහන එක නවත්වගන්න බැරි වුන රටක්. පෝස්ටර් අලවන එකාට විශාල දඩයක් ගහලා මේ බස් නැවතුම් පොලම සුද්ද කරගන්න බැරි රටක්. මේ අපිරිසිදු කඩ ටික පිළිවෙලට හදා ගත්තොත් විතරයි මෙතන වෙලදාම් කරන්න පුළුවන් කියන්න බැරි රටක්
පරදින බව දැනගෙන ප්‍රවාහන ඇමති මේ වෙලාවෙත් ජනතාවට ප්‍රවාහන පහසුකම් නොසපයා ඔවුන්ගේ ඡන්ද අයිතිය නැතිකරනවා. දැයට හිත නැති - රජුට හිත ඇති - රටට වැඩ නැති - ගමන් කටයුතු ඇමති