ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ළැව් ගිනිවලට බිලිවුණු ගණන 112 තෙක් ඉහළ ගොස් තිබුණි.
ළැව් ගිනි දරුණු ලෙස පැතිර යන්නේ වැල්පාරිසෝ නමැති පළාතේය. විනාදෙල් මාර්, ලිමාචේ, ක්විල්යුයේ සහ විලා ඇලෙමානා යන නගරවලට ළැව් ගිනි ව්‍යාප්ත වී ඇත. ළැව් ගිනි හේතුවෙන් විනාශ වූ නිවාස ගණන 6,000 කට වැඩිය.
ළැව් ගිනි හේතුවෙන්, චිලී රාජ්‍යයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති ගේබ්‍රියෙල් බොරික් පියවර ගෙන ඇත. ජනාධිපති ගේබ්‍රියෙල් බොරික්, ඊයේ (4) විපතට පත් වුණු සහ නිවාස අහිමි වුණු නගර වැසියන් හමුවී ඔවුන් සමඟ සාකච්ඡා කළේය.
රෝහල්වලට ගොස් ප්‍රතිකාර ලබන වැසියන්ගේ සුවදුක් විමසා බැලුවේය.
ළැව් ගිනි පාලනයට, විපතට පත්වූවන්ට පිහිටවීමට සහ තුවාල ලැබූවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට හැකි සෑම දෙයක්ම කරන්නැයි චිලී ජනාධිපතිවරයා අදාල බලධාරීන්ට උපදෙස් දී තිබේ.
ළැව් ගිනිවලට හසුවීමෙන් සහ දුම් ආඝ්‍රාණය වීමෙන් රෝහල්ගත කළ පිරිස දහසකට වැඩිය.
චිලී රටේ වාර්තා වූ දරුණුතම ළැව් ගිනි තත්ත්වය මෙය යැයි පැවැසෙයි. වියලි කාලගුණය සහ වියලි සුළං හේතුවෙන්, ළැව් ගිනි පාලනය කර ගැනීමට ගිනි නිවන භටයන්ට නොහැකි වී ඇතැයි ද පැවැසෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
චිලී වැසියෝ 112 ක් පණ පිටින් පිළිස්සෙති