චාමර සිල්වාගේ චිත්තාකර්ශනීය ලකුණු 163 නිසා කොළඹ එස්. එස්. සී. පිටියේදී ඊයේ (20 වැනිදා) ආරම්භ වූ තුන්දින පුහුණු තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 376 ක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල සමත් විය. මේ වනවිට ඉතාමත් හොඳින් ලකුණු අතර සිටින චාමර සිල්වා, එංගලන්ත පන්දු යවන්නන්ට රිසි සේ පහර දෙමින් අලංකාර හතරේ පහර 25 ක් සහ හයේ පහරක්ද සිය ඉනිමට ඇතුළත් කළ අතර ලකුණු 1 කට කඩුල්ලක් දැවී අසීරු තත්ත්වයේ සිටි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල තමන් දැවීයාමට පෙර කඩුලූ 3 කට 282 ක් දක්වා ඉහළට ඔසවා තැබීය. එංගලන්ත පන්දු යවන්නන් අසීරු දිනයක් ඉතිරි කළ සිල්වා සහ තිළිණ කණ්ඩම්බි දෙදෙනා තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 150 ක සම්බන්ධතාවක් ගොඩනැංවූයේ ඕවර 38.4 කිනි. කිසිදු ආයාසයකින් තොරව ඩ‍්‍රයිව්, කට් සහ පුල් පහරවලින් එංගලන්ත පන්දු යවන්නන්ට සංග‍්‍රහ කළ චාමර දැවී ගියේ ස්ටීවන් ෆින්ට ගැසූ හුක් පහරකින් ලෝන්ග් ලෙග් හි සිටි ජොනතන් ට්‍රොට් උඩපන්දුවක් රැකගැනීම නිසාය. ඒ වන විට විනාඩි 281 ක් පිටියේ රැඳී සිටි චාමර පන්දු 181 කට මුහුණ දී තිබිණ. එංගලන්ත පන්දු යවන්නන් කෙතරම් තදින් පහර කෑවාද යත් සභාපතිගේ පිලේ ලකුණු 300 ගලා ආවේ විනාඩි 304 කිනි. ලකුණු 350 වාර්තාවූයේ විනාඩි 352 කිනි. ඒ අතරවාරයේදී එංගලන්ත පිලේ ප‍්‍රබලතම ද`ග පන්දු යවන්නා වන ගේ‍්‍රඒම් ස්වෝන්ගෙන් ඕවර 21 කදී ලකුණු 102 ක් ලබාගැනීමට ශී‍්‍ර ලංකා පිතිකරුවන් සමත් වූයේ එකම කඩුල්ලක් හෝ දවාගැනීමට ඔහුට අවකාශ නොතබමිනි. අද තරගයේ දෙවැනි දිනයයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චාමර සිල්වා විශිෂ්ට පිතිහරඹයක