ශ්රී ලංකා ජාතික ක‍්‍රිකට් පිලේ කළමණාකරු ලෙස වසරකට අධික කාලයක් කටයුතු කළ චරිත් සේනානායක මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේදී මේ මස අගදී ආරම්භ වන බංග්ලාදේශ සංචාරයේ ශ්‍රී ලංකා පිලේ කළමණාකරු ලෙස මයිකල් ද සොයිසා මහතා පත්කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ කණ්ඩායම් බාර නිලධාරියා ලෙස වසර කීපයක් අඛණ්ඩව කටයුතු කළ චන්ද්‍රා රොද්‍රිගු මහතා ද එම තනතුරෙන් ඉවත් කර තිබේ.
ඕස්ටේ‍්‍රලියාවේදී පසුගියදා අවසන් වූ සංචාරය අතරතුරදී පුවත්පතක පළවූ වාර්තාවකට ක‍්‍රිකට් ආයතනයේ අනුමැතියෙන් තොරව ප‍්‍රතිචාර දැක්වූයේ යැයි කියන සිද්ධියකට හිටපු නායක මහේල ජයවර්ධනට සහ කළමණාකරු චරිත් සේනානායක මහතාට චෝදනා එල්ල විය.
ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ අනාගතය පිළිබඳව අවධානය යොමු කරමින් සේනානායක මහතා කළමණාකාර ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කළ බවයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
චරිත් සේනානායක ජාතික ක‍්‍රිකට් පිලේ කළමණාකාර ධූරයෙන් ඉවත් කරයි
මනෝජ් Tuesday, 12 February 2013 01:20 PM
මහේලටත් මේ ඉරණම අත් වෙයිද ? (ස)
බන්දුල -කටාර් Monday, 11 February 2013 07:35 PM
ඔය තනතුරට ක්‍රිකට් ගැන හසල දැනුමක් ඇති කෙනෙක් පත්කලොත් නරතද?(නදී)