IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘ඡන්දය/මනාපය නුදුන්නොත් එපා අය ඒවි‘

සඳුදා මහ මැතිවරණයේ දී අනිවාර්යයෙන්ම ඡන්දය භාවිත කරන්නැයි කැෆේ සහ පැෆරල් සංවිධානය ඡන්ද අපේක්ෂකයන්ගෙන් ඉල්ලයි.

ඡන්දය භාවිත නොකළහොත් අකැමැති දේශපාලන පක්ෂ තේරී පත්වනු ඇතැයි ද, මනාප ලබා නොදුනහොත් අකැමැති අපේක්ෂකයන් තේරී පත්වනු ඇතැයි ද එම සංවිධාන පෙන්වාදෙයි.

 එනිසා උදෑසනම ඡන්ද පොළට ගොස් කැමැති දේශපාලන පක්ෂයට ඡන්දය ලබාදෙන ලෙසත්, අපේක්ෂකයන්ට මනාප ලබාදෙන ලෙසත් මැතිවරණ නීරික්ෂණ සංවිධාන අවධාරණය කරයි.
කුමන පක්ෂයකට ඡන්දය ලබාදුන්නද හොඳම 225 තෝරන්නැයි ද එම සංවිධානවල නියෝජිතයෝ කියති.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව  නොතිබුණද අනන්‍යතාවය තහවුරු කළ හැකි නම් ඡන්දය භාවිත කළ හැකි බවත්, ඒ සඳහා 2014 ඡන්ද හිමි ලේඛනයට අනුව නම තිබිය යුතු බවත්, යමෙකු 2015 ජනපතිවරණයේ දී ඡන්දය භාවිත කළේ නම් එම ඡන්ද දායකයන්ට ද අනන්‍යතාව තහවුරු කිරීම මඟින් මහ මැතිවරණයේදී ද ඡන්දය භාවිත කළ හැකි බවත් එම සංවිධාන පෙන්වාදෙයි.

අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත‍්‍රය, විදේශ ගමන් බලපත‍්‍රය, පූජ්‍ය පූජක හැඳුනුම්පත, වැඩිහිටි හැඳුනුම්පත, විශ‍්‍රාමික හැඳුනුම්පත හා මැතිවරණ දෙපාර්තමේන්තුව ලබාදුන් තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකිය.



අදහස් (0)

‘ඡන්දය/මනාපය නුදුන්නොත් එපා අය ඒවි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site