19 වැනි සංශෝධනය දෙවැනිවර කියවීමේ පනතට පක්ෂව ඡන්ද 215 ක්ද විපක්ෂව ඡන්දයක්ද ලැබිණි. එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. මන්ත්‍රීවරු 7 දෙනෙක් ඡන්ද විමසීමට පැමිණ නොසිටියේය.
ප්‍රේමලාල් ජයසේකර, සුසන්ත පුංචිනිළමේ, ජගත් බාලසූරිය, එල්ලාවල මේධානන්ද හිමි, ජානක බණ්ඩාර, කෙහෙළිය රඹුක්වැල්ල හා බැසිල් රාජපක්ෂ ඡන්දය දීමට පැමිණ සිටියේ නැත.
පනතේ කාරක සභා අවස්ථාව ඉන් පසුව ඇරඹිණි. දිනේෂ් ගුණවර්ධන මහතා රීති ප්‍රශ්නයක් මතු කරමින් සියලු සංශෝධන ලැබී නැතැයි කීවේය. කථානායක චමල් රාජපක්ෂ මහතා පැවසූයේ එම සංශෝධන සියල්ලම දුන් බව රජය කියන බවයි.
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පනතට පක්ෂ වෙමින් පැවසූයේ සංශෝධන පිළිගත් නිසා පක්ෂ බවයි. සෙසු සියලු මන්ත්‍රීන් පක්ෂයි යනුවෙන් සිංහලෙන්, දෙමළෙන් හා ඉංග්‍රීසියෙන් කීහ.
දෙවැනි වර ඡන්ද විමසීම පස්වරු 7.25 ට අවසන්වීමෙන් පසු තෙවැනි වර කියවීමේ කාරක සභා අවස්ථාව එළැඹිණි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඡන්දය දුන්නේ මෙහෙමයි
නිමල් ලාලිත Tuesday, 28 April 2015 02:23 PM
මේ රටේ දැනට සිටින සියලුම දේශපාලකයන් සුපිරිසිදුම ඝණයේ අය නොවන බැවින් සියලුම බලතල පාර්ලිමේන්තුවට හෝ අගමැතිතුමා යටතට පත්නොවේවා යනු මගේ පැතුමයි (නි)
ඈන් Tuesday, 28 April 2015 03:12 PM
ඇති යන්තම්. රට කාපු පිලිලය පාලනය කළා (බ)
විජයබාහු Wednesday, 29 April 2015 07:16 AM
පුවතේ හැටියට පනත සම්පුර්ණ නොකරම නිකන්ම ගෙනත් වගේ... දැන් පාර්ලිමේන්තුව විසුරවනවද දන්නේ නෑ.(හේ)
මහානාම - කඳාන Tuesday, 28 April 2015 05:12 PM
දැන් 19 ත් සම්මත වූ නිසා විරුද්ධවාදීන්ව දඩයම් කර කර ඉන්නේ නැතුව නැවතුන රට ඉදිරියට ගෙනයන්න. (නි)
සුමුදු හේවා Wednesday, 29 April 2015 09:20 AM
නන්දලාල්, එක්කෙනෙක් කිරි කළයට ගොම බින්දුවක් දැම්මාය කියලා ඔබ සිතුවත් එය ගොම කළයට කිරි බින්දුවක් දැමීමක් බව ඉදිරියේදී කාටත් වැටහෙනු ඇත. 19 හි අරමුණ කිසිදා ඡන්දයකින් විධායක බලතල සහිත ජනාධිපති කෙනෙක් විය නොහැකි රනිල්ට විධායක බලතල හිමි කර දීමත්, 1933 දී සිදු කළාක් මෙන් රටේ බහුතරය වන සිංහලයන්ට හිමි තැන අහිමි කිරීම මගින් බෙදුම්වාදයට උඩගෙඩි දී රට අස්ථාවර කිරීමත් මිස පාර්ලිමේන්තුවට බලතල ලබා දීමක් නොවෙයි. පාර්ලිමේන්තුවට බලතල ලබා දීමේ අවංක වුවමනාවක් වී නම් අගමැති පත් කිරීමේ බලය ජනාධිපති වෙතින් ඉවත් කොට පාර්ලිමේන්තුවට පවරා දෙන්නට තිබිණි. (බ)
සුනිල් Tuesday, 28 April 2015 07:58 PM
දැන් තේරෙනවා නේද පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ හැටි? මෙච්චර වෙලා කෑගහලා හැමෝම ඡන්දෙ දීලා. (නි)
වින්සන්ට් Tuesday, 28 April 2015 08:17 PM
මොන වාද භේද තිබුණත් රටෙත් ජනතාවගෙත් අවශ්‍යතාවයක් ඉටුකිරීම සඳහා සියලුම ජනතා නියෝජිතයන් ගත් ආදර්ශය ජනතාවගේ පැසසුමට ලක්වෙනවා ඇත. මේ තත්ත්වය විශේෂයෙන් මෑතකාලීන දේශපාලකයන් අවබෝධකර ගන්නේ නම් ශ්‍රී ලංකාව වාසනාවන්ත රටක් වෙන අතර එය යුගයේ අවශ්‍යතාවයක්ද වෙනවා ඇත. (නි)
නන්දන Tuesday, 28 April 2015 08:20 PM
අපි කිව්වා ඔහොම වෙයි කියලා. (නි)
ප්‍රභාත් සේනාරත්න (පැසිෆික් දුපත් සිට) Wednesday, 29 April 2015 12:34 AM
අර ආවෙ නැති 7 දෙනාට ලබන මැතිවරණයේදී වෙන දේ අපිට බලාගන්න පුළුවන්!!! (නි)
කෙවින් Wednesday, 29 April 2015 12:53 AM
ආවෙ නැති 7 දෙනාට දානෙ ගෙයක්, මරණ ගෙයක් වගේ පොදු කටයුත්තක්වත් තිබුනද දන්නෙ නැහැනේ. ඒවා කොච්චර වැදගත් දේවල්ද ප්‍රභාත්? (නි)
නන්දලාල් Wednesday, 29 April 2015 12:59 AM
එක් කෙනෙක් කිරි කළයට ගොම ටිකක් දැම්මා වගේ වැඩක් කළේ නැත්නම් මෙම ඡන්ද විමසීමත් ඉතිහාසගත වෙන ඡන්දයක් වෙන්න තිබුණා.අනිත් මන්ත්‍රීවරු හත්දෙනාට ඡන්දය ගැන පොඩි අමතකවීමක් වෙලා වෙන්න ඇති ආවේ නැත්තේ. (නි)
ලලිත් Wednesday, 29 April 2015 01:00 AM
ආවෙ නැති 7 දෙනා සාදයකටවත් ගියාද දන්නෙ නැහැ නේද? (නි)
දිල්හානි Wednesday, 29 April 2015 01:15 AM
ආවෙ නැති 7 දෙනාම එකම දවසෙ අසනීප වෙන්න ඇති (නි)
ප්‍රියංකර Wednesday, 29 April 2015 01:31 AM
කොහේද මේ 7 දෙනා පාර්ලිමේන්තු එන්නෙ නැතුව ගියේ? (නි)
කැනඩා දිසා Wednesday, 29 April 2015 01:39 AM
ආවේ නැති 7 දෙනා ගැන මොකක්ද ගන්න තීරණය? (නි)
දිමුතු Wednesday, 29 April 2015 04:46 AM
කවුරු කවුරුත් ඡන්දය දිලා පව් සෝදාගත්තා. පිට ඉදන් කවුරුත් කියන පදේට කෑගැහුව අය විතරයි අන්තිමට පරාද වුනේ. (බ)
ලසන්ති Wednesday, 29 April 2015 04:47 AM
පොඩි හරි මොලයක් තියෙන හැමෝම ඡන්දය පක්ෂව දුන්නා.(බ)