(යොහාන් භාසුර)
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ලකුණු කිරීම පමණක් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අද (4) පැවසීය.
හිස් කොටුවේ තනි කතිරකින් පමණක් ඡන්දය ප්‍රකාශ කළ යුතු බවත් ඡන්ද පත්‍රිකාවේ යමක් ලිවීම, ඇදීම, නමක් ලිවීම, කුරුටුගෑම හෝ වෙනත් කිසිඳු ආකාරයේ සටහන් දැමීම ඡන්දය ප්‍රතික්ෂේප වන බවත් ඒ මහතා කීය.
මෙවර මැතිවරණයේදී එක් එක් පළාත් පාලන ආයතනය වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ඇති බව කී ඒ මහතා මැතිවරණ රාජකාරිය අත්‍යවශ්‍ය රාජකාරියක් වීම නිසා නියමිත නිලධාරීන්ට, නියමිත ස්ථානයට වාර්තා කිරීම අත්‍යවශ්‍ය බව ද සඳහන් කළේය.
මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු යම් ඡන්දදායකයෙක් සිටී නම් ඡන්දය දින දක්වා තමන්ට ලියුම් බෙදන තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බවත් නිල ඡන්ද පත්‍රිකාව මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියෙන් බාගතකළ හැකි අතර ඡන්ද පත්‍රිකාව නොමැතිව වුවද ඡන්ද මාධ්‍යස්ථානයට ගොස් අවලංගු අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කර ඡන්දය පාවිච්චි කළ හැකි බවත් සභාපතිවරයා කීය.
ඊජිප්තු අරාබි ජනරජයේ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ධුර අපේක්ෂක ආචාර්ය කලීඩ් එල් එනානි මහතා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවේ දී හම
මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේ
ජාතික ජන බලවේගයේ කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවයෙන් හිස් වූ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත් කෙරුණු සමන්ත රණසිංහ මහතා කථානායක වෛද්‍ය
පාප් ධුරයට සුදුස්සකු තෝරා ගැනීමේ රහස් ඡන්ද විමසීම වතිකානයේ සිස්ටවින් දෙව්මැදුරේ දී පැවැත්වෙන නමුත්, එම ඡන්ද විමසුමට සහභාගී වන කාදිනල්වරුන් කිසිවකුට
තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ රන්න වාඩිගල ප්‍රදේශයේදී මාර්ගය ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන
මුලතිව්, පුදුකුඩියිරිප්පු කාලියඩි , වෙල් යායක වැඩ කරමින් සිටි ගොවියෙකු අකුණු සැර වැදී මරණයට පත්ව ඇති බව පුදුකුඩියිරිප්පු පොලිසිය සදහන් කරයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඡන්දය දෙන්න කතිරයක් පමණයි
Nandalal de Silva - France Sunday, 04 May 2025 10:06 PM
" ... චන්ද මධ්‍යස්ථානයට ගොස්... 'අවලංගු'' අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කර ... චන්දය දාන්න පුළුවන්ද?
V G Abeywickrama Sunday, 04 May 2025 10:40 PM
අවලංගු අන්‍යතා පත්‍රයක් යන්න වැරැදියි එය වලංගු බවට නිවැරැදි කරන්න අවලංගු අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කර ඡන්දය පාවිච්චි කළ හැකි බවත් සභාපතිවරයා කීය...
Bandula Monday, 05 May 2025 10:26 AM
අවලංගු නොව වලංගු විය යුතුයි.
Chandrasiri Monday, 05 May 2025 01:04 PM
බන්දුල සභාපතිතැන කියලා තියෙන්නේ නම් අවලංගු අනන්‍යතා පත්‍රයක් කියලා තමයි...