IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


චූලෝදර මහෝදරට එරෙහිව කැලණියේ දී යුද්ධ ප‍්‍රකාශ කරයි

”පිබිදෙන කැළණිය යැයි පවසමින් කැළණිය සංවර්ධනයට මුදල් එකතු කළා. නමුත් එයින් මොනවද කළේ. කැළණියේ ජනතාවට එක රැකියාවක් මර්වින් සිල්වා ලබා දුන්න ද? රජයෙන් ලැබුණු රක්‍ෂා ටිකට මොනවද වුණේ? ඒකත් විකුණන් කාලා. ඒකයි අපට තිබෙන ප‍්‍රශ්නය,” කැළණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර මහතා එසේ පැවසීය. කැළණියේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ රැස්වීමක් කැළණිය ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේ දී අද දින පැවැත්විණි. කැළණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මේ රැස්වීම ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති චමිල දුමින්ද මහතා ඇතුළු මන්ත‍්‍රීවරු 12 දෙනෙක් සහභාගි වූහ. ජයන්ත කබ්රාල්, තිලක් වීරසිංහ, පී. රෝහිත මන්ත‍්‍රීවරු සහභාගි නොවූහ. පෑලියගොඩ නගර සභාවේ නගරාධිපති නිහාල් ආනන්ද මහතා ඇතුළු නාගරික මන්ත‍්‍රීවරු පස් දෙනෙක් ද සහභාගි වූහ. සභාපති රණවීර මහතා මෙසේ ද පැවසීය. ‘‘කැළණිය සුරැකීමේ සටනට අපි ඉන්නවා. මෙතන බාර්කාරයන් බූරුකාරයන් කප්පම්කාරයන් නැහැ. මේ අහිංසක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අයයි ඉන්නේ.‘‘ කිරිබත්ගොඩ සති පොළ ටෙන්ඩර් කළා. ඒකටත් මර්වින් සිල්වා මහතා බලපෑම් කළා. අපි කප්පම්වලට විරුද්ධයි. මත්ද්‍රව්‍යවලට විරුද්ධයි. අපට අද මරණීය තර්ජන. ඒත් අපට ජනතාව ඉන්නවා. මා සල්ලි උපයන්නේ මගේ ව්‍යාපාරවලින්. නමුත් කප්පම් සල්ලි එකතු කරන අය ඉන්නවා. පිබිදෙන කැළණිය කියමින් මුදල් එකතු කරනවා. ඒවායින් කළේ මොකක් ද? කැළණියේ බාර් 40ක් තියෙනවා. ඒවායින් මාසෙකට රු. ලක්‍ෂ 4ක් ලැබෙනවා. අපේ පක්‍ෂයේ එක් කෙනෙකුට තහඩු 10ක් දී තිබෙනවාද? රජයෙන් ලැබුණු රක්‍ෂා ටිකට මොනවාද වුණේ? කාට ද දුන්නේ? අපට තිබෙන ප‍්‍රශ්නය ඒකයි. බොරුවයි වාචාලකමයි තවත් ඉවසන්න බැරි නිසයි මේ තීරණය ගත්තේ. උප සභාපති චමිල දුමින්ද, මන්ත‍්‍රීවරුන් වන හසිත මඩවල, චතුර ධනුෂ්ක, ලංකා විජිත කුමාර මහත්වරුන් ද පෑලියගොඩ නගර සභාවේ සභාපති නිහාල් ආනන්ද මහතා ද අදහස් දැක්වූහ.



අදහස් (0)

චූලෝදර මහෝදරට එරෙහිව කැලණියේ දී යුද්ධ ප‍්‍රකාශ කරයි

රංජිත් Sunday, 08 January 2012 09:22 PM

දිට්ට ධම්ම වේදනීය කර්මය කියන්නේ මේකට..

:       0       0

asa Sunday, 08 January 2012 09:23 PM

මර්වින් සිල්වා මහතාට මොනවාදකරන්න යන්නේ? අපට තිබෙන ප‍්‍රශ්නය ඒකයි.

:       0       0

සංක Sunday, 08 January 2012 10:43 PM

මෙන්න මෙහෙම කොන්ද පන තියන අය තමයි අපට ඕන.. ජයවේවා..

:       0       0

සම්පත් Sunday, 08 January 2012 11:42 PM

ගමේ අය ගමට පිහිට වෙන්න ඕන..

:       0       0

appuhamee Monday, 09 January 2012 01:18 AM

හැමදාමත් බොරුව රජ කරන්නේ නැහැ.

:       0       0

සුමිත් ලියනගේ Monday, 09 January 2012 02:20 AM

නියමයි ඔහොම යන්..

:       0       0

ජගත් කිත්සිරි Monday, 09 January 2012 05:00 AM

ජයවේවා..

:       0       0

DEEGALA Monday, 09 January 2012 05:13 AM

දෙගොල්ලොම එකයි

:       0       0

lanka lover Monday, 09 January 2012 07:05 AM

ඇති යන්තම් දැන්වත් තේරුනා..

:       0       0

ඉංදික Monday, 09 January 2012 08:10 AM

කරනකලට පව් මිහිරිය මී සේ....... විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ...

:       0       0

aji Monday, 09 January 2012 11:48 AM

ගස් බදින්න ඕන

:       0       0

උදාර බුද්ධික Monday, 09 January 2012 12:17 PM

තේරුම් ගනිද්දි ගොඩාක් ප්‍රමාදයි???

:       0       0

මාතර Monday, 09 January 2012 01:34 PM

රජයට දැන්වත් තේරෙනවනම් මේක රටේ වාසනාවක්

:       0       0

mdd Monday, 09 January 2012 02:43 PM

මෙයත් අවසානයේ මර්වින් සිල්වාට හානියක් නොවන අයුරින් නිසි බලධරයන් විසින් විසදනු ඇත.

:       0       0

එච්.සී නානායක්කාර Friday, 13 January 2012 01:04 PM

රජකම් කළත් කලකම් පළදේ

:       0       0

දර්ශණ Monday, 09 January 2012 06:08 PM

රගපෑම වැඩියි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 673 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site