IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඡන්ද ඇපය වැඩි කරයි

(අංජුල මහික වීරරත්න)

මැතිවරණ සඳහා වන ඇප මුදල් තැන්පත් ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජනාධිපතිවරණ,පාර්ලිමේන්තු මැතිවරණ සහ පළාත් සභා පනතේ විධිවිධාන පරිදි වත්මන් ආර්ථික පසුබිමට ගැල⁣පෙන පරිදි ඇප සංශෝධනය කළ යුතු බව හඳුනාගෙන ඇතැයි රජය පවසයි.

අදාල පනත් කෙටුම්පත සකස් කරන ලෙස පනත් කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපති සහ අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජනාධිපතිවරණයට පක්‍ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකු සඳහා ඇප මුදල ලක්ෂ 26 දක්වාත් ස්වාධීන ජනපතිවරණ අපේක්ෂකයකු සඳහා ඇප තැන්පතුව රුපියල් ලක්ෂ 31 දක්වා ඉහල නංවා ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් 11000 දක්වාත් ස්වාධීන අපේක්ෂකයෙකු සඳහා ඇප තැන්පතුව රුපියල් 16000 දක්වාත් ඉහල නවා තිබේ.

පළාත්  සභා ඡන්ද විමසීමට පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයකුට ඇප තැන්පතුව රුපියල් 6000 දක්වාත් ස්වාධීන අපේක්ෂක  ඇප තැන්පතුම රුපියල් 11000 දක්වාත් ඉහල නංවා ඇත.



අදහස් (6)

ඡන්ද ඇපය වැඩි කරයි

සුරංග Tuesday, 09 April 2024 01:47 PM

මහමැතිවරණය පළාත් සභා මැතිවරණය වෙනුවෙන් අවම වශයෙන් පක්ෂයක අපේක්ෂකයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂයක් වැනි මුදලක්ද ස්වාධීන අපේක්ෂකයෙක් වෙනුවෙන් ලක්ෂ දෙක හමාරක් වගේ මුදලක් නියම කරන්න ඕන .මොකද අපේක්ෂක ලැයිස්තු වැඩුවුනාම වියදම් බොහෝ වැඩිවෙනවා .අක්‍රමිකතා උපරිමයෙන් වෙනවා මැතිවරණ කටයුතු කරන නිළධාරි දැඩිසේ පීඩාවට පත්වෙනවා ප්‍රතිඵල නිකුත්කරන්න ප්‍රමාද වෙනවා .

:       0       32

Hafeel Tuesday, 09 April 2024 02:55 PM

මොන උප්පරවැට්ටි කරලා හරි, සීමා නිර්ණය කියමින් සහ මැතිවරණ සංශෝදන කියමින් චන්දය කල් දාන්න තමයි උත්සාහ කරන්නේ. මාලිමාවට හොඳටම බය වෙලා.

:       18       17

BalasuriyaTuesday, 09 April 2024 07:00 PM

මාලිමාවේ තියෙන්නේ FB වලින් කරන හිස් පිම්බීමක් සහ කීපදෙනෙක් එකතුවෙලා කොමෙන්ට්ස් දැමීමක් පමණක් බව තමයි දැනට නම් පෙනෙන්න තිබෙන්නේ...!

:       0       0

චින්තක Tuesday, 09 April 2024 07:08 PM

අනේ හෆීල් වාර්තාව කියන්නේ මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට ඇපයක් හැටියට තැන්පත් කරන මුදල වැඩිකරන්න ඕනෑ කියලා. ඉස්සර මිනිස්සු ඒ මිනිහාට ඇපත් නැහැ කිව්වේ අඩුම ඡන්ද ප්‍රමාණයක් ගත්තාම එම ඇප රාජසංතක වුණාම තමයි. 1977ට පෙර සෑම කෙනෙක් සඳහාම එකල පැවැති මුදලට සමානුපාතික ඇපයක් නියමිත වුණත් පස්සේ ඒක වෙනස් කළා. ඉන් පස්සේ ඇප මුදල ඉතාමත් අඩු නිසා අනවශ්‍ය හා සමාජ විරෝධී පිරිස් විවිධ ලාභ ප්‍රයෝජන සඳහා නාමයෝජනා දුන්නා (මැතිවරණය සඳහා ඉදිරිපත් වීම රටේ පිළිගත් පුද්ගලයෙක් වීමට හේතුවක් හැටියට සලකනවා) මේ තත්වය මැතිවරණ සදහා රජයේ වියදම් ඉහළට ගියා... ඒක නිසා යෝජනාව ඉතාමත් කාලෝචිත වැඩක් කියන්න පුළුවන්...

:       0       1

Chaminda Samaradiwakara Tuesday, 09 April 2024 03:19 PM

මහමැතිවරණය පළාත් සභා මැතිවරණය වෙනුවෙන් අවම වශයෙන් පක්ෂයක අපේක්ෂකයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක් වැනි මුදලක්ද ස්වාධීන අපේක්ෂකයෙක් වෙනුවෙන් ලක්ෂ 15 වගේ මුදලක් නියම කරන්න ඕනෑ .

:       0       0

පිටරටවැසියා Wednesday, 10 April 2024 02:02 AM

ඔය තියන ඇප ඔක්කොම ජනතා නිශේධ බලයෙන් කැන්සල් වෙන ක්‍රමයකුත් ඇතුලත් කරන්න. එතකොට තමයි යෝජනාව අංග සම්පුර්ණ වෙන්නෙ !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 388 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site