IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘ඡන්දය ඉවර වන තුරු අරලිය මැදුර පිරික්සන්න‘

අග්‍රමාත්‍ය කාර්යාලයය සහ අරලියගහ මන්දිරයේ පක්ෂ දේශපාලන කටයුතු සිදු වන්නේදැයි සොයා බැලීම සඳහා මැතිවරණ නිලධාරීන් යොදවන ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලා සිටියේය.

ඒ ගැන සොයා බැලීම සඳහා මහ මැතිවරණය අවසන්වන තුරු එම ස්ථානවල මැතිවරණ නිලධාරීන් නතර කර තබන්නේ නම් ඊට ද අවසර දිය හැකි බව අගමැතිවරයා මැතිවරණ කොමසාරිස්වරයාට පවසා තිබේ.

අග්‍රමාත්‍ය කාර්යාලයයේ සහ අරලියගහ මන්දිරයේ දේශපාලන කටයුතු සිදුවෙතියි ඇතැමුන් නඟන චෝදනාට පිළිතුරු වශයෙන් අග්‍රමාත්‍යවරයා ඉහත ඉල්ලීම කළේය.



අදහස් (0)

‘ඡන්දය ඉවර වන තුරු අරලිය මැදුර පිරික්සන්න‘

දුමින්ද Tuesday, 21 July 2015 02:23 AM

මහා බැංකු අදිපති ගැනත් ඔය තීරණයම ගන්න (නදී)

:       0       0

ලංකාන්ත Tuesday, 21 July 2015 02:25 AM

ප්‍රතිචාර බැලුවම එකම එක මෝඩයෙක් ඉන්නව කියල පෙනෙනවා (නදී)

:       0       0

ජනක Tuesday, 21 July 2015 02:32 AM

මාලිට දන්සල් නැතුව පාලුයි වගේ(නදී)

:       0       0

නලින් Tuesday, 21 July 2015 02:41 AM

මාලිත් මෙතනට දන්සල මුවාවෙන් රිංගන්න ගිහින් බැරි වුන කෙනෙක් වගේ (නදී)

:       0       0

සේනක Tuesday, 21 July 2015 02:42 AM

ආසියාවේ මිනි පහන ලෙස විරුදාවලිය ලත් රනිල් මහිතුනි ඔබට සුබ පැතුම්. ජය වේවා ! (නදී)

:       0       0

විමුක්ති Monday, 20 July 2015 01:44 PM

මෙන්න නියම මහත්වරු (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 21 July 2015 02:58 AM

මීගමුවේ මහා දවල් රත්තරන් බඩු කඩ මංකොල්ල කාල හිරේ ගිය අයත් අන්න ගම්පහ ලැයිස්තුවේ සුපිරිසිදු ලයිස්තුවේ ඉන්නවා. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 21 July 2015 03:00 AM

ඉස්සර දන්සල් දුන්නේ හරියට අම්මගේ ආප්පගේ බුදලයෙන් එන සල්ලි වලින් වගේ. කුඹුරෙන් වගා කරලා එන අස්වැන්න විකුණලා එන සල්ලි වලින් වගේ.(නදී)

:       0       0

රුවන් Tuesday, 21 July 2015 03:08 AM

මහ බැංකු මංකොල්ලය දැන් අපේ ජනතාවට මතක නැහැ. (නි)

:       0       0

සංජු Tuesday, 21 July 2015 03:11 AM

චමින්ද 88 89 කාලයේදී 60,000 පමණ ජීවිත ගලවාගෙන ගිය බව ඔබට මතක් වී තිබීම ලොකු දෙයක්.(ම)

:       0       0

අනිල් Tuesday, 21 July 2015 03:20 AM

මෙවැනි ඉතා හොඳ ආදර්ශමත් ක්‍රියා පක්ෂ බේදයකින් තොරව ඇගයිමට පුරුදු විය යුතුයි (ම)

:       0       0

අයිරාංගනී Monday, 20 July 2015 02:03 PM

බොහොම හොඳ ආදර්ශයක් (නි)

:       0       0

නිමල් Monday, 20 July 2015 02:07 PM

මහින්දගේ කාලේ නම් දන්සල් එහෙමත් තිබුණනේ! (නි)

:       0       0

රොහාන් Monday, 20 July 2015 02:07 PM

ජයවේවා රනිල්, ජයවේවා! (නි)

:       0       0

නෙලූ Monday, 20 July 2015 02:08 PM

දැන්වත් මිනිසුනේ ඇත්ත තේරුම්ගන්න (නි)

:       0       0

අනුර Tuesday, 21 July 2015 03:35 AM

වැදගත් මහත්තොයෝ, අපිට මහා දවල් මහ බැංකු මොකොල්ලය ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවද? (ම)

:       0       0

විමුක්ති Monday, 20 July 2015 02:13 PM

ඉතාම හොඳයි (නි)

:       0       0

නසාර් Monday, 20 July 2015 02:15 PM

ඔබට ජයශ්‍රී! (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Monday, 20 July 2015 02:14 PM

ඔන්න බලන්න මැතිවරණ කරන ලස්සන! (නි)

:       0       0

තිලක නවරත්න Monday, 20 July 2015 02:18 PM

අපේ අගමැතිතුමන්ගේ විනිවිදබාවය ගැන මේ අපුරු නිදසුනක්. (නි)

:       0       0

කපුගේ Tuesday, 21 July 2015 03:51 AM

ඉස්සර ජන්ද මධ්‍යස්ථානයක් (ම)

:       0       0

රන්දික Monday, 20 July 2015 02:21 PM

රනිල්, ඔබේ ජය සිකුරුයි. ජයවේවා! (නි)

:       0       0

චන්න Monday, 20 July 2015 02:23 PM

ඉතා හොඳ ආදර්ශයක්. (නි)

:       0       0

බණ්ඩාර Monday, 20 July 2015 02:28 PM

මහින්ද හා රනිල්ගේ කටයුතු අහසයි පොළවයි වගේ (නි)

:       0       0

ඉමාක් Monday, 20 July 2015 02:37 PM

අරලිය ගහ මන්දිරයේ මොනවා බලන්නද මහත්තයෝ? අපේ රටේ මෝඩයෝ ඉන්නවා කියලා නම් හිතන්න එපා (නි)

:       0       0

කේ. පෙරේරා Monday, 20 July 2015 02:44 PM

මේ වගේ පිරිසිදු නායකකෙක් තමා ලංකාවට අවශ්‍ය. (නි)

:       0       0

සරත් Tuesday, 21 July 2015 08:45 AM

ඕවා බොරු චුන් රැවටෙන්න එපා. (ර)

:       0       0

නාරද Monday, 20 July 2015 03:01 PM

අයියෝ! හොඳ දන්සලක් වඳින්න තිබුණ අවස්ථාවත් අපිට නැතිවුණා (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 21 July 2015 04:14 AM

දැන් ජන්ද මධ්‍යස්ථාන/චන්ද ප්‍රචාරක මධ්‍යස්ථාන බවත පත් කරගෙන තියෙන්නේ අපේ පන්සල් ටික.(ම)

:       0       0

ප්‍රියන්ත Monday, 20 July 2015 03:10 PM

මහත්මා දේශපාලනය ක්‍රියාවෙන්ම ඔප්පුකළ නියම මහත්මා දේශපාලකයෙක් (නි)

:       0       0

ලක්මල් කුලතංග Tuesday, 21 July 2015 04:52 AM

රනිල් මැතිදුණි, ඉදිරි වසර 6 ටත් ඔබයි අපේ අගමැති (2015 - 2021) ජය නියතයි ඔබට (නදී)

:       0       0

මනෝ Tuesday, 21 July 2015 04:54 AM

අරලිය ගහ මැදුරේ, කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ, ස්ත්‍රී දුෂකයෝ පාවිච්චි කෙරුවේ මහින්දගේ කාලේ. අමතක කරන්න එපා (නදී)

:       0       0

ජගත් Monday, 20 July 2015 03:57 PM

ජයවේවා ......!! (නි)

:       0       0

දයාන් Monday, 20 July 2015 04:00 PM

ජයවේවා ..! ජය...ජය..ජය..ජය...ජයවේවා.........!!! (නි)

:       0       0

රොජර් Monday, 20 July 2015 04:03 PM

රනිල්ට ජය! රටට‍ සතුට! මහජනතාවට ජයවේවා! (නි)

:       0       0

සුනිල් Tuesday, 21 July 2015 05:11 AM

අරලිය ගහ මන්දීරේ දන්සල් නැති ඡන්දේ මේ පාර. නියමනේ (ම)

:       0       0

දීපාල් නිරෝෂ් Monday, 20 July 2015 04:12 PM

සැබෑම සැබෑ මහත්මා ආදර්ශයක්. සැවොම පාඩමකට ගනිත්වා! (නි)

:       0       0

රණසිංහ Monday, 20 July 2015 04:15 PM

රනිල් කියන්නේ හැම දේශපාලඥයෙකුටම ආදර්ශමත් නායකයෙක්. අපි හිතනවා එතුමා සොරුන් රකින්නේ නැහැ කියලා. මහින්ද රාජපක්ෂ කියන හොඳ නායකයා නැතිවුණේ ප්‍රාදේශීය සබා මන්ත්‍රීගේ ඉඳලා ඉහළට මහජන දේපල ඉහගෙන කන්න දුන්න නිසයි. ඒ වැරැද්ද මෙතුමාත් කළොත් නම් තරුණයෝ ආයෙත් පෙරට එක නවත්වන්න බැහැ. හැමදාමත් අවස්ථාවාදී දේශපාලුවන්ගේ සපත්තුවට යටවෙලා ඉන්න සුදානම් නැහැ, තරුණයෝ. එසේ නොවේවා! (නි)

:       0       0

ජෙරාඩ් Monday, 20 July 2015 05:18 PM

ඔබ නියම මහත්මයෙක් (නි)

:       0       0

ඉමල්ක Tuesday, 21 July 2015 06:35 AM

අරලියග මැදුරේ දන්සල් නැහැ මහා බැංකුවේ නම් දන්සලක් තිබුණා. දන්නෝ දනිති.(ම)

:       0       0

චමින්ද Monday, 20 July 2015 10:04 PM

ජනතාවනි, ප්‍රවේශම් වන්න. එජාපය අද ඔබ සියලු දෙනාගේ එකම ගැළවුම්කාරයාය. (නි)

:       0       0

ජගත් Tuesday, 21 July 2015 06:38 AM

රනිල් මැතිඳුනි , පිරිසිදු නායකයාණෙනි, ඔබේ පරපුර දේපළ වස්තුව දන්දුන් අය මිස දේශපාලනයෙන් හම්බකරගත් අයවලුන් නොවේ. ඉතින් මේ මහා බැංකු කතාවට පොඩි හරි පැල්ලමක් ගාගන්නේ මොකටද? අද විරුද්ධ පාර්ශවයට කීමට දෙයක් නැති නිසා මේ චෝදනාව දිගින් දිගටම කරනවා. ඔවුන්ට වෙන කියන්න දෙයක් නැහැ. ආර්ථික විද්‍යාව දන්නා අය දන්නවා මෙතන හොරකමක් සිදුවෙලා නැහැ කියලා. ඒ නිසා සුදුසුම දේ කරන්න. අර්ජුන් මහේන්ද්‍රන් ආර්ථිකය හැසිරවීමට සැබෑ දක්ෂයෙක්. ඔහුගේ සේවය රටට අවශ්‍යයි. (නි)

:       0       0

දහම් Tuesday, 21 July 2015 12:25 AM

බොහොම හොඳයි (නි)

:       0       0

නඩරාජා Tuesday, 21 July 2015 12:56 AM

එදා නම් දන්සැලුත් තිබුනනේ! (නි)

:       0       0

ගාමිණී Tuesday, 21 July 2015 02:02 AM

ඉමක්, ඔබ පසුගිය කාලයේ අරලිය ගහ මන්දිරයට කෝටි ගණන් වියදම් කරලා මහින්ද මහතා කරපු විගඩම් බලන්න වත් යන්න අදහසක් නැතිද ? (නදී)

:       0       0

සංජී Tuesday, 21 July 2015 07:08 AM

ජගත්,ආර්ථික විද්‍යාව දන්න අය තමයි මේ මහා වංචාවේ තරම දන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ට තවම තේරෙන්නෙ නෑ. ඒකයි හිමිජ්ජා වගේ ඉන්නේ. මහ බැංකුව ප්‍රාථමික ගැනුම් කරුවන් සදහා නිකුත් කිරන ප්‍රමාණය බවට මුලින් පවසා සිටි රු බිලියන එක සීමාවෙ සිට ණය ගත්තේ නම් 10% පොලියට ණය ගැණීමට හැකීයාව තිබු අතර එසේ වුවා නම් අධිපතිගේ බෑනාට බැදුම්කර ගත නොහැකි වනු ඇත. එහෙත් හදිසියේ ණය සීමාව බිලියන 10 දක්වා ඉහල දැමිම හේතුවෙන් පොලිය 12% දක්වා ඉහල ගිය අතර බෑනාට බිලියන 5 ක් වටිනා බැදුම්කර ඉතා අධික පොලියකටද ගැනීමට හැකිවිය.(නදී)

:       0       0

ගිහාන් Tuesday, 21 July 2015 02:08 AM

මේ පරික්ෂා කරන වැඩේ භාර දෙන්න අර අරලියගහ මැදුරේ ගේට්ටු කඩන් ඇතුළු වෙනවා කියපු කලා කාරයාට. එයාගේ මව්පියන් වෙන්න ඇති මුළු රටේම රාජ්‍ය දේපල නඩත්තු කරන්නේ. (නදී)

:       0       0

මාලි Tuesday, 21 July 2015 02:16 AM

මේකේ ප්‍රතිචාර බැලුවම පේනවා, කොච්චර මෝඩ අය රටේ ඉන්නවද කියලා. රනිල් එ්ක දන්නවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site