IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඡන්දය සාමාකාමී බව මැකෝ කියයි

අද දිනය තුළ ලැබුණු මැතිවරණ පැමිණි මධ්‍යස්ථානයට පැමිණිලි 226 ක් ලැබුණු බවත් එය වෙනත් මැතිවරණ වලදී පැයකට වාර්තාවන ප්‍රමාණයටත් වඩා අඩු පැමිණිලි සංඛ්‍යාවක් බවත්, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද මැතිවරණය අවසන්වීමෙන් පසුව පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පැවසීය.

මාධ්‍ය උපමාන වලට අනුව මාධ්‍ය ආයතන මැතිවරණ නීති සුරැකීමට දැක්වූ සහායට ස්තූතිවන්ත වන බවත් මාධ්‍ය උපමාන නීතිගත කිරීම මෙයට හේතුව බවත් ඔහු කීවේය.

අවසාන මොහොතේත් ඇතැම් මාධ්‍යවලට තදින් ලිපි යැවීමට සිදුවූ බවත් රාජ්‍ය මාධ්‍ය ආයතන දෙක තුනකට එරෙහිව විනයානුකූලව ක්‍රියා කිරීමට සිදුවූ බවත් මැතිවරණ කොමසාරිස්වරයා කීවේය. නමුත් ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති අනුව තදින් ක්‍රියාත්මක නොවන බවත් කෙසේවෙතත් එසේ යැවූ ලිපි ඉවත්කර නොගන්නා බවත් දේශප්‍රිය මහතා සඳහන් කළේය.

මැතිවරණයට අදාළ රාජකාරී අතරතුර කිසිවකුගේ සිත් රිදවීමක් සිදුවූවානම් එයට සමාවන දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

මැතිවරණයට ආසන්න පැය 48 තුළ ඡන්දය හා බැඳි කිසිදු ඝාතනයක් වාර්තා නොවීම සතුටුදායක බවත් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාද සිදු නොවන්නේනම් තම උත්සාහය සාර්ථක බවත් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

එමෙන්ම තම එකම ඉල්ලීම ප්‍රතිඵල නිහඬව අසා කිසිවකුට කරදරයක් නොවන අයුරින් සතුට භුක්ති විඳින ලෙසත් මාධ්‍ය හමුවේදී මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා සිටියේය.

අද දිනය තුළ ලැබුණු වැඩිම පැමිණිලි ප්‍රමාණය ලැබුණේ ඡන්දය පැවැති අවසන් පැය එක හමාර තුළ බවත් ඒවාද සුළු පැමිණිලි බවත් ඒ මහතා කීවේය.

ජාතික ලැයිස්තුව ගැසට් කර ඇති බවත් ඊට අමතරව අවශ්‍ය වුවහොත් පළාත් නාම ලේඛනයෙන් ලබාගන්නා බවත් මැතිවරණ කොමසාරිස්වරයා එහිදී කිසියම් පක්ෂයක ජාතික ලැයිස්තු වෙනස් කළ බවට ලැබුණු ආරංචිය සම්බන්ධයෙන් කළ විමසීමකදී පිළිතුරු දුන්නේය.

එමෙන්ම අන්තර්ජාලය භාවිතා කරන වැදගත් පිරිස අතර සිටි අතලොස්සක් තමා 2013 වසරේ පුත්තලමේ ඡන්ද පත්‍රිකා හසුවීමක් සම්බන්ධයෙන් එහි ගොස් කළ විමසීමකට අදාළ ඡායාරූප මෙවර මැතිවරණයේ ඒවා ලෙස ව්‍යාජ ලෙස ප්‍රචාරය කළ බවත් එවැනි සිදුවීම් කණගාටුවෙන් යුතුව හෙළා දකින බවත් දේශප්‍රිය මහතා පැවසීය.

 



අදහස් (0)

ඡන්දය සාමාකාමී බව මැකෝ කියයි

රුවන් Monday, 17 August 2015 12:44 PM

මැතිවරණ කොමසාරිස් තුමාට පොදු ජන උපහාරය!!! ඔබට දීර්ඝායු වේවා!!! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site