IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘ඡන්දෙට එන්නේ මහින්ද පෙරටුකරගත් සන්ධානයකින්‘

එළඹෙන මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා පෙරටු කර ගත් සන්ධානයකින් තරඟ වැදීමට තම කණ්ඩායම සූදානම් යැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ඉදිරියේ දී කුමකින් කුමක් වුවත් මහ මැතිවරණයේ දී තම බලවේගය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව තරඟ කරන බව ද ඔහු කීවේය.

ඔහු මේ බව කීවේ නාරාහේන්පිට අභයාරාමයේ පැවැති රැස්වීමක දී ය.

හිටපු ඇමැති විමල් වීරවංශ, මහාචාර්ය ජී ඇල් පීරිස් ඇතුළු පිරිසක් ද මාධ්‍ය හමුවට සහභාගී වූහ.



අදහස් (0)

‘ඡන්දෙට එන්නේ මහින්ද පෙරටුකරගත් සන්ධානයකින්‘

රාධා Wednesday, 24 June 2015 12:47 AM

මහත්තයෝ, ඡන්දෙකට ආසාවකට ඉල්ලලා බලන්නකෝ ඔබේ තියෙන ජනප්‍රියතාව. මෙතෙක් කල් ආවේ ලැයිස්තුවෙන්නේ. (නි)

:       0       0

දිලිප් Monday, 22 June 2015 08:46 AM

නැත්නම් ඉතින් එළියේ තමා. (ර)

:       0       0

ලාල් Monday, 22 June 2015 08:47 AM

වෙන මොනවා කරන්නද ? තනියම ඡන්දය ඉල්ලුවොත් වාසුගේ ඡන්ද දායකයෝ ඔක්කොම ත්‍රී වීල් දෙක තුනක ගෙනියන්න පුළුවන් ප්‍රමාණයක් තමයි ඉන්නේ කියන එක මුළු රටම දන්නවනේ.. (ර)

:       0       0

ජගත් වෙත්තසිංහ Monday, 22 June 2015 08:48 AM

බර කිරාගන්නයි යන්නේ... (ර)

:       0       0

චමින්ද කුමාර Monday, 22 June 2015 08:50 AM

ඔව් ඉතින් තනියම ඇවිත් ගෙදර යනවට වැඩිය මේ කණ්ඩායමට පොඩ්ඩක් හරි බලාපොරෝතුවක් තියාගන්ඩ පුළුවන් එහෙමනේ. (ර)

:       0       0

පියලාල් Monday, 22 June 2015 09:02 AM

එන්න ඒක තමයි ජය මාවත. (ස)

:       0       0

දර්ශන Monday, 22 June 2015 09:07 AM

වාසුටනම් මෙදාපාර අබ සරණයි. (ස)

:       0       0

සුමිත් Monday, 22 June 2015 09:08 AM

වාසු තනියම ඇවිල්ල කවදද දිනුවේ, මෙදා පාර නම් පුතෝ ඇපත් රාජ සන්තක වේවි. (ස)

:       0       0

උපාලි Monday, 22 June 2015 09:09 AM

එන්න එන්න දෙවෙනි වටයේදීත් අපි ඔයාලට කියල දෙන්නම්. ඔයාලා සේරම ඉන්න ඕනේ තැන. (ස)

:       0       0

ඉසුරු සම්පත් Monday, 22 June 2015 09:14 AM

අනේ වාසු යන්න ගෙදර. වයසට ගිහින් මොන ඡන්දද (බ)

:       0       0

ද සිල්වා Monday, 22 June 2015 09:18 AM

ඔවු ඉතින් තනියෙන් ඉල්ලුවොත් ඇපත් නැති වෙනවනේ ? පුලුවන්නම් තනියෙන් ඉල්ලලා පෙන්වන්න. (ර)

:       0       0

විජේරත්න Monday, 22 June 2015 09:22 AM

පාර්ලිමේන්තුවට තියා වාසුට රත්නපුරේ නගර සභාවටවත්, වීරවංශට කඩුවෙල නගර සභාවටවත්, දිනේෂ්ට සීතාවක නගර සභාවට වත්, ගම්මන්පිලට "දායක සභාවකටවත්" යන්න බැහැ, හවුලක් නැතුව තනියම ඉල්ලලා. එ්ක නිසා "මහින්ද නැතිව බෑ" තමයි. (බ)

:       0       0

රන්ජිත් -ඩුබායි Monday, 22 June 2015 09:24 AM

එන පාර්ලිමේන්තුවේ ඔබ තුමා සිටිය යුතුම වෙනවා. ජය වේවා. (ම)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 June 2015 04:44 PM

මහින්ද රාජපක්ෂ ඉදිරි මැතිවරණයේදී තරග කරනවාට මම නම් කැමතියි කියල කිව්වේ මනාප ලක්ෂ 3-4 ක් අරගෙන දේශපාලන ජීවිතයෙන්ම චුත වෙනවා දකින්න ඕනේ නිසයි.(නදී)

:       0       0

සෑම් Monday, 22 June 2015 09:30 AM

ලාල්, ලංකාවේ ත්‍රි විල් වලට පටවන පැටවිල්ලේ හැටියට ත්‍රි විල් දෙකතුනක් ඕනෑ නැහැ. එකක් තිබුනාම හොඳටම ඇති. (ර)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 June 2015 04:51 PM

සමන්ති, අපිට කියන්න දෙයක් ඉතිරි නොකළාට ස්තුතියි! (නි)

:       0       0

ඔසන් සලාම් - කටාර් Monday, 22 June 2015 09:33 AM

අනේ මන්ද දිනන්න පුළුවන් අවස්තාවක දිනන්න බැරිවුනානම් කොහොමත් දිනන්නට බැරි අවස්තාවක කෙසේ දිනන්නද ? නිකම් කාලයයි වයසයි නාස්ති කිරීමක්. (ර)

:       0       0

අනිල් Monday, 22 June 2015 09:36 AM

ඔන්න ඉතින් කට්ටිය බූමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ මහින්ද මහත්තයට දිගට හරහට අපහාස කරන්න පටන් ගනියි. දිනන්න හරි පරදින්න හරි ඉල්ලන එක එතුමාගේ අයිතිය (ම)

:       0       0

පරාක්‍රම -ඇඩිලේඩ් Monday, 22 June 2015 09:37 AM

මේ, මං දන්නේ නැති හින්දා අහන්නේ; ඔබතුමා වටා ඇති බලවේගය ගැන ඔබතුමාට හොඳටම ෂුවර් ද ? (ර)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 22 June 2015 09:48 AM

මේ හදන්නේ රෑ වැටුන වලේ දවල් වැටෙන්න ද ? (ර)

:       0       0

ජුනාඩීන් Monday, 22 June 2015 09:53 AM

මහින්ද පෙරටුගාමී අනාථ පෙරමුණ.....(ම)

:       0       0

ලක්මාල් Monday, 22 June 2015 10:18 AM

ඉල්ලන් කන්න යන්නේ... (ර)

:       0       0

සේන Monday, 22 June 2015 10:21 AM

එහෙම නැතුව තමුන්නාන්සේලාට ඡන්දෙ දෙන්න ඉන්නේ කව්ද වාසු මහත්තයෝ. (ම)

:       0       0

ප්‍රසාන් Monday, 22 June 2015 10:29 AM

නැත්නම් ඡන්ද දහයක් ගන්න පුළුවන්. අපිට මතකයි , තනියෙම තරග කරලා ගත්ත ඡන්ද. (ර)

:       0       0

ලියොන් Monday, 22 June 2015 10:34 AM

අපි කැමතියි මහින්දට. මහින්ද කැමතියි ජනතාවට. (ර)

:       0       0

සඳුන් Monday, 22 June 2015 08:28 PM

සමන්, අසභ්‍ය වචන කියන්න ඔහු පෙළඹුනේ ඔහුගේ නායකයා ඒවාට ලැබෙන චියර් එකට කැමතියි කියල දන්නා නිසයි. ගල් ගහනවා කිව්වෙත් එ්කනේ.(නදී)

:       0       0

විජයබාහු Monday, 22 June 2015 11:08 AM

කට්ටිය බය වෙලාවත්ද.? (ර)

:       0       0

දිලාන් Monday, 22 June 2015 11:29 AM

දැන් මේ සංවාදයත් අර බවලතුන් එක්ක පටලවෙන විනාශ කරන්න කලින් අපි පුළුවන් දුරක් යහතින් ගෙනියමු. (ර)

:       0       0

සමන් Monday, 22 June 2015 11:31 AM

අසභ්‍ය වචන කියලා නම කැතකර නොගත්තා නම් එහෙමවත් කරලා බලන්න තිබුනා. දැන් ඒකත් හරියන්නේ නැහැ වගේ. (නි)

:       0       0

ටෙනිසන් Monday, 22 June 2015 11:42 AM

හොඳයි හොඳයි අපි බලමුකෝ... (නි)

:       0       0

කසුන් Monday, 22 June 2015 11:42 AM

ඔව් කරුණාකර ඔය බවලතුන් එක්ක කුඩ මිටි හරස් කරගන්නා මහානාම සහ යහපාල මේ සංවාදයත් කාලා දාන්න කලින් ලියන දෙයක් ලියමු. (නි)

:       0       0

ටියුඩර් Monday, 22 June 2015 11:57 AM

අනේ! අපි මේ බලාගෙන තමයි ඉන්නේ (නි)

:       0       0

දුමින්ද Monday, 22 June 2015 12:00 PM

එකම ගැලවීමේ මඟ! (නි)

:       0       0

මලික් Monday, 22 June 2015 12:27 PM

අනේ මන්දා! මෙහෙම ගියොත් මේ අයට පන්සලට දෙන දානෙත් නැතිකරන පොටක් මේ. (නි)

:       0       0

ෆාහිම් Monday, 22 June 2015 12:37 PM

ඔව් ඉතින් තනියෙන් ඡන්දෙ ඉල්ලුවම ඇපත් නැහැනේ... (ර)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 June 2015 12:44 PM

නිවේදන නිකුත් කරන්න පන්සලටම යන්න ඕනේද?.ඔය ඕන තරම් හෝටල් තියෙන්නේ.(හේ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 22 June 2015 12:47 PM

මම නම් හරිම කැමතියි මහින්ද රාජපක්ෂ ඉදිරි මැතිවරණයේදී තරග කරනවාට..අනේ මෙහෙම තණ්හාවක්.(හේ)

:       0       0

ඒශාන් Monday, 22 June 2015 12:55 PM

මෙය සිදුවිය නොහැකිය.(හේ)

:       0       0

සෙනෙවි Monday, 22 June 2015 01:21 PM

වැඩක් වෙන එකක් නෑ.(හේ)

:       0       0

සමන්ති Monday, 22 June 2015 01:42 PM

සිංහයෙක් මරණ කුණ කෑමට සිඟාල කුලයේ සතුන් පසුපසම එනවා. නැත්නම් ඉතින් ඔවුන්ට බඩගින්නේ මරණය තමයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site