IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඡන්ද කමිසුරුට නිරීක්ෂක පැසසුම්

ජනාධිපතිවරණය නිදහස්ව සහ සාධාරණව පවත්වා ගැනීමට බාධාකාරී වන 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ කොමසාරිස්වරයාගේ ස්වාධීනත්වය සීමා කොට තිබිය දී පවා මැතිවරණ කොමසාරිස්, අතිරේක කොමසාරිස්වරුන් සහ දිස්ත්‍රික් සහකාර කොමසාරිස්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙම ජනාධිපතිවරණය නිදහස්ව, සාධාරණව සහ සාමකාමීව පැවැත්වීමට ගත් උත්සාහයට පැසසුමට ලක් කරන බව නිදහස් සාධාරණ මැතිවරණ සඳහා ව්‍යාපාරය කියයි.



අදහස් (0)

ඡන්ද කමිසුරුට නිරීක්ෂක පැසසුම්

කේ. සිරි Thursday, 08 January 2015 05:02 PM

සුබ පැතුම් මැකෝ! (නි)මු.

:       0       0

මිලාන් Thursday, 08 January 2015 08:33 PM

ලංකාවට ඕනෑ මහින්ද මහතා වගේ ශක්තිවන්ත නායකයෙක් (නි)

:       0       0

ගමගේ Thursday, 08 January 2015 11:46 PM

ඔවුන් ඉටුකළේ ඔවුන්ගේ රාජකාරියයි (නි)

:       0       0

සුරංජිත් Friday, 09 January 2015 06:59 AM

මැතිවරණ කොමසාරිස් තුමනි.ඔබ තුමා අති විශිෂ්ඨයි.(හේ)

:       0       0

නිමල් Friday, 09 January 2015 04:13 AM

මැතිවරණ කොමසාරිස්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට අපගේ ගෞරවනීය ස්තුතිය පුදකරමු (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 09 January 2015 04:33 AM

මිලාන්, විවාදයක් නැහැ, අපි එකඟයි. නමුත් මෙකී නොකී එකී අපේ හදවත් කළකිරීමට පත්කළ සිද්ධි නැත්නම් රටේ යුද්ධය නිමාකරන්නට නායකත්වය දුන් එතුමාට අපි අදටත් ගරු කරනවා (නි)

:       0       0

ජනක Friday, 09 January 2015 04:41 AM

නිරතුරුව ප්‍රියමනාප සිනහවකින් මුව සරසාගෙන, ජනමාධ්‍ය ඉදිරියේ නිරවුල්ව, නිවෑරදිව, නොබියව අදහස් ප්‍රකාශ කරමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතීන් ආරක්ෂා කිරීමට ක්‍රියාකරන ඔබ ආදර්ශවත් රජයේ නිලධාරියෙක්. ඉදිරියේදීත් ජනතාව වෙනුවෙන් මේ රටට සේවය කිරීමට ඔබට ශක්තිය ලෑබේවා! (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 09 January 2015 04:42 AM

පිටකොන්දක් ඇතුව වැඩකළ අතළොස්සක් රාජ්‍ය නිලධාරීන් අතර ප්‍රමුඛත්වය ඔබටයි මැකෝ. අපි ඔබට ගරු කරන්නෙමු. මක්නිසාද යත් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට ඔබ ගත් උත්සාහය නිසාවෙනි . ඔබට තෙරුවන් ගුණ බලෙන් නිදුක් නිරෝගී සුවය ! (නි)

:       0       0

පද්මිණි Friday, 09 January 2015 04:59 AM

මැකෝතුමනි, ඔබ විශිෂ්ටයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site