IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඡන්දය ගන්න මත්පැන් බෙදලා

ඡන්දදායකයින්ට මත්ද්‍රව්‍ය සහ මත් පැන් බෙදාහරිමින් ඡන්දය ලබා ගැනීමට උත්සහ දැරීම පිළිබඳව පුත්තලම, බදුල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවලින් පැමිණිලි ලැබී ඇතැයි කැෆේ සංවිධානය පවසයි. 

කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කළේ  මෙම ක්‍රියාවලිය මැතිවරණ නීතිය උල්ලංගණය කිරීමක් පමණක් නොව සුරාබදු ආඥා පනතේ ප්‍රතිපාදන උල්ලංඝණය කිරීමක් වන බවයි.

ආධාරකරුවන් සහ ඡන්දදායකයින් අතර මත්පැන් බෙදාදීම  එක් අතකින් සමාජ විරෝධි ක්‍රියාවක් බව ද,එමගින් මැතිවරණ ප්‍රචණ්ඩත්වය ඉහළයාමට සෘජු හා වක්‍ර බලපෑම් එල්ලවන බවද තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි. 

කැෆේ සංවිධානය මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට සහ මැතිවරණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කොට ඇත.

මේ  අතර මහමැතිවරණය ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ සිට කැෆේ සංවිධානය වෙත  මේ වන විට වාර්තා වී ඇති සිදුවීම් සංඛ්‍යාව 244 ක් වන අතර එයින් 224ක්ම මැතිවරණ නීති රීති උල්ලංඝණය කිරීම් වෙයි. තවත්20ක් ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානයේ මාධ්‍ය ඒකකය පවසයි.

 



අදහස් (0)

ඡන්දය ගන්න මත්පැන් බෙදලා

කසුන් Thursday, 16 July 2015 10:32 AM

සිංහලයෝ කොහොමටත් රටට (ජාතික ආරක්ෂාවට) වඩා බඩට (බඩු/ගෑස් මිල) ආදරෙයි. (ම)

:       0       0

දුමින්ද Thursday, 16 July 2015 07:44 AM

එදා බෙදුවේ සිල් රෙදි අද මත් වතුර (නදී)

:       0       0

අජිත් Thursday, 16 July 2015 05:21 AM

මතට තිත සංකල්පය නැවතත් කරලියට ....? (ස)

:       0       0

අතුල බණ්ඩාර Thursday, 16 July 2015 05:37 AM

මහනුවර පැත්තේ තව පටන් අරන් නැහැ වගේ (නදී)

:       0       0

පතිරණ Thursday, 16 July 2015 06:05 AM

සියලුම ඡන්ද දායකයන්ගෙන් කරන කාරුණිකව ඉල්ලීමකි.! මෙවර ඡන්දයේදී පාරිභෝගික භාණ්ඩ බෙදා දෙන හෝ මුදල් මත්පැන් හා වෙනත් අල්ලස්දී ඡන්දය ලබාගැනීමට සැරසෙන්නන්ගෙන් ජනතාවගේ ඉතා වටිනා ඡන්දය අවතක්සේරු කරන්නන්සේ සළකා ඔවුනට ජන්දය දීමෙන් වළකින්න. (ම)

:       0       0

ඉසුරන්දි Thursday, 16 July 2015 06:22 AM

චන්ද දායකයෝ ඔක්කෝටොම හපන්. බත් පැකට් එකටයි කසිප්පු බෝතලෙටයි රැවටෙන මිනිස්සු අද බොහොමයක් ඉන්නේ දැනුවත් හෝ නොදැනුවත් කම නිසා.(නදී)

:       0       0

රොෂාන්ත සිල්වා Thursday, 16 July 2015 06:31 AM

මොකක්ද පක්ෂය කියලත් කියන්නකෝ. හොර නඩය ආයෙත් වැඩ පටන් අරගෙන වගේ (නදී)

:       0       0

රාවණා Thursday, 16 July 2015 10:09 AM

හොරුන්ට, තක්කඩියන්ට නාම යෝජනා දුන්න මහ පක්ෂ දෙකටම ඡන්දය නොදී ජවිපෙට ඡන්දය දෙන්න. අඩු තරමේ ඒ අය අපි ගැන කතාවත් කරනවා, බුද්දිමත් පසුබිමක් තියෙනවා, රටට අවංකව සේවය කරයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site