IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඡන්ද නීති කැඩුවොත් මැකෝ සැරයිලු

මැතිවරණ නීති උල්ලංඝනය කරන රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිපති මගින් මහාධිකරණයේ නඩු පැවරීමට 19 වැනි සංශෝධනය මගින් තමාට බලය පැවරී ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (30) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ අතර ආණ්ඩුව රාජ්‍ය දේපළ අවභාවිත කරමින් රාජ්‍ය ආයතනවලට සිය ගණන් රැකියා ලබාදෙන බවට ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයෝ අද මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක්ද කළහ.

පැමිණිල්ල කිරීමට ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, කුමාර වෙල්ගම, උදය ගම්මන්පිල, එම්.එම්.මුසම්මිල් යන මහත්වරු පැමිණ සිටියහ.

නාමයෝජනා බාර ගන්නා ජූලි 6 වැනිදා සිට පොලිස් නිලධාරීන්ගේ මාරුකිරීම් අවලංගු වන බවත් අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන පාසල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස භාවිත නොකරන බවත් මැතිවරණ කොමසාරිස්වරයා එහිදී පැවසීය.

DSC_0005 DSC_0030 DSC_0037 DSC_0054 DSC_0103



අදහස් (0)

ඡන්ද නීති කැඩුවොත් මැකෝ සැරයිලු

සුනිල් Wednesday, 01 July 2015 02:47 AM

අනේ මේ කට්ටියට අතීතේ අමතක උන ඉක්මන. හරියට බබාල වගේ. ජනතාව දැන් රවටන්න නම් ටිකක් අමරුවේවි. (නදී)

:       0       0

පරාක්‍රම -ඇඩිලේඩ් Wednesday, 01 July 2015 03:19 AM

මැතිවරණ රැස්වීම්වලදී හෝ ඒවාට අදාළ ජනතා එක් රැස්වීම්වලදී කිසියම් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට හෝ "ජාතික කොඩිය " ප්‍රදර්ශනය කිරීමට, සැරසිළි සඳහා යොදා ගැනීමට නීතියෙන් ඉඩ තිබෙනවාද යන්න කොමසාරිස්තුමා පැහැදිලිකර දුන්නා නම් එය අව භාවිතයෙන් නිදහස්ව අභිමානවත් වෙතැයි සිතමි. මේ ජාතික කොඩිය හෑල්ලු කිරීම නැවත්වීම සඳහා සංවාදයක් ඇති කරමුද? (නදී)

:       0       0

කමලාවතී Wednesday, 01 July 2015 03:49 AM

මේ අය පරදින බව 100% විශ්වාසයි (නදී)

:       0       0

සාමා Wednesday, 01 July 2015 03:54 AM

හොර මුහුණු දැක්කම බඩ දඟලනවා. අනේ රටට තියෙන ආදරේට දඟලන දැඟලිල්ලක්. අවුරුදු 10ක් තිස්සේ කරපු මගෝඩි වැඩ සේරම මාස පහෙන් අමතක වෙචිචි හැටි. මේ උන්නැහේලා නොදන්නවා උනාට මේ රටේ මිනිසුන්ට පසු ගිය කාලේ කරපු නීති විරෝධී දේවල් අමතක නැහැ. මිනිස්සු දේවි හොඳ පිළිතුරක් අගෝස්තු 18 මුන්දලට දුවන්නම. (නදී)

:       0       0

සඳුන් Wednesday, 01 July 2015 03:58 AM

මේ අය පැමිණිලි කරලා තියෙන්නේ ජනවාරි 8 ට කලින් කරපුවාට වෙන්න ඇති. (නදී)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 01 July 2015 04:16 AM

පහුගිය කාලේ පුළුවන් තරම් දුෂණ හොර මැර කම් කරපු පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත කුණු හරුප කියමින් අශිලාචාර ලෙස හැසිරුණ නාකි රස්තියාදු කාරයෝ ටිකයි මේ. අපි උගත්, අවංක වැදගත් තරුණයෝ ටිකක් මේ පාර පාර්ලිමේන්තු යවමු (නදී)

:       0       0

දුමින්ද Wednesday, 01 July 2015 04:17 AM

ජනවාරි 8දා වෙනස සඳහා කළ ඔප්පුනොකළ චෝදනා වගේ නම් වෙන්න එපා (නි)

:       0       0

අශෝක Tuesday, 30 June 2015 03:37 PM

කියන විදියටම කරනවා නම් ලොකු දෙයක්.(හේ)

:       0       0

අජිත් Wednesday, 01 July 2015 04:50 AM

අන්න අපේ මාමත් ඉන්නවා.(නදී)

:       0       0

ආනන්ද Tuesday, 30 June 2015 04:15 PM

අලි බබාගේ මෝඩ ගෝල බාලයෝ සෙට් එක. මේ සෙට් එක ලංකාවට කරපු විනාසෙන් ගොඩ එන්ඩ තව අවුරුදු 10 යක්වත් ඕනේ. ගියේ ඡන්දෙ කාලේ දීපු දන්සල් අමතක වෙලාද කොහෙද. (බ)

:       0       0

ආනන්ද Tuesday, 30 June 2015 04:16 PM

ඉස්සර මැකෝ දැක්කම දුවනවා, දැන් මැකෝ පස්සේ දුවනවා. (බ)

:       0       0

විද්‍යා Tuesday, 30 June 2015 05:01 PM

කෙලින් ඉන්න මැතිතුමා. (නදී)

:       0       0

ද සිල්වා බර්ලින් Tuesday, 30 June 2015 07:01 PM

හැමදාම පටන්ගන්නේ ඔහොම කියලා තමයි. නමුත් කෙරෙන හැටි අපි දන්නවනේ! (නි)

:       0       0

සමන් Tuesday, 30 June 2015 11:47 PM

මේ අය තමා අපේ රට විනාශ කළේ. සිංහලයන්ට කවදාවත් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 02 July 2015 06:02 AM

මේ හැමෝම බලයට එන්න පොරකන්නේ අපිට තියන ආදරේකට කියලා හිතන කට්ටිය දැන් රටේ අඩුයි.(ම)

:       0       0

සචිත් Wednesday, 01 July 2015 01:06 AM

පහුගිය ඡන්ද කාලේ නොදුන්නේ මොනවද? දැන් තමා ඒවා වැරදියි කියලා මතක්වෙලා තියෙන්නේ. (නි)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Wednesday, 01 July 2015 01:16 AM

මෙතුමාගේ අවංකකම නිසා තමයි ජනවාරි 8 සාධාරණයක් සිදුවුණේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site