IMG-LOGO

‘චමල්ගේ කකුලෙන් අදින කට්ටියක් ඉන්නවා‘

‘හොඳ දේශපාලන නායකයෙකු වන හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා බාරගන්නවා නම් , ඇමති තනතුරක් ඕනෑම මෙහොතක දෙන්න ජනාධිපතිතුමා සූදානම්  යැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (21) පැවසීය.

‘චමල් රාජපක්ෂ මහතා  හම්බන්තොට දිස්ත්‍රීක් සංවර්ධන කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන්න කැමතියි .නමුත් එතුමාට ඒක හරියට කරන්න ඇතැම් අය ඉඩදෙන්නේ නැහැ .ඒ නිසයි මම හම්බන්තොට දිස්ත්‍රීක් සංවර්ධන කමිටුවේ නව සම සභාපතිවරයා ලෙස එම ධූරය භාර ගත්තේ ‘ යැයි කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය   අමරවීර මහතා මේ බව කියා සිටියේය.

චමල් රාජපක්ෂ මහතා සිටියදී හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ නව සම සභාපති ධූරය බාර ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී හෙතෙම මේ බව  පැවසීය.

‘‘හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ නව සම සභාපති ධූරය මම බලෙන් ගත්තේ නැහැ.මම හෙට වුනත් මේ තනතුර චමල් රාජපක්ෂ හිටපු ඇමතිතුමාට දෙන්න සූදානම්.පසුගිය වාර දෙකකදී හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුව රැස් වුණා. ඒත් ඒ අවස්ථා දෙකේදීම එතුමාට සහභාගි වෙන්න බැරි වුණා. එතුමා මේ ධූරයේ කටයුතු කරන්න සමහරු ඉඩ දෙන්නේ නැහැ.හොඳ දේශපාන නායකයෙක් ලෙස එතුමාට ඇමතිකමක් දෙන්න  ජනාධිපතිතුමා ඕනෑම අවස්ථාවක සුදානම්.‘‘

RDS_5399



අදහස් (0)

‘චමල්ගේ කකුලෙන් අදින කට්ටියක් ඉන්නවා‘

නිම්මි Thursday, 21 July 2016 02:52 PM

මහින්දට බැන බැන දැන් අනිත් අයත් කරන්නේ ඒවම නේද? (හේ)

:       0       0

ටිරෝන් Thursday, 21 July 2016 03:07 PM

මේ අයට වැටුප් සහ නඩත්තු ගෙවන්නේ ගෙදරින් ගෙනත්ද ? (බ)

:       0       0

ලුසේනා Thursday, 21 July 2016 03:26 PM

එතකොට අලුත් ඇමැතිට වැටුප් ගෙවන්නේ අමරවීරගේ පුද්ගලික බුදලයෙන්ද? තවත් ජනතා මුදල් කාබාසිනියා කරන්න එපා (බ)

:       0       0

අසෝකා Thursday, 21 July 2016 03:50 PM

අඩු කරනවා කියපු ඇමති මණ්ඩලේට හැම හෙන්චයියෙකුට තමන් කැමති කෙනෙකුට ඇමති කම් දෙන්න පුළුවන් කොයිතරම් නිදහස් රටක්ද මේක?තමන්ගේ බඩ ගැන විතරක් හිතන මේ තිරිසන්නු කවදා ඇපයෙන් ගොඩ එයිද? (බ)

:       0       0

විජේසුන්දර Thursday, 21 July 2016 05:50 PM

බල්ලොත් එක්ක ලැග්ගොත් මැක්කොත් එක්ක නැගිටින්නට සිදුවෙනවා යැයි කියමනක් තියෙනවා. එතුමා වගේ අය ඔය කැබිනට්ටුවට දමා ගත්තොත් ගොම හැලියට කිරි කෝප්පයක් වැටුනා වගෙයි. (නි)

:       0       0

නිහාල් Thursday, 21 July 2016 06:44 PM

ඔබගේ මුහුණේ ඇති මේ සන්තුෂ්ටිය ජනතාවට සේවය කළ නිසාද? (නි)

:       0       0

බුද්ධික Thursday, 21 July 2016 10:12 PM

අනේ මෙහෙමත් කතා! (නි)

:       0       0

ටිෂාන් Friday, 22 July 2016 12:07 AM

ගෙදරින් ගේන සල්ලි වලින් වෙන්ක ඇති ඇමතිලාගෙ වියදම දරන්නේ. මේ වගේ කතා කියන අය නිසා තමයි මේ ආණ්ඩුවත් අපිට එපාවෙන්නේ (නි)

:       0       0

සෑම් Friday, 22 July 2016 01:05 AM

මෙච්චරටම එතුමා ගන්න හදන්නේ ඇයි කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)

:       0       0

මිලින්ද Friday, 22 July 2016 01:11 AM

තව තව ඇමතිකම් දෙනකම් ඉන්න ඇමතිලා අඩුකරලා රටට වන බර අඩුකරන ක්‍රමයක් හිතන්නකෝ (නි)

:       0       0

නීල් Friday, 22 July 2016 01:13 AM

එකපාරක් කට ඇරියහම ඇති ජනතාවට තේරුම්ගන්න, කෙනා කවුද කියලා. ඔයාටත් ලකුණක් ඔන්න අද දැම්මා. (නි)

:       0       0

නන්දන Friday, 22 July 2016 01:11 AM

ඔච්චර ආදරේ නම් ඔය ඇමතිකම දෙන්නකෝ. එතකොට රටට සේවයක් කළා වෙනවා. සේවය කරන්න ඇමතිකම් අත්‍යවශ්‍ය නැහැ කියලා ඔය සමහරු කියන්නේ. (නි)

:       0       0

සිල්වා Friday, 22 July 2016 02:15 AM

මහින්දගේ ඔක්කොටම ඇමතිකම් දෙනවා නම් අපරාදෙනේ ඡන්දයක් තියන්නේ (නි)

:       0       0

බංඩාර Friday, 22 July 2016 03:11 AM

ඇමතිකම් දෙන්නේ අම්මා අප්පාගේ බූදලයක් කියලා හිතාගෙනද? (බ)

:       0       0

කුමාර් Thursday, 21 July 2016 11:41 AM

ඇමැති කමක් දුන්නොත් නරක නැද්ද?(හේ)

:       0       0

නෙලුම් Friday, 22 July 2016 05:30 AM

ඇමතිකමක් නොවේ රජකම දෙනවා කිව්වත් රාජපක්ෂලා බලු වෙන්නේ නෑ (බ)

:       0       0

සිසි Thursday, 21 July 2016 12:28 PM

හිතුන හිතුන හැටියට ඇමැති තනතුරු දෙන්නේ එකත් එක්තරා අන්දමක අල්ලසක් නේද.(ම)

:       0       0

ඇසළ Thursday, 21 July 2016 01:13 PM

දන්නවද අමරවීර උන්නැහේ "තණකොළ නොබුදිති සිංහ පැටවූ".(බ)

:       0       0

ගාමිණි Thursday, 21 July 2016 02:01 PM

ඇත්තට? (හේ)

:       0       0

වින්සන්ට් Thursday, 21 July 2016 02:19 PM

ජනතාවගේ ගෞරවය හිමිවෙන දේශපාලන චරිතයකි. වර්තමාන ජනාධිපතිතුමාගේ දේශපාලන ගමනටත්,ශ්‍රීලංකා නි. පක්ෂයේ ඉදිරි ගමනටත් චමල් රාජපක්ෂ මහතාට ඉටුකළ හැකි සේවය අපමණය. එය බොහෝදෙනාගේ සතුටටද හේතු වෙනවා ඇත. (අ)

:       0       0

දුසාර Thursday, 21 July 2016 02:26 PM

මේ ඔක්කොම අවස්ථාවදියෝ (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 333 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 808 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 146 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site