IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඡන්ද වියදම් පනත් විවාදය ගැන තවම තීරණයක් නෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විවිධ අදහස්  හේතුවෙන් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගන්නා දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගැනීමට හැකිවී නැතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අනිද්දා (18) බදාදා නැවත වරක් රැස්වීමට තීරණය කර ඇත.

පාර්ලිමේන්තුව හෙට (17)  සිට ලබන 20 වැනිදා සිකුරාදා දක්වා රැස්වීමටද  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2307/12 සහ  2308/26 යන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද රෙගුලාසි ද  විදේශ විනිමය පනත යටතේ අංක 2308/51 දරන ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගද  අද  (17) විවාදයට ගෙන අනුමත කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

එම විවාදය අද (17) පෙරවරු 10:30 සිට පස්වරු  5.00 දක්වා පැවැත්වෙනු ඇත.

ඉන් අනතුරුව පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ පනත් කෙටුම්පත් ලෙස,  මන්ත්‍රී  ඉමිටියාස් බාකීර් මාකර් මහතා විසින් ඉදිරිපත් කරන ලද පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත (අංක 126) සහ  මන්ත්‍රී  ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත (අංක 160) දෙවනවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිතය.

ඉන් අනතුරුව විපක්ෂය  ඉදිරිපත් කරන යෝජනාවක් අනුව සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වෙනු ඇත.

පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අනිද්දා (18 ) පැවැත්වීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

ව්‍යවස්ථාපිත ආයතන කිහිපයකට අදාළව පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශයක කාරක සභාවල අනුමතිය හිමිව ඇති වාර්ෂික වාර්තා සම්බන්ධ යෝජනා 22 ක්ද අනතුරුව අනුමැතිය  සදහා ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුරුව සභාව කල් කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා  එදින ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය වෙන් කෙරෙනු ඇත.

මේ අතර ශෝක යෝජනා විවාදයක් ලබන  20 වැනිදා සිකුරාදා පැවැත්වේ.

අභාවප්‍රාප්ත මන්ත්‍රීවරුන් වන  උපාලි මර්වින් සෙනරත් දසනායක, වෛද්‍ය නෙවිල් ආතර් ප්‍රනාන්දු,  ගුණරත්න වීරකෝන් සහ  රාජා කොල්ලුරේ යන මහත්වරුන් වෙනුවෙන් මෙහි දී ශෝකය පළ කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසීය



අදහස් (0)

ඡන්ද වියදම් පනත් විවාදය ගැන තවම තීරණයක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site