IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


චීවරයට අගෞරව කළ විමල බුද්ධි යළි අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

බෞද්ධයන්ට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර, ඒවා අන්තර්ජාලයට මුදාහැර මෙන්, ඉදිරිවාදිකම්වලට පෙළඹවීමේ  ක්‍රියාවන් වල නිරත වෙමින් සිටි රත්නපුරේ විමල බුද්ධි නමැති චීවරධාරියා පරිගණක අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට  ගනු ලැබ ඇත.

සැකකාර චීවරධාරියා   අත්අඩංගුවට ගත් දෙවැනි අවස්ථාව විය.

සැකකරු මීට පෙර මෙම චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර පත් කර ඇප මත මුදා හැර සිටියදී, ඔහු අධිකරණ නියෝග නොතකමින් යළිත්  දිගින් දිගටම  මෙම  ක්‍රියාවන්වල  නිරතවීම නිසා  ඊයේ (20) රාත්‍රියේ මොහු අත්අඩංගුවට ගෙන ඇත

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය මොහු සම්බන්ධයෙන්  දෙවන වරටත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව.. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.



අදහස් (8)

චීවරයට අගෞරව කළ විමල බුද්ධි යළි අත්අඩංගුවට

Wimalasiri Sunday, 21 January 2024 10:49 AM

මේ මනුස්සයා රත්නපුර කිව්වාම කොහේද සාමාන්‍යයෙන් රත්නපුර දිස්ත්‍රික්කය අවිස්සාවේල්ල ආසන්න දිවුරුම්පිටියේ සිට ඇඹිලිපිටිය පාස්කර බරවකුඹුක දක්වාද තවත් පැත්තෙන් වැද්දාගල සිංහරාජය ආසන්නවද, තවත් පැත්තකින් බදුල්ල ආසන්න දුරකට රත්නපුර දිස්ත්‍රික්කය තියෙනවා. මිනිස්සු කොහේ සිටියත් කියන්නේ රත්නපුර කියලා තමයි... එහෙම කෙනෙක් ගැන මෑතක් වෙනතුරු අපි දැනගෙන හිටියේ නැහැ. මෙයාටත් අනුගාමීකයින්ටත් නොපමාව මානසික ප්‍රතිකාර දෙනවා නම් හොඳයි..

:       0       0

Chamila Fernando Sunday, 21 January 2024 11:27 AM

කිසිම ආගමක ගරුත්වය නැතිවෙන විදියට එක එකාට හැසිරෙන්න ඉඩ තියන්න හොඳ නැහැ. රටක මේවා නවත්වන්න නීති නැතිනම් අවසානයේ වෙන්නේ මිනිස්සු නීතිය අතට ගන්න එකයි. රට පාලනය කරන අය සහ වගකිය යුතු ආගමික නායකයින් නිසි පියවර ගතයුතු වෙනවා...

:       0       0

Bamunuarachchi Sunday, 21 January 2024 12:28 PM

මු මෙලොව හැර යන්න කාලේ හරි. මුන් හිටියොත් බුද්ද සාසනය ඉවරයි.

:       0       0

ප්‍රබුද්ධ Sunday, 21 January 2024 12:35 PM

ඔය නමේ පළමු කොටසේ දෙවැනි අකුර වෙනුවට ක අකුර යෙදුනොත් හොඳයි, ඔහුට වෙලා තියෙන්නේ ඒක තමයි...

:       0       0

Rata Perata Sunday, 21 January 2024 02:51 PM

ඔන්න ඔය මිනිහා මානසික රෝහලකට යවන්න

:       0       0

Upul Sunday, 21 January 2024 04:57 PM

ඔය පුද්ගලයා පමණක් නොවේ .අසූචි වලට නිලමැස්සෝ වගේ ඔහුගේ ආන්දෝලනාත්මක බව පාවිච්චියට අරගෙන ඔහුව සම්මුක සාකච්චා වලට යොදා ගත් අයද නීතිය හමුවට පැමිණිය යුතුයි

:       0       0

samarasinghe Sunday, 21 January 2024 06:52 PM

මේ මෝඩයින්ව අල්ලාගත්තාට වැඩක් නැහැ,මුන්ට සල්ලි දීලා එවන මහින්ද රාජපක්ෂ කියන හොර නාකි ගම් කබරයාව අල්ලාගන්න.

:       0       0

Lalla Sunday, 21 January 2024 07:34 PM

විශාල නාගයෙක් දැක්කා නායක තැන බුදුදහමට සැබෑ ගෞරවයක්ද දුන්නේ... එයාටත් මේ දඬුවම දෙන්න ඕනෑ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site