
(ඩයනා උදයංගනී)
චීනයෙන් මෙරටට ගෙන්වීමට ඇනවුම් කර ඇති කාබනික පොහොර තොගය පිළිබඳවම දෙපාර්ශ්වයම පිළිගත් තුන් වැනි පාර්ශ්වයකින් යළි පරීක්ෂණයක් කළ යුතු බව එම පොහොර තොගය මෙරටට සපයන ක්වින්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම අදපෙ (26) නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.
එම පොහොර තොගයේ අර්විනියා බැක්ටීරියාව ඇතැයි ඉන් තහවුරු වුවහොත් ගිවිසුම අවසන් කරමින් තමන් පොහොර තොගය ඉවත් කරගත යුතු බවත්, එසේ නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව කඩිනමින් ගෙවීම් කර එම තොගය ආනයනයට පියවරගත යුතු බවත් එම නිවේදනයේ සඳහන් වේ.
මෙම කාබනික පොහොර තොගය සඳහා සැප්තැම්බර් 17 වැනිදා ණයවර ලිපිය විවෘත කර තිබූ බවත්, ණයවර ලිපියේ සඳහන් භාරදීමේ දිනයට අනුකූලව සැප්තැම්බර් 23 වැනිදා තොගය නැව්ගත කිරීම සිදු වූ බවත් සමාගම නිකුත් කළ නිවේදනයේ සඳහන්ය. පොහොර තොගය නියමිත පරිදි බාරගැනීම වැළැක්වීම සඳහා ගැණුම්කරු කෘත්‍රිම බාධාවක් නිර්මාණය කළේ යැයි සැකකිරීමට හැකි සාධාරණ හේතු තමන්ට පවතින බවද එම සමාගම පවසයි.
එසේම පොහොර තොගයේ බැක්ටීරියාව නොමැති බව තහවුරු වුවහොත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය වහාම අදාළ ප්‍රවෘත්තිය නිවැරදි කළ යුතු බවත්, සාවද්‍ය පුවත් පළකිරීම ගැන නීතිමය තත්ත්වය සොයාබලන බවත් එම නිවේදනයේ දැක්වේ.
මහජන බැංකුව ණයවර ලිපියේ බැඳී සිටින කොන්දේසිවලට අනුකූලව සහ අන්තර්ජාතික වෙළෙඳ නීතිවලට අනුව කටයුතු නොකරන්නේනම්, එම බැංකුව චීනයේ අසාදුලේඛනයට ඇතුළත් කිරීමට හෝ චීන ආයතන එකී බැංකුව සමඟ ගනුදෙනු කිරීම වැළැක්වීම සඳහා යෝජනා කරන බව ද ක්න්ඩාඕ සීවින්ග් බයෝටෙක් ගෘප් සමාගම සිය නිවේදනයේ දක්වා ඇත.
එම කරුණ සුදුසු ලෙස නොවිසඳුණහොත් එය ශ්‍රී ලංකා රජයෙ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කීර්තිනාමයටද බල පා හැකි බවත්, එය ඉදිරියේදී චීන සමාගම් සමඟ ගනුදෙනු කිරීම සම්බන්ධ අවදානමක් ගෙන දිය හැකි බවත් නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
COMMENTS
දැන් ඉතිං ඕක රටට බාගන්නයි වෙන්නේ.
කෝ මේ අසමත් ගෝඨා සහ අපත රැල.
කොහොමද චිනාගේ වැඩ?
හරි දැන් අපේ ආචාරියෝ මහාචාරියෝ ඔක්කොම ගිරව් වගේ කියයි. ලෝකෙ හොදම පෝර ටික අපේ නිළධාරීන්ගේ නොසැලකිල්ල නිසා තව ඩිංගෙන් හරවලා යවනවා. සිදුවූ අත්වැරැද්දට චීනයෙන් සමාව ඉල්ලනවා.
ඔය ගොල්ලන්ට දැන් සැපද ?
දැන් බලමුකො හෙට අනිද්දා වෙනකොට ඔය නැවෙන් චීන ලෙඩ පෝර ටික ගොඩ බාලා ගොයමට දාලා අපිටම කවන හැටි
කොහොමද චීනාගේ තරවටුව? දැනට මෙහෙම නම්, තව තව කල්යාමේදී කොහොම වෙයිද කියා හිතන්න පුළුවන්
දැන් බලාගන්න පුළුවන් පත් කරගත්තේ සිංහයෙක්ද හිවලෙක්ද කියලා
කෝ අර රවීන්ද්‍ර මේකේ කොටන හාදයා, තවම නිදි.
පඹයා කිව්වේ මටනේ දැන් බලන්න කවුද පඹයා කියලා.
අපේ පරීක්ෂණ වලින් අසමත් ඒ නිසා ඕක අරගෙන යන්න කියලා කියන්න පුළුවන් වියතෙක් නැති හැටි.
චිනගේ බඩු නොගෙන ඉමු. ඔහොම බලෙන් අපේ ඇඟේ කුණු ගොඩවල් ගහන්නේ අපේ කොන්ඩේ බඳින චීන්නු ඉන්න නිසයි.
ඉස්සෙල්ලාම කියන්න කවුද මේ විදියට මේ අවදානමක් සහිත පොහොර ගෙන්නන්න ඇනවුම් කරගෙන හිතුමතයට හොයන්නේ බලන්නේ නැතුව තීන්දුව දුන්නේ අණ දුන්නේ කියලා. මොකද මේ වගේ දෙයක් උනොත් කාට කියන්නද කියලා හිතන්න තරම් වත් අබ මල් රේණුවක වත් මොළ කළදක් ඒ මිනිහගේ නම් හිස් කබල ඇතුලේ තියෙනවා කියල් නම් හිතන්න බැහැ. ඔහුට ටොකු සියක් ඇන්නත් මදි.
කෝ අපේ වී 8 සාදුලා ටික ?
වසර 2500 ක විභූතිය .සිංහල බෞද්ධ සංස්කෘතිය ,අන්තිමේට චීන්නුන්ගේ අසූචි බංගලිදේශයටත් ණය වෙලා ගෙන්න ගෙන .අපේ අභීත නායක සෙට් එක
ගව මොළයකින් රටකට මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක. ගවයා රට ඇතුලත් චෝර කර ඇත. රට ජාත්‍යන්තරයේත් සාර්ථකව චෝර කරමින් ඇත.
පොහොර සමාගම් වලින් සල්ලි අරන් වැරදි පරීක්ෂණ ප්‍රතිපල නිකුත් කර තිබීමට ඉඩ ඇති නිසා තව අවස්ථාවක් දෙන එක හොඳයි
මේ අපේ රටට, අපේ මාද්‍ය වලට තර්ජනය කරන්නේ චීනයේ සමාගමක් අපි බලමු අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ වලට විරුද්ධව ජීවිතය පරදුවට තියල රට බේරගගන්න කෑගහන අය මේ සමාගමක් රටට කරන තර්ජන වලදී හැසිරෙන හැටි.
දැන්වත් තේරනවද යුධ ජයග්‍රහණයට නායකත්වය දීලා තියෙන්නේ නන්දසේන නෙමෙයි වෙන පුද්ගලයෝ කියලා
කැලේ සහ කාන්තාරයේ සිටි උග්‍ර විෂ සහිත නයි පොළොංගු ඇතුළු සියලු සර්පයන් රෙද්ද අස්සෙ දාගෙන වෙච්ච වින්නැහිය කියලා නිමකරන්න බැහැ. මගට බැස්ස වියතුන් සැලසුම් කිරීම සංවිධානය මෙහෙයවීම හා පාලනය යන කරුණු නොදැන සියල්ල දන්නෙ අපි පමණයි මතයේ සිට ගත් තීරණ නිසා රට විනාශ වෙමින් පවතී. අහෝ ලංකා මාතාවනි මෙහෙව් පාලකයින් පත්කර ගත් මෝඩයින්ට අනුකම්පා කරන්න
අහක ඉන්න නයි ගෙට දාගෙන රටටම අද නිවට වෙලා
දැන් මුන්ගේ ඕනෙම ජහ ජරාවක් භාර ගන්න වෙලා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ මේවා මතුරපු අය අද කතා නෑ .රට වැටිලා තියන අගාධයක් මේකද ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරනවා කිව්වේ
ඔව්. අපේ සුපිරි දේශපාලනඥයන්ට ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් අදාළ චීන සමාගමට පෙම් හසුන් පිරිනැමිය හැකියි.
අපේ උන් හිතන් ඉන්නේ චීනේ ඉන්නේ ගොන්නු කියල. වයර් මාරුකරගෙන. අපේ ගොන්නුන්ට ජීවිතාන්තය දක්වා ඉගෙන ගන්න දේවල් චීන තාක්ෂණයේ තියෙනවා බොලව්. පල දැන් ඔප්පුකරල පෙන්නුවේ බැක්ටීරියා ටිකක් ඉහලා හරි.
මොන අමන මනුස්සයද මේ පොහොර ඇනවුම් කලේ ?
අරාබි කාරයන්ට වඩා චීනෙන් හොඳයි .දැන් කාපල්ලා ගූ
කෝ සිංහයෝ වගේ කතා කරපු අය ආයෝජකයෝ කියලා මොකුන්ද මේ ගෙන්න ගෙන තියෙන්නේ
ප්‍රභාකරන් හිටියා නම් නන්දසේනට ගහන්නේ කනට... ඒ වගේ කෙනෙක් පුම්බපු බැලුමක් විතරයි.
කෝ අනේ රවීන්ද්‍රරයි, ගල් බමුණයි? මොකෑ කරන්නේ..? සද්දයක්ම නැහැ නොවැ...
චීනට නැවෙන්න වෙනවා අනිවා. බලෙන් හරි ඕක මෙහේ බානවා. ඊටපස්සෙ මහ එක්කෙනාටයි ඇමතියටයි ඕක ගෙන්නපු අයටයි පරපුරේ අයටයි ඕකෙන් අග්ගලා හදං කන්න කියන්න. රටකාල ඉවරයි.